UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |


යුද්ධය නිම කළ පසු උපන් බිමට කෘතගුණ සැලකීමක් වශයෙන් හම්බන්තොට දිසාවේ මහ සඟරුවන වැඩම කරවා දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සිතේ වූ අධිෂ්ඨානය ඉටු කර ගනිමින් මහා සංඝරත්නයට මැදමුලන වලව්වේ දී ඉකුත් දා (5) දානය පිළිගන්වා අටපිරිකර පිළිගැන්වූ අයුරු  දෙවන ඡායාරූපයේ දැක්වෙයි. ජනාධිපතිවරයා මහා සංඝරත්නය සමග සුහද කතා බහක යෙදුණු අයුරු මුල් ඡායාරූපයේ දැක්වෙයි.
ඡායාරූප - චමින්ද හිත්තැටියගේ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෙහෙයවන ආගමික වැඩසටහනක් 17 දා ගාල්ලේ දී

ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ හා වැඩිහිටි ජනතාවගේ සිත් සතන් ආගම දහමට නැඹුරු කිරීමේ අරමුණ ඇතිව ‘නිවී පහන් වී සිත් සැනසේවා’ නමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් මෙහෙය වන ආගමික වැඩසටහනක් මෙම මස 17 වන දින ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී එදින පෙරවරු 7.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

වප් මස අමාවක පෝය

වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]