[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

  ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

 

නිදහස් සටනේ අමරණීය නායකත්වය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් උරදුන් මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූයේ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමා උගත්, බුද්ධිමත්, ජාති හිතෛෂී, නිර්මාණශීලී පුද්ගලයෙකි. අපූර්ව සංවිධානාත්මක හැකියාවක් ඇති නායකයෙකි. පත්තර මහ ගෙදර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයාණන් වූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය මෙම 23 දාට යෙදී තිබේ. එතුමාට කෘත ගුණ පිණිස මේ ලිපිය පළවේ. සේදවත්තේ විසූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස එතුමා උපත ලබන්නේ 1886 පෙබරවාරි 23 වැනි දා ය. නමින් දොන් රිචඩ් විජයවර්ධන නම් විය. කුඩා කල සිට ආගමික පසුබිමක් ඇතිව හැදුණු වැඩුණු ඩී.ආර්. විජයවර්ධනයන් ජාතික හැඟීමෙන් ද පෝෂණය විය. උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය. එහි දී නිදහස් දේශපාලන මතධාරියකු වන ඉන්දියානු අධිරාජ්‍ය මන්තී‍්‍ර මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වූ ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ මහතා මුණ ගැසීමෙන් විජයවර්ධනයන්ගේ දේශපාලන හැඟීම් වර්ධනය විණි. එසේ ම නීතිඥ ඉංගී‍්‍රසි ජාතික එෆ්.එච්.එම්. කෝබට් මහතාගේ ඇසුරේ ජාතිමාමක හැඟීම් ටිකෙන් ටික පෝෂණය වන්නට විය. එංගලන්තයේ අධ්‍යපනය ලබන කාලයේ සමකාලීනයකු වූ ඉන්දියාවේ ශ්‍රී ජවහල්ලාල් නේරු වැනි අයගේ ඇසුර ද තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් යමක් කළ යුතු ය යන හැඟීම ජීවිතානුබද්ධ කර ගැනීමට ඉවහල් විය. මෙතුමා එංගලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයෙන් පසු 1912 දී නැවත මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු ලෙසිනි. මෙරටට පැමිණෙන විජයවර්ධනයන්ට නීති අංශයෙන් හෝ තම පිය පාර්ශවයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණි.


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]