UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිල්ලතාකන්ද විවේක සේනාසනයේ ශ්‍රී සීලරතන නා හිමි අනුස්මරණ භාවනා ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරේ

කිරිඳිවැල මිල්ලතාකන්ද විවේක සේනාසනයේ ශ්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එම නව ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අවස්ථාව. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු ගිහි පැවිද විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගිවූහ.

ඉතිරිය»

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සමරා කැලණිය රජමහා විහාරයේ දී පින්කම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වන පාර්ලිමේන්තු දිවිය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආශීර්වාදාත්මක බෝධි පූජාවක් ඉකුත් 23 වන දා කැලණිය රජමහා විහාරයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එම පින්කම සංවිධානය කර තිබිණි. ඒ සඳහා මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වූ අතර එම පින්කමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කප්රුක් පූජාවට සහභාගි විය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහ සඟරුවන සෙත් පිරිත් දේශනා කරමින් ආශිර්වාද කළහ. විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සඟ මහලු පිළිවෙතයි වස්සාන කාලයයි

හේමන්ත,ගිම්හාන,වස්සාන යනුවෙන් ප්‍රධාන ඍතු භේද තුනකි. ඇසළ පොහොයෙන් ආරම්භවන ඉල් පොහොය දක්වා සිව්මස වස්සාන ඍතුවයි. වස්සාන කාලය විශේෂයෙන් දඹදිවට විශාල වර්ෂාවක් ගෙන දෙන කාලයකි. නොකඩවා ඇද හැලෙන මහා වර්ෂාව නිසා දෙගොඩතලා යන මහා ගංවතුර ය. මංමාවත් වතුරෙන් යට වෙයි. නිතර ගැවසෙන හරක් කුරවලින් මඩ වූ මාවත් පා ගමනින් යා නොහැකි ලෙස මඩ වෙයි. වියළී, මැළවී තිබූ තණබිම් ළා කොළ පැහැයෙන් බබළන්නට පටන් ගන්නේ මෙම කාලයෙහි ය.වන සිව්පාවෝ වැහි ආවරණ යටට රොක් වෙති. සියොත් කැළ ආහාර පිණිස හෝ බැහැර නොගොස් කැදලිවල ලගිති. බොහෝ බ්‍රහ්මචාරිහු ලුණු ඇඹුල් රැස්කරගෙන රුක්මුල්, වන ලැහැබ්, ගස්බෙන, ගල්ගෙවල් ආදිය වෙතටවී වැස්සෙන් ආරක්ෂා වෙති. වැසි සමයෙහි දඹදිව මහා මග ජනශූන්‍ය ය. වැසි කාලයෙහි අන්‍ය ආගමික බ්‍රහ්මචාරින් චාරිකාවෙන් වැළකී එක්තැනක වාසය කරමින් ළා තණ පත් නොපාගා සිටින බවත්, පක්ෂීන්ද එම කාලයෙහි කූඩුවල ලගින බවත් පෙන්වා දෙන ඇතැම් අය ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක පිරිස චාරිකාවෙහි යෙදෙතියි චෝදනා නැගූහ. එය බුදුන් වහන්සේට සැළවිය.

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලබන ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය කොළඹ 07 නිදහස් මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අගෝස්තු 3 වන දා සවස 3 ට පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමකි. අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශ්වයන් එක් වී පිහිටුවන ලද අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වහන්සේ පත්වී වදාළේ මීට මාස දෙකකට පමණ පෙරය. අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් 50 දශකයේදි අමරපුර මහා නිකායේ සියලු පාර්ශ්වයන් ඒකරාශි කර මහා සංඝ සභාවක් ලෙස ගොඩනගන්නට ක්‍රියා කළේ යුගයේ අවශ්‍යතාවයක් වූ හෙයිනි. කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමි, පොළතුගොඩ ඤාණාලෝක නාහිමි, අකුරළ සීලවංශ නාහිමි, ඇන්දානේ දයානන්ද නාහිමි යන මහා යතිවරයන් වහන්සේ මේ සඳහා ආරම්භක නායකත්වය ලබා දුන්හ.

ඉතිරිය»

රුවන් සක්මන

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]