[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජයසිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කරවීම

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදුගුණ දේශනාවක් 28 දා

ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස බළංගොඩ රාධ හිමියන් විසින් පවත්වනු ලබන බුදුගුණ දේශනා පින්කමක් මේ මස 28 වැනිදා සවස් කාලයේ දී පැවැත්වේ. සම්මාදිට්ඨි ජාත්‍යන්තර සංවිධානය මගින් එම පින්කම සංවිධානය කරයි. 27 වැනිදා මහ සෑ සළපතල මළුව ස්වභාවික සකසාගත් සුවඳ පැණින් දෝවනය කරන අතර, 28 වැනිදා සවස සෑ රදුන් වහන්සේට මල් කඤ්චුකය පැළඳවීම සිදුකෙරේ. සිව් බුදුවරයන් වහන්සේලා සිහි ගන්වමින් මහ සෑ රජුන්ගේ සිවු රූප තැන්පත් කෙරෙන ප්‍රතිමා වහන්සේලා අබියස සුගත චීවර, අෂ්ට පරිෂ්කාර, විජිනිපත්, සහිත අෂ්ඨපාන ගිලන්පස ආදී තැන්පත් කෙරේ. බුද්ධ පූජාව කහගොල්ලේ සෝමවංශ නා හිමියන් විසින් මෙහෙයවනු ඇත. සවස 6 ට බුදුගුණ දේශනාව ආරම්භ වන අතර, එය පසුදා උදෑසන 6 දක්වා පැවැත්වේ. දේශනාව අවසන සෑ මළුවේ සිවු බුදුරජාණන් වහන්සේලාට ද විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයට ද දක්ෂිණෝදක පූජාව, කැවිලි, පලතුරු සහිත ක්ෂිරපායාස පූජාව පවත්වා වැඩමවා වදාළ ශතාධික සංඝ රත්නය උදෙසා මහා සංඝගත දක්ෂිණාව පැවැත්වීමෙන් පින්කම අවසන් වේ. පැමිණෙන සැදැහැවතුන් උදෙසා ජලය, ගිලන්පස, දන්සල් මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සලසා ඇත.

ධර්ම දේශනාව:

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

වෙසක් පෝය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ම ඉතා වැදගත් පොහොය දිනයක් වනුයේ සම්බුදු තෙමඟුල හේතුවෙනි. ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී පොහොය දෙකකි. එනම් පොසොන් පොහොය හා උඳුවප් පොහොය යි. බුදුරදුන්ගේ දහම් පණිවුඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ පොසොන් පොහොය දිනය ක ය. ශ්‍රී ලාංකේය සමාජය නව ගමන් මගකට යොමු කළ මහින්දාගමනය හුදු ධර්ම දූත සේවයක් පමණක් නොවුණි.” එය ආගමික ඉතිහාසයේ සිදුවූ වඩාත් සංවිධානාත්මක ම ධර්ම දූත සේවාව බව ප්‍රකාශ කිරීම අතිශෙයෝක්තියක් නොවේ. දෙවැන්න දුමින්දාගමනය යි. එනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම යි. එය සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම හුදු දූත සේවාවක් පමණක් ම නොවූ බව ඉතිහාසය විමර්ශනාක්ෂිතයෙන් විමසන්නෙකුට පෙනෙන කාරණාවකි. බෝධීන් වහන්සේ පිළිබඳ කථනයට, මහින්දාගමනය පිළිබඳ පූර්විකාවක් සිදුකර ගැනීම වඩාත් යෝග්‍යය. ලංකාව සහ ඉන්දියාව අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ප්‍රතිඵල ලෙස ලංකාවට බුදුදහමේ පණිවුඩය රැගෙන එන ලද්දේ ධර්මාශෝක රජුගේ පුත්‍රයෙකු වූ මහින්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන භික්ෂූන් සහ භණ්ඩුක යන උපාසක ඇතුළු සත් දෙනෙක් විසිනි.

 

සිරිපා වන්දනා වාරය ඇරැඹේ

මුනි සිරිපා කරුණා කරමු

වසරකට වරක් ඇරඹෙන සිරිපා වන්දනා වාරය මෙවර ද උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ කෙරේ. එතැන් පටන් මාස හයක කාලයක් පුරා දෙස් විදෙස් වන්දනාකරුවන් සිරිපා වන්දනාවට ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සහභාගි වෙති. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ හ. සබරගමු වැසි වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් පන්සිය නමක් මහ රහතන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා වදාළ හ. ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ. ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වන කරුණු බොහෝ වේ. අති දුෂ්කර ගමනක් ගෙවා ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණීම ඉන් එක් කරුණකි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය, රාජධානියේ සිට පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර ආදී ඒ ඒ රාජධානි සමයන්හ ිදී මහ රජවරුන්ගේ ගෞරවයට, පූජෝපහාරය ට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ.

 

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ දඹදිව සිට ලක්දිවට වැඩමවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙම උතුම් බෝධි ශාඛාව අප වෙත ලැබුණු බව වංස කථාවල සඳහන් වෙයි. ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධි ශාඛාව එහි සිට අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්,පුද සත්කාර’ සඳහා නතරකොට තබා තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ පුද පෙරහර, මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]