වියතුන් දුටු
‘වධක භාර්යාව’
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති
සාලිය කුලරත්න කෙමෙන් මේ මව, සිය සැමියා නිවටයකු ලෙසත්, නූගතකු හා අන්ධ
බාලයකු ලෙසත් සලකමින් දරුවන් ඉදිරියේ පවා ඔහුට නින්දා කරන්නට වන්නීය.
මේ නීරස, අප්‍රසන්න අත්දැකීමට නිතර
ලක්වීමෙන් පිරිමි දරුවන් අතුරින් වඩාත් භාව සංවේදී වූ
මේ සිසුවාට ස්ත්‍රීන් පිළිබඳව බලවත්
පිළිකුළක් හටගෙන ඇත.
භාර්යාවන් පිළිබඳ වර්ගීකරණයක්, බුදු සමයෙහි පනවා ඇති සේම ඒ වර්ගීකරණයේ
ඒ ඒ ස්ථාන සඳහා ගැළපිය හැකි කාන්තාවන්ගෙන් මේ සමාජය පිරී පවතී.
සඛී,භගිනි, මාතෘ, දාස ආදී විවිධ ගුණ දරන්නා වූ භාර්යාවන් අතර වඩාත්
අයපත් හා සමාජයට උවදුරක් වන භාර්යා ගණයක් ලෙස වධක භාර්යාව හැඳින්විය
හැකිය. මේ කියන ගණයේ භාර්යාවන් කිහිප දෙනෙකුගේ අමනෝඥ ක්‍රියා කලාප හේතු
කොටගෙන සිදුවී ඇති සමාජ ව්‍යසන පිළිබඳව ප්‍රකට හා අප්‍රකට වියතුන් පළ
කළ අදහස් ඇසුරින් මේ ලිපිය සැකසේ.
මැදහත් බෞද්ධයන් වශයෙන් අප, අපගේ අගතීන් හා අධානග්‍රාහී වැරැදි අවබෝධ
තත්වයන්ගෙන් දුරුවීම , අන්‍යයන්ට කරන යහපතක්ද වන සැටි මේ නිදසුන් ඔස්සේ
ප්‍රකට වනු ඇත.
මහාචාර්ය නන්දසේන රත්නපාල විද්වතා පසුගිය දශක තුන හෝ හතර ඇතුළත, මෙරටේ
කිසිදු සමාජ විද්‍යාඥයෙකු විසින් අනුගමනය නොකරන ලද ප්‍රායෝගික
ක්‍රමවේදයක් මගින් මනුෂ්‍ය ජීවිතයේ නොයෙක් අඳුරු අඝාධ ගවේෂණය කළේය. එක්
කලෙක ඔහු වෙස් වලාගෙන යාචකයෙකු සේ වෙසෙමින් ලංකාවේ යාචකයන් ගැන කරුණු
හැදෑරූවේය. ගණිකා වෘත්තියෙහි මෙතෙක් අනාවරණය නොවූ, අඳුරු පැතිකඩයන්
ඒතුමාට සොයාගත හැකිවිණි. එවන් ගවේෂණයක් ඇසුරින් එතුමා ලියූ “Male
sex work in Sri Lanka “ නම් ලිපිය වැදගත්ය. විවිධ මිනිසුන් සමඟ අඥාතව
ගැවසීමෙන් මහැදුරු රත්නපාල කෙනෙකුට ඇසූ පමණින් සිතාගත නොහැකි චරියා ඇති
මිනිසුන් ගැන තතු පාඨකයා හමුවේ තැබීය. 2007 දී ප්‍රකාශ වූ “ මනුෂ්‍ය
ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් නම් ග්‍රන්ථය ඇඟ රෝමෝද්ගමනය කරවන
එබඳු අත්දැකීම් ඇතුළත් වූවකි. “අපරාධකාරයන්ට ගරු කරන සමාජයක් “ “මේ
ජීවිතයේදීම පල දෙන කර්මය “ “සාරධර්ම” , පුරුෂාර්ථ හා වටිනාකම් “ ආදී
පරිච්ඡේද , පින් පව් පිළිබඳ සූක්ෂ්ම අවබෝධයක් ලබනු කැමැති අය විසින්
කියවිය යුතුමය. සත්ත්වයන් අමු අමුවේ ඝාතනය කළ සත්ව ඝාතකයන්ට මේ
ජීවිතයේදීම ඒවායේ දරුණු විපාක පල දුන් ආකාරය 2003 දී ප්‍රකාශ වූ “ මේ
ජීවිතයේදීම පල දෙන කර්මය “ කෘතියේ විස්තර වේ. මහාචාර්ය රත්නපාල
පේරාදෙණි සරසවියේ ආචාර්යවරයකු නොවුණද, එතුමාගේ අභාවයට වසර දෙකකට පමණ
පෙර , එතුමා ඇසුරු කිරිමේ අවස්ථාව මට ලැබිණි.
