[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තිස්සමහාරාම සෑ රදුන් වහන්සේ.
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

නිකිණි අමාවක

සැප්තැම්බර් 02 සඳුදා
පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

 

සංසාරගත බන්ධනයෙන් මිදීමේ මාර්ගයට පිවිසෙන්න

සහස්සම්පි චෙ ගාථා - අත්ත්‍ථපදසංහිතා එකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපස්මති තී, මේ සංසාරයේ සත්ත්වයා බැඳිලා ඉන්නේ, මේ සත්ත්වයාගේ බන්ධනය ගෙතිල තියෙන්නේ, සිතිවිලිවලින්. ඒ නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් සිතිවිල්ලේ ස්වභාවය, සිතිවිල්ල කොහොම ද කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතු ව තිබෙනවා. ලෝකේ ඇතිතාක් දේ අපි හඳුනාගන්න උත්සාහ කරන්නේ සිතිවිල්ල මාර්ගයෙන්. නමුත් සිතිවිල්ල හඳුනාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී සංසාරයේ දුවන සත්ත්වයාට සිතිවිල්ල ගැන හිතන්න, හඳුුනාගන්න පහසු නෑ. අන්න ඒ ටික පෙන්නුම් කරලා දෙන්නයි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වී වදාළේ. පින්වතුනි, කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තිබුණ කාලයේ භික්ෂූන් වහන්සේ හත් නමක් එකතුව ඔවුනොවුන් කතිකා කර ගත්තා, මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරිහානියට පත්වෙන කාලයයි. එනිසා මේ හත් නම බොහොම සංවේගයෙන් මේ ශාසනය විනාශ වෙන්න කලින් අපි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහ කරමු කියල කතිකා කර ගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කළා. අවසාන වශයෙන් වනයට ඇතුළු වූ විට විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නඟින්න කලින් මේ හත්දෙනා ම කතිකාවක් ඇති කර ගත්තා. දැන් ඉතින් ජීවිත ආශාව ඇති අය ඉන්නව නම් නවතින්න. ජීවිත ආශාව අතහැර නිවන සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න කියලා. ඔන්න ඉණිමඟක් බැඳ අර මහා පර්වතයට නැග්ගා. ඉණිමඟ පෙරළා දැම්මා. දැන් ඉතින් ගල උඩ මේ ස්වාමින් වහන්සේ සංසාරයෙන් මිදීම සඳහා භාවනා කිරීමට පටන් ගත්තා. පසුදින පෙර පින මතු කරමින් ප්‍රධාන භික්ෂූන් වහන්සේ අභිඥා සහිත ව සියලු කෙලෙස් නසා උතුම් වූ රහත්භාවයට පත් වුණා.

දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා උත්තම සම්බුදු සසුන චිරස්ථායි කරනු පිණිස...

අසිරිමත් සම්බුදු ගුණ මහිමයෙන් හෙබි අප තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් පුරා අමාදම් දෙසා ලෝ සත සුවපත් කොට උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන් පා වදාළ සේක. ශාසනභාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, සර්වඥ ධාතූන් වහන්සේටත් ශාස්තෘ ගෞරවයෙන් යුතු ව සියලු පුද සත්කාරයන් සිදු කරවූ සේක. එමෙන් ම අප බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්නට කැමැති වූ සේක. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට, සුගත් චීවරය පොරවන්නට දී, භාග්‍යවතුන් වහන්සේ හා සමානව ම ධ්‍යාන අභිඤ්ඤා සමාපත්තීන්ට සමවදින බව ප්‍රකාශ කොට කරන ලද මහා අනුග්‍රහය මහා කස්සපයන් වහන්සේ සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකින්නට නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩ සිටින උතුම් අරහත්වය සේ ම සතර පටිසම්භිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ උතුම් රහතන් වහන්සේ හාරසිය අනූනවනමක් තෝරා ගත්හ. තවම අරහත්වයට පත් නොවූ ආනන්දයන් වහන්සේ තෝරා ගැනීමට ඉඩ තබා එසේ සිදු කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අංගසම්පූර්ණ ව, සිංහ තෙල් රන් බඳුනක බහා තබන්නා සේ, ගෞරවයෙන් මතකයේ දරා සිටි ආනන්දයන් වහන්සේත් ධර්ම සංගායනාවට තෝරා ගන්නා ලෙස රහතන් වහන්සේ ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේ ද තෝරා ගැනුණි. කුසිනාරානුවර දී තථාගත පරිනිර්වාණය වෙනුවෙන් සත් දවසක් ඉතා යහපත් පුණ්‍ය උත්සව ද, තවත් සත් දිනක් ධාතු පූජා මහෝත්සවයක් ද පැවැත්විණි.

