UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ කොඩියට වසර 125 ක් පිරීම නිමිත්තෙන් සමස්ත ලංකා ගද්‍ය රචනා හා චිත්‍ර තරගාවලිය - 2010

2010 අප්‍රේල් 28 දිනට අධි වෙසක් පුර පසළොස්වක පොහෝදාට බෞද්ධ කොඩිය ප්‍රථම වරට ඔසවා වසර 125 ක් පිරීම නිමිත්තෙන් ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය, අධ්‍යාපනය අමාත්‍යාංශය රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම තරගාවලිය කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය සංවිධානය කරනු ලැබේ.

ගද්‍ය රචනා තරග කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වේ.

අංශය දහම්පාසල/පාසල මාතෘකාව අවම වචන සංඛ්‍යාව

ප්‍රාථමික 4 – 5 ශ්‍රේණිය අපේ බෞද්ධ කොඩිය 300

කනිෂ්ඨ අංශය 6 – 9 ශ්‍රේණි ඕල්කට්තුමාගේ සාමයික මෙහෙවර 750

ජ්‍යෙෂ්ඨ අංශය 10 – 13 එයට බල පෑ සාධක -1500

චිත්‍ර තරග කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වේ.

අංශය දහම් පාසල/පාසල ප්‍රමාණය මාතෘකාව

ප්‍රාථමික අංශය 4 – 5 ශ්‍රේණි අඟල් 18x14 අපේ බෞද්ධ කොඩිය

කනිෂ්ඨ අංශය 6 – 9 ශ්‍රේණි අඟල් 18x14 ඕල්කට්තුමාගේ සාමයික මෙහෙවර

ජ්‍යෙෂ්ඨ අංශය 10 – 13 ශ්‍රේණි අඟල් 18x24 19 වන සියවසේ බෞද්ධ ප්‍රබෝධය සහ එයට බලපෑ සාධක

දිය සායම්, තෙල්සායම්, පැස්ටල් ආදී ඕනෑම වර්ණ විශේෂයක් භාවිත කළ හැකි අතර, ප්‍රකාශන චිත්‍රයක් හෝ පෝස්ටර් චිත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි ය. නියමිත ප්‍රමාණයේ කඩදාසියක චිත්‍ර නිර්මාණය කළ යුතු ය. තෝරා ගනු ලබන චිත්‍ර කලා භවනයේ පැවැත්වෙන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලැබේ.

ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබා ගන්නා චිත්‍ර ‘බෞද්ධ කොඩිය – 125 වැනි සැමරුම’ සරසවි සඳරැස පත්‍රයේ පළ කරන අතර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් එළිදක්වන වෙසක් කාඩ් සඳහා තෝරාගනු ලැබේ.

තරග කොන්දේසි -

1. මේ සඳහා ඉදිරිපත් විය හැක්කේ දහම් පාසල්, පිරිවෙන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.

2. එක් තරග අංශයක් සඳහා (ගද්‍ය රචනා හෝ චිත්‍ර) එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර, තරග අංශ දෙක සඳහා ම ඉදිරිපත් වීමට ද හැකි වේ.

3. තරග විනිශ්චය පිළිබඳ අවසාන තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර, තරග පිළිබඳ අවසාන තීරණය සංවිධායක මණ්ඩලය සතු වේ.

4. පළමුවැනි සිය දෙනාට සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

5. එක් එක් තරග අංශයෙන් හා කාණ්ඩයෙන් පළමු 10 හිමි කර ගන්නා තරග කරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර අතිගරු ජනාධිපතිතුමා අතින් පිරිනැමේ.

6. රචනා හා චිත්‍ර වලින් 19 වන සියවසේ බෞද්ධ පුනර්ජීවනය පිළිඹිබු විය යුතු ය. චිත්‍ර නිර්මාණාත්මක හා කලාත්මක විය යුතු ය. එසේම බුදු දහමේ සාරධර්ම හා චින්තනය පිළිබිඹු විය යුතු ය.

7. එවනු ලබන සියලු නිර්මාණ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය සතු වන අතර, ඒවා නැවත තරගකරුවන්ට ලබා දෙනු නොලැබේ.

8. සියලු නිර්මාණ ස්වයං නිර්මාණ විය යුතු අතර, මීට ප්‍රථම කිසිදු තරගයකට ඉදිරිපත් නොකළ ඒවා ද විය යුතු ය.

9. අයදුම්පතක් සකස් කර නිර්මාණ සමග 2010 පෙබරවාරි මස 25 වැනි දිනට ප්‍රථම පහත ලිපිනයන්ට යොමු කරන්නැයි ඉල්ලීමක් කැරේ.

පාසල් සිසුන් හා පිරිවෙන් සිසුන් නිර්මාණ එවිය යුතු ලිපිනය - අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සෞන්දර්ය අංශය)

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. දහම් පාසල සිසුන් නිර්මාණ එවිය යුතු ලිපිනය -

කොමසාරිස් ජනරාල්තුමා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, 301, ටී.බී.ජයා මාවත, කොළඹ 10. අයඳුම්පත්‍රය මෙසේ සකස් කර ගත යුතු ය.

බෞද්ධ කොඩියට වසර 125 ක් සැමරුම නිමිතිකර ගෙන පවත්වනු ලබන සමස්ත ලංකා ගද්‍ය රචනා හා චිත්‍ර තරගාවලිය 2010

01.සම්පූර්ණ නම -

02. උපන් දිනය -

03.පාසලේ /දහම් පාසලේ නම හා ලිපිනය

04. ඉදිරිපත් වන තරග අංශය (ගද්‍ය රචනා/චිත්‍ර)

05. ඉදිරිපත්වන තරග කාණ්ඩය (ප්‍රාථමික/කනිෂ්ඨ/ජ්‍යෙෂ්ඨ)

මෙම නිර්මාණය මාගේ නිර්මාණයක් බවත් මීට ඉහත වෙනත් තරගයකට ඉදිරිපත් නොකරන ලද්දක් බවත් මෙයින් සහතික කරමි.

දිනය -

අස්සන (ශිෂ්‍යයා/ශිෂ්‍යාව)

විදුහල්පති/ප්‍රධානාචාර්ය සහතිකය

...... ශිෂ්‍යයා/ශිෂ්‍යාව...... පාසලේ/ දහම් පාසලේ....... ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බව මෙයින් සහතික කරමි.

දිනය

නිල මුද්‍රාව

අස්සන, විදුහල්පති, ප්‍රධානාචාර්ය

එම අයදුම්පත්‍රය වේ.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]