[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික සෝමවති පුදබිමේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට අසිරිය ගෙනෙන මුණ්ඩිගල සෙනසුන

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින බිම අසිරිමත් පුණ්‍ය භූමියකි. මේ පුදබිමේ වාර්ෂික ව සිදු කරන පින්කම් අතුරින් සුවිශේෂී වන්නේ කඨින මහා පින්කම් මාලාවයි. එම පින්බර අවස්ථාව උදාකර ගැනීම ම මහත් වූ පුණ්‍ය කර්මයකි. එය ඉතාමත් භාරදූර කටයුත්තකි. විශාල සංවිධාන ශක්තියක් දරමින් සිදුවන කටයුත්තකි. ඒ සඳහා මෙවර මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අවිස්සාවේල්ල මුණ්ඩිගල අරණ්‍ය සේනාසනාධිපති අසරණ සරණ කම්මට්ඨානාචාර්ය මිල්ලෑවේ මහින්ද නායක ස්වාමීන් වහන්සේ විසිනි. මේ සඳහා උන්වහන්සේට දායකත්වය ලබා දෙන්නේ මාතර වෙහෙරහේන විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ බෞද්ධ මණ්ඩලයේ සභාපති සුමී ගායක මිත්‍රපාල මහතා ය. සෝමවති රාජ මහා විහාරයේ දායක දායිකාවන් හා ඓතිහාසික මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනයේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් යුතු ව සිදු කරන මේ කටයුත්ත මෙම 19 සහ 20 වැනි දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]