UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම ඉල් පෙරහර 2 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහ පෙරහර දෙසැම්බර් මස 2 දින රාත්‍රියේ පැවැත්වෙන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කීය. පෞරාණික චාරිත්‍ර පුදසිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික සංස්කෘතිකාංග වලින්ද අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර ලෙස එම පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේතුමා කටයුතු යොදා ඇත. පෙරහර ගමන් කරන මහවීදිය සුදුවැලි අතුරා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කෙරේ.

ඉතිරිය»

යහපත් පවුලක සාර්ථක අත්තිවාරම

පරිත්‍යාගශීලී වීමට , කැපකිරීමට,අතහැරීමට,ප්‍රදානය කිරීමට, බිරිඳ සහ සැමියා එක හා සමානව ශක්තිසම්පන්න විය යුතුය. ,තමන්ගේ පැත්තෙන් අතහැරිමට අකැමැති ව ඉඳිමින් අනෙක් පුද්ගලයාගෙන් පමණක් එය බලාපොරොත්තු වීම සාධාරණ නැත. තමාගේ ආකාරයට අනෙකා ගොඩනැඟිය යුතු බවට විශ්වාස කිරීම සුදුසු ද ? එවැනි ගෙවල් යහපත් ස්ථාන බවට පත්කළ නොහැකිය. ගෙයක් ඇතුළත යහපත් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්, දරුවන් මව්පියන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. මව්පියන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. එම අතහැරීම හෝ එම කැපකිරීම කළ නොහැකි නම්, එවැනි ස්ථානයන්හි කිසිදු දෙයක් රැස්වන්නේ නැත. අස්කළ විට රැස්වෙන බව මතක තබාගත යුතුයි. ළිඳ ඉස්ස ගමන් දින දෙකක් යන විට ළිඳ අලුත් වතුරෙන් පිරී යයි. ඉසීමට භාජනය නොකළ ළිඳක වතුර ප්‍රමාණය එලෙස ම රැඳී පවතී. අස් කළොත් රැස් වෙයි. කැපවීමක් කළහොත් කැපවීමක් ලැබෙයි. පරිත්‍යාගශීලි වුවහොත් පරිත්‍යාගයක් ලැබෙයි. දුන්නොත් ලැබෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත දකින කැඩපතක් ඇත

 

අද පෝදා ධර්ම දේශනාව පවත්වන්නේ ධම්මපදයේ කෝධ වග්ගයේ දෙවැනි ගාථාව මාතෘකා කර ගෙන ය. “උපන් කෝපය සන්සිඳුවා ගන්නේ නම් උතුම් රියදුරා ඒ තැනැත්තාය” යන්න ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ එක්තරා භික්ෂූන්වහන්සේ නමක් සිදුකළ වැරදි ක්‍රියාවක් මුල්කරගෙන ය. අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන එක්තරා භික්ෂූන්වහන්සේ නමකට ඒ නුවර ආසන්නයේ සේනාසනයක් සැකසීමට සිතුණි. එහෙත් මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳ මිනිසුන් අතර හැඳීනීමක් නැත. එහෙයින් සේනාසනය සැකසීමට තමන්ට උදව්වට කිසිවෙක් නොපැමිණියහ. තමන්ටම සියල්ල කරගැනීමට සිදුවිය. සෙනසුන සැකසීමට අදහස් කළ ස්ථානයේ හොඳින් වැඩුණ ගසකි. ලී දඬු ලබා ගැනීමට මේ ගස යහපත් යැයි සිතා තමන් ම ගස කැපීමට ආරම්භ කළේ ය. මේ ගස විමානය කරගත් දේවතාවියක් ගස නොකපන ලෙස ඉල්ලා සිටියා ය. ඒ භික්ෂුව එයට කන් නොදී ගස කැපීමට පටන් ගත්තේ ය. මේ දරු පැටියා වඩාගෙන තමන්ට යා හැකි තැනක් නැති බැවින් ‘ගස නොකපන ලෙස නැවතත් ඇය ඉල්ලා සිටියා ය. එයට ද ඇහුන්කන් නොදීම හේතුවෙන් දේවතාවිය තම දරුපැටවා රුක් ශාඛාවේ නිදි කරවී ය. ඔසවාගත් පොරවේ වේගය අඩුකර ගැනීමට නොහැකිවූයෙන් බිළිඳාගේ අතක් තුවාල විය.

ඉතිරිය»

අටුපොත්දෙණිය පොත්ගුල් රජ මහා විහාරය

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කණ්ඩලම හන්දියෙන් මීරිගම අලව්ව මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගිය විට මදුරුපිටිය හන්දිය හමුවේ. එතැනින් දකුණු පසට වැටී ඇති මඟෙහි තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගමන් කළ විට දකුණු පසට වන්නට අටුපොත්දෙණිය රජ මහා විහාරස්ථානය පිහිටා තිබේ. පුරා වෘත්තයන්හි කියැවෙන ලෙස අටුපොත්දෙණිය පොත්ගුල් රජමහා විහාරය වළගම්බා රාජ සමයේ සිට පැවත එන්නකි. විහාරාධිපති දමනේවෙල නන්දසිරි හිමියන්ගේ අදහසට අනුව මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා භාවිතයට ගත් පුස්කොළ සකස් කිරීම මෙම විහාරස්ථාන යේ සිට සිදු කර ඇත. විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි අදට ද බහුල ලෙස වැඩෙන තල් ගස් ඒ ප්‍රවෘත්තිය පිළිගත හැකි බවට සාධක සපයන බව උන්වහන්සේ පෙන්වා දෙති. එකල ඇති වු බැමිණිටියා සාගතය නිසා මෙහි පැමිණි භික්ෂූන් වහන්සේ අටුවා පොත් ආරක්ෂා කළ බව ද පුරාවෘත්තවල කියැවේ.

ඉතිරිය»

සුනීතට පිහිටවීම

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]