[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

තෙරුවන් උදෙසා පූජෝපහාර පිදෙන කොළඹ නවම් මහ පෙරහර අසිරිය

ජාතියේ අභිමානය, හෙළ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරය දිනූ උතුම් සංස්කෘතික මංගල්‍යය, කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර අද (05) සහ හෙට (06) උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කෙරේ. කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ගංගාරාමාධිකාරී ආචාර්ය රාජකීය පණ්ඩිත කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙවර නවම් මහ පෙරහර ලක්වැසි, ලෝ වැසි දනන් වෙත සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික පූජෝපහාර පුදනු ඇත. ඓතිහාසික වශයෙන් ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ මේ පින්බර පෝදා තෙරුවන් උදෙසා පිදෙන පූජෝපහාරයක් ලෙස ලක්වැසි, ලෝ වැසි දනන්ගේ නෙත් සිත් අමන්දානන්දයටත්, ගෞරවාදරයටත් පත් කරමින් මෙවරත් කොළඹ නවම් මහා පෙරහර අසිරි මවයි. අතීත ශ්‍රී විභූතිය හා සම්බුදු දහමින් සුපෝෂිත හෙළ සංස්කෘතික වටිනාකම් විදහා දක්වමින් වීදි සංචාරය කරන නවම් මහා පෙරහරේ සුවිශේෂත්වයන් අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සධාතුක කරඬුව වැඩමවීම, බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීම, පන්සාළිස් වසක් පුරා තථාගත ශ්‍රී මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය සංකේතවත් කරමින් ධර්ම පුස්තක වැඩමවීම ප්‍රධාන ය. අලි ඇතුන්ගෙන් සාඩම්බරණීය වන නවම් මහ පෙරහර උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්වලින් හා ජන නැටුම් ඇතුළු විවිධ කලාංගයන්ගෙන් විචිත්‍රවත් වෙයි. නවම් පෙරහරේ ශ්‍රී විභූතිය ඇස ගැටෙන කවරකුට වුව ද ගංගාරාම විහාරස්ථානයේ ආගමික, ශාස්ත්‍රීය හා සාමාජික සේවාවන් අමතක කළ නොහැකි ය. පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් බිහි කළ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින විහාරස්ථානය ගංගාරාමයයි.

නිදහස් සටනේ අමරණීය නායකත්වය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් උරදුන් මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූයේ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමා උගත්, බුද්ධිමත්, ජාති හිතෛෂී, නිර්මාණශීලී පුද්ගලයෙකි. අපූර්ව සංවිධානාත්මක හැකියාවක් ඇති නායකයෙකි. පත්තර මහ ගෙදර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයාණන් වූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය මෙම 23 දාට යෙදී තිබේ. එතුමාට කෘත ගුණ පිණිස මේ ලිපිය පළවේ. සේදවත්තේ විසූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස එතුමා උපත ලබන්නේ 1886 පෙබරවාරි 23 වැනි දා ය. නමින් දොන් රිචඩ් විජයවර්ධන නම් විය. කුඩා කල සිට ආගමික පසුබිමක් ඇතිව හැදුණු වැඩුණු ඩී.ආර්. විජයවර්ධනයන් ජාතික හැඟීමෙන් ද පෝෂණය විය. උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය. එහි දී නිදහස් දේශපාලන මතධාරියකු වන ඉන්දියානු අධිරාජ්‍ය මන්තී‍්‍ර මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වූ ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ මහතා මුණ ගැසීමෙන් විජයවර්ධනයන්ගේ දේශපාලන හැඟීම් වර්ධනය විණි. එසේ ම නීතිඥ ඉංගී‍්‍රසි ජාතික එෆ්.එච්.එම්. කෝබට් මහතාගේ ඇසුරේ ජාතිමාමක හැඟීම් ටිකෙන් ටික පෝෂණය වන්නට විය. එංගලන්තයේ අධ්‍යපනය ලබන කාලයේ සමකාලීනයකු වූ ඉන්දියාවේ ශ්‍රී ජවහල්ලාල් නේරු වැනි අයගේ ඇසුර ද තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් යමක් කළ යුතු ය යන හැඟීම ජීවිතානුබද්ධ කර ගැනීමට ඉවහල් විය. මෙතුමා එංගලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයෙන් පසු 1912 දී නැවත මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු ලෙසිනි. මෙරටට පැමිණෙන විජයවර්ධනයන්ට නීති අංශයෙන් හෝ තම පිය පාර්ශවයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණි.

