[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ප්‍රඥාවෙන් දත යුතු බුද්ධාදී තෙරුවන් ගුණ

කස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජා සවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණංහොති ඛීණාජාති, වුසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි, තථාගත නිසෙමිතං ඉතිපි, තථාගත රඤ්ජිතං ඉතිපි එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරිය සාවකො නිට්ඨං ගතොහොති සම්මා සම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතො සාවක සංඝෙති, එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති. සිරි සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාම මහා විහාරයෙහි වැඩ වසන සමයෙක එම නගරවාසී ජානුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර බුද්ධාදී තෙරුවන් හඳුනා ගැනීම පිළිබඳ ඉතා ගැඹුරු සාකච්ඡාව ඇතුළත් චුල්ලහත්ථි පදෝප ම සූත්‍ර ධර්ම දේශනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 02ට පසු භාරත දේශයෙන් ලක්දිවට වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර අඹතලා පර්වත මුදුනේ වැඩ සිට දෙවනපෑතිස් මහ රජතුමන්ට බුද්ධාදී තෙරුවන් හඳුන්වාදීමට දේශනා කර වදාළ සේක. මෙම චුල්ලහත්ථි පදෝපම සූත්‍රාන්ත ධර්ම දේශනාවේ ප්‍රධාන කරුණු 05ක් ඇත. ජානුස්සෝණි බමුණා හා පිලෝතික පරිබ්‍රාජකයා අතර සංවාදය, ජානුස්සෝණි බමුණාගේ ඇත් පියවර උපමාව, පිලෝතික පරිබ්‍රාජකයා බුදුරදුන් හමුවීමට යාම, බුදුරදුන් ඇත් පියවර උපමාව විස්තර කිරීම, ආර්ය ශ්‍රාවකයා බුද්ධාදී තෙරුවන් යථාර්ථයෙන් හඳුනා ගැනීම හා නිර්වාණ ශාන්තිය යි. බුද්ධාදී තෙරුවන හඳුනා ගැනීමේ දී ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් අත්‍යවශ්‍ය වන අතර, එය අනුමානයෙන් කළ හැකි දෙයක් නොවන්නේ ය. පාරම්පරික ව පැවතෙන හැඟීමෙන් තෙරුවන් හඳුනා ගන්නා බොහෝ දෙනා වෙනත් දෘෂ්ටිවාදී අරමුණු වෙත ද යොමු කිරීමෙන් උතුම් තෙරුවන සරණයාම සිරිතක් වශයෙන් කර ගෙන එන්නේ ය.


වප් අමාවක

 ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03.53 අමාවක ලබා නොවැම්බර් 01 සිකුරාදා
අ.භා. 06.16 ගෙවේ.
31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]