[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මේ සුපින්වත් කඨිනත්ථාර සමයයි

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදු කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්‍ෂුන් වහන්සේ අදට යෙදෙන වප් පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැදින්වේ. මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ. දුරාතීතයේ සිට ම අපේ නරපතියන් බොහෝ දෙනකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ සඳහන් වේ. එමෙන් ම සයවැනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රි සිංහලයෙහි ම වස් විසු භික්‍ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් ය. කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදී රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත. අදින් ඇරඹෙන දින විසි නවයක් තරම් වූ ඉතා සීමිත කාල පරාසය තුළ මෙම අසිරිමත් මහා පින්කම පැවැත් වේ. එම කාලය කඨිනාස්ථර කාලය වශයෙන් පරිවාර පාලියෙහි “කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ”යනුවෙන් සඳහන් වේ. එහි අදහස වන්නේ වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු බව ය. කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නො බිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ්ව ඇති අතර, මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේ ද මේ සඳහා සහභාගි ව ඇත. උන්වහන්සේගේ මහත් වර්ණනාවට ද ලක්ව ඇති මහා පින්කමකි.


වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]