UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය

සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර

අනුරාධපුර පූජනීය පෙදෙස් පිහිටි ථූපාරාමය

ප්‍රශ්නය

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක් ද?

පිළිතුර

අජාසත් රජතුමා දවස රජගහනුවර සප්තපර්ණී වේහාර පර්වත පාමුල පිහිටි ගුහා ද්වාරයෙහි ඉදිකරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාව වේ. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය

පහත සඳහන් වන ප්‍රකාශය බුද්ධ කාලීන ශ්‍රාවක භාසිතයකි.

ඇවැත්නි! බුදුන් පිරිනිවියහයි, ශෝක නොකරව්, නොහඬව්, ඒ හැඬිම් ශෝක කිරීම්වලින් පලක් නැත. ‘සුමුත්තා මයං තෙත මහා සමණෙන’ අපි ඒ මහාශ්‍රමණයාගෙන් මිදුණේ වෙමු. මෙය කැපය, මෙය අකැපය යන නියමයන්ගෙන් අපි පීඩිත වූවෝ වෙමු. ‘ඉදං චො කප්පති ඉදං චො න කප්පති’ දැන් වූ කලී අප යමක් කැමැත්තෝ නම් එය කරම්හ. යමක් නොකැමැත්තෝ නම් එය නොකරම්හ. මෙම ප්‍රකාශ කළ තැනැත්තා කවු ද?

පිළිතුර

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත්වන දින ශෝකයෙන් වැළපෙන පුහුදුන් භික්ෂූන් වහන්සේ අමතා ‘සුභද්‍ර’ නම් පැවිද්දෙකුගේ ප්‍රකාශයකි.

ප්‍රශ්නය

දසබලධාරි බුදුගුණ මවාපාමින් ධාතුසේන රජතුමා විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමාව කුමක් ද?

පිළිතුර

ලක්දිව ප්‍රතිමා ශිල්පීන් නෙළූ හිටි බුද්ධ ප්‍රතිමා අතුරෙන් ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකනු ලබන්නේ අවුකන හිටි පිළිමයයි. එම බුද්ධ ප්‍රතිමාවහන්සේ නවවන සියවසෙහි දී ඊට ආසන්න කාලයකදී නෙළන ලද්දක් වශයෙන් සැලකේ.

පිහිටි ගලෙන් මනා ලෙස මතුකොට පටු තිරයකින් පමණක් ගලට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කොට තිබේ. පිහිටි පර්වතයකට සම්බන්ධකොට මෙසේ නෙළූ ප්‍රතිමා ආබද්ධ ප්‍රතිමා යනුවෙන් විද්වතුන් හඳුන්වා දී තිබේ. ඉතා විශාල ආබද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ වැල්ලවාය අසල ‘බුදුරුවගලෙහි ය’.

ප්‍රශ්නය

‘සඳකඩ පහණ ‘ ශ්‍රී ලාංකික විශිෂ්ට කලා කෘතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර

ඉපැරැණි බුද්ධ ප්‍රතිමා මන්දිර සහ රජමාලිගාවල ප්‍රවේශස්ථානයේ පාසිස්නක ආකාරයට ඉදිකර ඇති ශෛලමය කැටයම් පුවරුවක් මේ නමින් හැඳින්වෙයි. අර්ධ කවාකාර ගල් පුවරුව අනුරාධපුර ශිල්පීන්ගේ, කල කුසලතාවයෙහි අගය පිළිබිඹු කරන සංකේතයකි. සඳකඩ පහණ මත නෙලා ඇති අලංකාර රූ කැටයම් අතර ඇතා, අශ්වයා, ගවයා හා සිංහයා කැටයම් කොට ඇත. සජිවි සතුන්ගේ හැඩය ගමන් විලාසය ආදී ලක්ෂණ ඉතා විශිෂ්ට නිර්මාණ ලෙස හැඳින්විය හැකි ය.

ප්‍රශ්නය

මහින්දාගමනයෙන් පසු මෙරට බිහි වූ මුල්ම බෞද්ධ අධ්‍යාපන ආයතනය කුමක්ද?

පිළිතුර

අනුරාධපුර මහාවිහාරය

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]