UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කෝට්ටේ ධර්මාශ්‍රම විහාරය

කොට්ටේ කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන කඨින පින්කම මෙම මස 25 වෙනි දින පැවැත්වේ. ඒ නිමිත්තෙන් මෙම මස 22, 23, 24 දිනවල පැවැත්වෙන පිංකම් මාලාව මෙසේ ය. කඩිහිංගල ධම්මරක්ඛිත හිමි (කවිබණ) දේවහන්දියේ ජිනරතන හිමි, තිහගොඩ භද්දිය හිමි පිළිවෙළින් රාත්‍රී 07.30 ට ධර්මදේශනා පවත්වන අතර, 25 වෙනි දින කඨින ධර්මදේශනාව, නාගවිහාරවාසී පණ්ඩිත සිරිසුජාත හිමියන් විසින් පවත්වනු ලැබේ. 25 වන දා දවල් කඨින චීවර පූජාව සහිත සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ.


ගල්කිස්සේ දක්‍ෂිණාරාමය

ගල්කිස්ස දක්‍ෂිණාරාමය නාලන්දා පිරිවෙනේ කඨින පින්කම විහාරාධිපති අතුරලියේ ආනන්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කාර්ය සාධක සමිතිය, වතුමුල්ල ග්‍රාමෝදය සමිතිය හා දායක සභාව විසින් සංවිධානය කොට ඇත. ඒ අනුව මෙම 16 වන දා රාත්‍රී 08.30 ට සර්ව රාත්‍රික පිරිත් දේශනය හා විශේෂ අනුශාසනාව ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන් විසින් ද 17 වන දා අලුයම 05.00 ට කඨින චීවර පෙරහර ගල්කිස්ස දක්‍ෂිණාරාම පාරේ පී.ඩී. සිරිසේන මහතා හා වජිරකාන්ති වනිගසූරිය මහත්මියගේ නිවසින් පිටත් වී වීථි සංචාරය කැරේ. සෙනසුරාදා උදෑසන 06.30 ට කප්රුක් පූජාව සහිත කඨින චීවර පූජාව ද සවස 06.30 ට අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව ද සෙනසුරාදා සවස 07.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති යටිරාවන ධම්මාරාම හිමිපාණන් විසින් ද පවත්වනු ලැබේ.


තරණගල

මාදෙයියාව තරණගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති අස්මඩලේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කෑගල්ල මාදෙයියාව/නාගොල්ල තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම් මාලාව මෙම 17 වන දා රාත්‍රියේ කාව්‍ය ධර්මදේශනාවක් ද 18 වෙන දා 35 නමකට අධික මහා සංඝරත්නය උදෙසා සාංඝීක දානමය පුන්‍යකර්මයක්ද පැවැත්වේ.


වාද්දූව ගංගාරාමය

වාද්දූව මහා වාද්දූව පුරාණ ගංගාරාම මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය බෙංගමුවේ නාරද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ උපාසිකා සමිතිය, දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය, දහම් පාසල, ආචාර්ය මණ්ඩලය, ඇතුළු සිසු පිරිසකගේත්, ගම්වාසීන්ගේත්, සංවිධානයෙන් මෙම මස 24 වන දා පැවැත්වේ. කඨින වස්ත්‍රය රැගත් පෙරහර අලුයම 3.00 ගුණතිලක පාර සිරිල් පෙරේරා මහතාගේ නිවසින් විහාරස්ථානය වෙත වැඩමවා ගොස් පූජා කැරේ.


මිල්ලතාකන්ද විවේක සේනාසනය

මිල්ලතා කන්ද විවේක සේනාසනයේ කඨින පින්කම සේනාසනාධිපති කොහොලන්කන්දේ අතුල දේව නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 17 – 18 දෙදින තුළ පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා ඇත.


දොළේවත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානය

පරත්ත දොළේවත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම මෙම 17, 18 දිනවලදී ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. 17 වන දා අටවිසි බුද්ධ පූජාවද 18 වෙන දා දිග්ගලපාර අනුරකුරේ මහතාගේ නිවසේ සිට වඩමවන කඨින චීවරය පි‍්‍රයංකර මාවතේ සුසිලා සිරිවර්ධන මහත්මියගේ නිවසේ සිට පෙරහරින් වැඩම කැරේ. 18 දවල් අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින චීවර පූජාව සහිත සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ.


රත්මලාන ධම්මිකාරාමය

රත්මලාන තුන්වන පටුමග ධම්මිකාරාමයේ කඨින පින්කම මෙම මස 23 සහ 24 දෙදින තුල ශාස්ත්‍රපති වීරකැටියේ තිලකරංසි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. කඨින පෙරහර 24 වනදා අළුයම ද කඨිණානිශංස ධර්ම දේශනාව සවස 7.00 ට රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් විසින්ද පවත්වනු ලැබේ. පින්කමේ මෙවර දායකත්වය උසුලනු ලබන්නේ ලලිතා ජයවික්‍රම මෙනවිය, ප්‍රධාන සොයුරු සොයුරියන් විසිනි.


මැස්ටිය

වාද්දූව මැස්ටිය ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මෙම මස 24 වන දින පූජ්‍ය බඩල්කුඹුරේ සෝමානන්ද නා හිමියන්ගේ අනූශාසකත්වයෙන් සිදු කැරේ.


රූමස්සල

ගාල්ල උනවටුන රූමස්සල කන්දේ ශ්‍රී සමුද්‍රගිරි සේනාසනයේ ආරම්භක විහාරාධිපති ශාස්ත්‍රපති සිරිසුදස්සී රූමස්සල නාහිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම මෙම 24 දා දවල් සිදු කැරේ. 23 දින රාත්‍රී ආශිර්වාද බෝධි පූජාව මොණරාගල චන්ද්‍රරතන හිමියන් සිදුකරන අතර රූමස්සල උපරතන පිරිවෙන්පති හින්දි භාෂා ගුරු උපදේශක රතනසාර මාහිමියන්ගේ ධර්මදේශනයක් ද පැවැත්වේ. රූමස්සල නා හිමියන්ටත් සියලුම දායක පිරිසටත් දිගාසිරි පතනු ලැබේ. සේනාසනයට ජල පහසුකම් ලබාදුන් පැලැන්වත්තේ ඩී. පී. රූපසිංහ මහතා ඇතුලු දායක පිරිසටත් කොට්ටව කේ. වයි. ජී. ජයන්ත මහතා සහ එම කණ්ඩායමටත් පුණ්‍යානුමෝදනය කෙරේ. වස් පින්කමේ විශේෂ සංවිධායක වෛද්‍ය පී.පී. ලියනගේ මහතා වේ.


ගොරකදෙණිය පුණ්‍යවර්ධනාරාමය

අත්තනගල්ල ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ කඨින පින්කම මේ මස 17 හා 18 යන දිනවලදී පැවැත්වේ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවසින් 18 වනදින කඨින චීවර පෙරහර පිටත්වන අතර කඨිනානිසංස ධර්ම දේශනය ගණේමුල්ලේ පඤ්ඤාතිලක හිමියන් විසින් පවත්වනු ලැබේ.18 වනදින දවල් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවකි.

මෙවර පින්කමේ විශේෂත්වය වනුයේ කඨික චීවරය පුරාණ චාරිත්‍ර අනුගමනය කරමින් රෙදි වියා සිවුර මසා පඬු පොවා සකස් කර ගැනීමයි.

වප් මස අමාවක පෝය

වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]