දුසිරිතෙන් සිත මුදවා ගන්න නිති සිහිනුවණ වඩන්න

අප්පමාද යනු ප්‍රමාද නොවන යන අර්ථය ගෙන දෙන පදයක් වුව ද මෙහිදී පැහැදිලි වන්නේ සිහි නුවණින් කටයුතු කරන්න යන අර්ථය යි. සිහියෙන් කටයුතු කිරීම යන වචනය බුදු දහමේ බොහෝ තැන්වල දක්නට ලැබේ. සිහිය යන්නට දී ඇති පාලි වචනය වන්නේ සති යන්න යි. සතිපට්ඨාන, ආනාපාන සති, සම්මා සති, සති බොජ්ඣංග, පංචේන්ද්‍රිය ධර්ම අතර ද සති යෙදේ. මේ ආදී බොහෝ තැන්වල සති යන වචනය යොදා ඇත්තේ ජීවිතයක භෞතික පැත්ත දියුණු කර ගැනීමට ද, ලෝකෝත්තර පැත්ත දියුණු කර ගැනීමට ද සෘජුව ම බලපාන සාධකය වන්නේ සිහිකල්පනාව වන බැවිනි. සිහියෙන් පසුවන්නන් සසර ජය ගැනීමට නිරන්තරයෙන් උත්සාහවත් වෙති. නිතර සිහිනුවණින් කල් ගත කිරීම තුළින් සිත, කය, වචනය යන තිදොර අයහපතට, දුසිරිතට, නොයෙදීමටත් දන්, සිල්, භාවනා කිරීමටත් අනිවාර්යයෙන් ම පෙළඹෙනු ඇත. “අප්පමත්තාන මීයන්ති” නොපමා වූවෝ නොමියෙති. යනුවෙන් දේශනා කොට ඇත. එහිදී තේරුම් ගත යුත්තක් වන්නේ, සිහියෙන් යුතු වූවන් ද මියයන බව ය. නමුදු ඔවුන්ගේ සසර සීමිත ය. ඔවුන් එළඹ සිටි සිහිය වඩා ඉක්මනින් ම මාර්ගඵලාවබෝධය ලබා ගනිති. මේ සඳහා කදිම උදාහරණයක් ලෙස සාමාවතී ඇතුළු කාන්තාවන් පන්සියයකගේ කතා පුවත ගත හැකි ය. මාගන්ධිය උදේනි රජුගේ අග බිසවකි. සාමාවතිය ද උදේනි රජුගේ අගබිසවකි නමුදු මාගන්ධිය සාමාවතී කෙරෙහි වෛරයෙන් පසුවිය. බුදුරදුන්ගෙන් පළිගැනීමට බැරි තැන සාමාවතී ප්‍රමුඛ 500ක් සිටි මාලිගාවට ගිනි තබති. එයින් සියල්ලෝ ම දැවී පිච්චී අළු වී යති. එහෙත් එම ගින්නට හසුවෙන අවස්ථාවේ දී සාමාවතී අන් කාන්තාවන්ට ද උපදෙස් දෙන්නේ සිහිය පිහිටුවා ගෙන සතුරන්ටවත් වෛර නො කර මෛත්‍රිය වඩන ලෙසයි. එලෙස ම වේදනා පරිග්ගහන කම්මට්ඨානය ද වඩන ලෙස ය. එම අප්‍රමාදී ගුණය වර්ධනය කිරීම තුළින් එම සියලු දෙනා ම සතර මඟ හා පලවලට පත් වූහ. එසේනම් ඔවුන් මිය ගිය ද අප්‍රමාදී වූවන් ලෙස බුදු හිමි සැලකුවේ ඔවුන් සසර තව බොහෝ කල් ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්වලට හසු නොවී සසර ජය ගත්තවුන් බැවිනි. බොහෝ සත්ත්වයින් අප්‍රමාදී නොවෙති. එබැවින් දීර්ඝ වූ ගමනකට මැදි වී අප්‍රමාද දුක්වලට භාජනය වෙමින් මැරි මැරී උපදී.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]