UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

යහපත් පවුලක සාර්ථක අත්තිවාරම

පරිත්‍යාගශීලී වීමට , කැපකිරීමට,අතහැරීමට,ප්‍රදානය කිරීමට, බිරිඳ සහ සැමියා එක හා සමානව ශක්තිසම්පන්න විය යුතුය. ,තමන්ගේ පැත්තෙන් අතහැරිමට අකැමැති ව ඉඳිමින් අනෙක් පුද්ගලයාගෙන් පමණක් එය බලාපොරොත්තු වීම සාධාරණ නැත. තමාගේ ආකාරයට අනෙකා ගොඩනැඟිය යුතු බවට විශ්වාස කිරීම සුදුසු ද ? එවැනි ගෙවල් යහපත් ස්ථාන බවට පත්කළ නොහැකිය. ගෙයක් ඇතුළත යහපත් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්, දරුවන් මව්පියන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. මව්පියන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළ යුතු ය. එම අතහැරීම හෝ එම කැපකිරීම කළ නොහැකි නම්, එවැනි ස්ථානයන්හි කිසිදු දෙයක් රැස්වන්නේ නැත. අස්කළ විට රැස්වෙන බව මතක තබාගත යුතුයි. ළිඳ ඉස්ස ගමන් දින දෙකක් යන විට ළිඳ අලුත් වතුරෙන් පිරී යයි. ඉසීමට භාජනය නොකළ ළිඳක වතුර ප්‍රමාණය එලෙස ම රැඳී පවතී. අස් කළොත් රැස් වෙයි. කැපවීමක් කළහොත් කැපවීමක් ලැබෙයි. පරිත්‍යාගශීලි වුවහොත් පරිත්‍යාගයක් ලැබෙයි. දුන්නොත් ලැබෙයි. එම නිසා සමත්‍යාග විය යුතු බවට බුදු දහම පෙන්වා දෙයි. දෙදෙනෙකු එකට ජීවත් වනවා නම්, දෙදෙනාම අතහැරීමට කැප විය යුතු ය. දෙදෙනාම එක සමානව පරිත්‍යාගශීලී වන තරමට එම පවුල ඉතාම යහපත් පවුලක් බවට පත්වෙයි. අම්මා පමණක් පවුල වෙනුවෙන් කැප විය යුතු බවට ප්‍රකාශ නො කළ යුතු ය . තාත්තාත් ඒ හා සමානව කැප විය යුතු ය . තාත්තා පමණක් පවුල වෙනුවෙන් කැප විය යුතු බවට ප්‍රකාශ නො කළ යුතු ය. අම්මාත් ඒ හා සමානව ශ්‍රමයෙන් හෝ කැප විය යුතු ය. මවුපියන් පමණක් සියල්ල ඉටුකරදෙනකම් දරුවන් බලා නොසිටිය යුතු ය.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]