UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කටාන, කන්තෝරුවත්ත, නො. 372 හි පදිංචි හංසනී වාසනා හඳුන්දේවගේ දැරිය ස්ථිර දිගු කාලීන වකුගඩු අකර්මන්‍යතාවයකින් පෙළෙන අතර ඇය දැනට පේරාදෙණිය රෝහලේ වකුගඩු පිළිබඳ ළමා රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගනී. ඇයගේ පරීක්‍ෂණ වාර්තා අනුව ඇයට ඉතා ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ යුතු බව කියයි. ඇයගේ දෙමාපියන් දෙදෙනා අධිරුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්ත්ව වලින් පෙලෙන බැවින් ඔවුන්ට දැරිය සඳහා වකුගඩුවක් ලබා දිය නොහැකි බවද කියයි. එබැවින් ඇය සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් ඉහත ලිපිනයට පරිත්‍යාගශීලියකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


රද්දොළුගම නිවාස යෝජන ක්‍රමයේ 5B/54/R අලිපිනයෙහි පදිංචි ලලිත් ද සොයිසා 44 වන වියෙහි පසුවන අතර කැලණිය විශ්වවිද්‍යාලයෙහි උපාධිධරයෙකි. ඔහු විවාහකයකු ද වෙයි. වකුගඩු ආබාධයකින් පෙලෙන ඔහුගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් නුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ ඉක්මනින් එක් වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බවයි. (ඔහුගේ රුධිරය දින දෙකකට වරක් මාරු කරයි) මේ සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් ඉහත ලිපිනයට හෝ 0114854846 දුරකථන අංකයෙන් විමසන මෙන් ඔහුගේ සොයුරු නිශාන්ත ද සොයිසා ඉල්ලීමක් කරයි.


තෙල්දෙනිය මීගස්තැන්නිගම කිතුලේමඩ පදිංචි වයස අවුරුදු 2 1/2 ක් වන සුරනි රංගනා දියණියගේ මොළයේ හටගත් ගෙඩියක් හේතුවෙන් ඇය ඉතා ඉක්මනින් ශල්‍යකර්මයකට ලක්කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ඔබේසේකර මහතා නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද මවු පියෝ කියති. දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ඇගේ මව්පියන්ට එම මුදල සොයා ගැනීම අපහසු බැවින් ඒ සඳහා මුදල් ආධාර ලබා දීමට කැමති අයෙකු වෙත්නම් මහනුවර මහජන බැංකුවේ 003-2-001-1- 0020188 ගිණුමට මුදල් බැර කරන ලෙස හෝ 066 7915630 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස දෙමව්පියෝ ඉල්ලා සිටිති.

වප් මස අමාවක පෝය

වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]