UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

දෙහිඅත්තකණ්ඩිය නව මැදගම කැලේගම ශ්‍රී සම්බෝධි විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද මකුරුප්පේ පඤ්ඤාසේකර නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය ඉකුත් දා (10) දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදී පැවැත්විණි. එහිදී අභිනව නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන් අතින් සිදු වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අභිනව නාහිමියන් වෙත විජිනිපත පිළිගැන්වීය. අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිියන් ඇතුළු මහ සඟරුවන ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආශිර්වාද ලබා ගත් අවස්ථාව

අනුරාධපුර රුවන්වැලි මහා සෑ මහා චෛත්‍යයේ වැලිමළුවේ ප්‍රතිසංස්කරණය නිමවා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වලට එක් වූ අවස්ථාව. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙහි වේ.

වර්තමාන සමාජ සහ ආගමික ගැටලු පිළිබඳව තරුණ භික්ෂුන් වහන්සේලා ඉකුත් දා (12) අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළහ. චන්දානන්ද හිමියන්ගේ නායකත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාද වැලිමඩ චන්දරතන, වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුන් ඇතුළු තරුණ භික්ෂුන් වහන්සේද අග්‍රාමාත්‍ය සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාද සහභාගි වූහ.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]