ධර්මය ජීවිතයට ශක්තියක් කර ගන්න

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියොදපනං - එතං බුද්ධාන සාසනං, අප බුදුරජාණන් වහන්සේ විසින් ලොව්තුරා බුද්ධත්වයේ පටන් පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් වසක් පුරාවට දේශනා කළ සියලුම ධර්මයන් ධර්ම,විනය, අභිධර්ම යන කොටස් තුනට අයත් වන්නේ ය. ප්‍රාථමික වශයෙන් භෞතික ලෝකය හඳුනා ගැනීම සමාජ ධර්මයෙන් හෙවත් සූත්‍ර පිටකයෙන් ද, ශික්ෂණය විනය පිටකයෙන් ද, සත්වයා හා ලෝක ධාතු වශයෙන් දාර්ශනිකව බෙදා වෙන්කොට විමුක්ති සුවය පරමාර්ථ වශයෙන් දැක්වීම අභිධර්ම පිටකයෙන් ද ප්‍රකාශ වන්නේ ය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහළවූ විපස්සී ආදී බුදුරජාණන් වහන්සේ ද දේශනා කරන ප්‍රධානතම කරුණු තුනක් ඇත. සියලු පව් නොකිරීම, කුසල් රැස් කිරීම හා සිත දමනය කර ගැනීමයි ලෝකය ජීවින්ට අනුගත වන්නේ එක්තරා ධර්මතාවක් අනුව ය. එම ධර්මතාව කාලයක් ධර්ම ශක්තියක් වශයෙන් පවතින්නේ සත් ගුණවත්, නැණවත් මිනිසුන් නිසා ම ය. ක්‍රමයෙන් එවන් මිනිසුන් මානව සමාජයෙන් තුරන්වන විට ධර්ම ශක්තියත් යළි ජීවින්ගේ ධාරණ ශක්තියත් තුරන් වන්නේ ය. “ධාරේතීති ධම්මො චතුසු අපායෙසු පතමානෙ සත්තා අපතමානෙ කත්වා ධාරේතීති ධම්මො” යන අර්ථ විවරණයට අනුව සත්ත්වයා මෙලොව පොළොව මත දරා සිටින්නටත්, මරණින් මතු සතර අපායේ නොවැටී සිටින්නටත් පව් නොකිරීමෙන් කුසල් කිරීමෙන් එම ධර්ම ශක්තිය ඇති කරගත යුතු වන්නේ ය.

සසර මඟ අතරමං කරන මරුවැල

අපේ සිත හරි පුදුම යි. අපට හිතක් තියෙනවා කියලා දැනෙන්නේ ඒ හිතට අරමුණු එකතුවන නිසයි. අරමුණක් නොමැතිව සිතක් පහළ වන්නේ නැහැ. හිතක් ගැන කියැවෙන්නේ නැහැ. ඇත්තෙන්ම සිතක් කියලා දෙයක් නැහැ. එය හිතන්න බැරි තරම් වේගයකින් ඇති වී නැති වී යන ධර්මතාවක්. එයට තවත් වචනයකින් කියනවා නම් ක්ෂණිකව වෙනස් වි හටගනිමින් නැති වෙමින් පවත්නා ස්වභාවයක් පෙන්නුම් කරන සිත් පරම්පරාවක්. ඉතින් සිතක් පහළ වන්නේ අරමුණක් ගත්විටයි. එය එක් විදියකින් ගලා ගෙන යන රැල්ලක් වගේ. චිත්ත වීථියක් කියලා කියන්නේ ඒකට යි. ඊළගට අපි නැවතත් තවත් අරමුණක් ගන්න කොට ඒ චිත්තවීථිය එතැනින් බිඳවැටී තවත් චිත්තපරම්පරාවක් නිර්මාණය වෙනවා. එය තවත් චිත්තවීථියක් බවට පත් වෙනවා. මේ විදියට අපි අරමුණු ගන්නා හැම විටක ම චිත්ත වීථි රාශියක් තුළ තමයි අපේ කල දවස ගෙවෙන්නේ. ඉතින් සිතක් ඇති නොවන හැමවිටක ම අපේ සිත නිශ්චල වෙනවා. එහෙමත් නැත්නම් භවාංග වෙනවා කියලා කියනවා. ඒ භවාංග අවස්ථාවේ වෙනත් කිසිදු අරමුණක් නැතිව සිත නිශ්චලව පවතිනවා. කිසියම් සිහින පිළිබඳ අත්දැකිමක් නො මැතිව සිත පවතින්නේ ඉතා තද නින්දේ දි. ඉතින් ඒ තද නින්ද අවස්ථාවේ අපට අරමුණු ඇතිවන්නේ නැහැ. හැබැයි තද නොවන අඩ නින්ද අවස්ථාවේ දී අප යම් යම් අවස්ථාවල ක්‍රියාකාරි ජීවිතයේ දී අපේ ඉඳුරන් මගින් ගත් අරමුණු යම් පමණකට අක්‍රියව තිබිලා අපේ ඒ අරමුණු නින්දේ දී අපේ සිතට නැඟෙනවා. ඒවාට තමයි අපි සිහින කියලා කියන්නේ. ඉතින් අප සැබෑ සිහියෙන් සිටිනවිට වුව ද අපට නොයෙක් අරමුණු පහළ වෙනවා. ඒවා යටපත් වෙනවා. නැවත වෙනත් අරමුණක් ඇති වෙනවා. මේ ආකාරයෙන් එකකට එකක් වෙනස් වු අරමුණු ඇති වෙනවා වගේ සිහින අවස්ථාවේ දී එක සිහිනයක් දැකිමින් සිටියදී ඊට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් සිහින මායාවක් වගේ පෙනෙන ආකාරයක් තිබෙනවා.

නවම් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]