පේරාදෙණිය ෂශ්වවිද්‍යාලයේදීත්, කොළඹ පැවැති විවිධ උත්සව හා දේශන
කිහිපයකදීත් මට ඒතුමා මුණ ගැසී මෙවන් කරුණු කථාබහ කිරීමට අවකාශ උදාවිය.
එතුමා ලියූ පෙර දැක්වූ ග්‍රන්ථ වලටද ඇතුළු නොවූ, මිනිස් ජීවිතයේ
වේදනාකාරී සිදුවීම් කිහිපයක් මට අසා ගත හැකි වූයේ එහිදීය. මහාචාර්යවරයා
හමුවට වරක් පැමිණි ඔහුගේ ශිෂ්‍යයෙක්, තම මවුපියන් අතර පැවැති වේදනාකාරි
සිදුවීමක් විස්තර කළේය.
ශිෂ්‍යයාගේ මව, ඔහුගේ පියාට වඩා උගත් වූවාය. දෙදෙනා අතර විවාහය සිදු වී
ඇත්තේ , මවගේ පියාගේ යෝජනාවක් අනුවය. විවාහ වූ දා පටන් සිසුවා ගේ පියා,
පෙදරේරු වෘත්තිය කරමින් තම බිරිය ආරක්ෂා කළේය. ඔහුට දාව සිසුවාගේ මවට
දරුවන් කිහිප දෙනෙකු ලැබිණි. ‘කෙමෙන් මේ මව, සිය සැමියා නිවටයකු ලෙසත්,
නූගතකු හා අන්ධ බාලයකු ලෙසත් සලකමින් දරුවන් ඉදිරියේ පවා ඔහුට නින්දා
කරන්නට වන්නීය.
මේ නීරස, අප්‍රසන්න අත්දැකීමට නිතර ලක්වීමෙන් පිරිමි දරුවන් අතුරින්
වඩාත් භාව සංවේදී වූ මේ සිසුවාට ස්ත්‍රීන් පිළිබඳව බලවත් පිළිකුලක්
හටගෙන ඇත’. පසු කාලයේදී මේ සිසුවා , තරමක් හෝ උගත්, තර්කවාද කරන
ස්ත්‍රීන්ට අකමැත්තකින් පෙළුණි. සරසවි අධ්‍යාපනයක්ද ලැබ උසස් රැකියාවක්
පසු කාලයේදී කළ හෙතෙම, ඉතා චාම් , අහිංසක කාන්තාවක් අවාහ කර ගත්තේය. මේ
කාන්තාව, සිය මාමණ්ඩියට සාත්තු කරනු, යම් හෙයකින් නැන්දනිය විසින්
දකිනු ලැබුවහොත් ඉන් දින කීපයකට පසු, කුමක් හෝ අප්‍රසන්න කරුණක්
නිර්මාණය කොට ගෙන පුතු හා ලේලිය එකිනෙකා කෙරේ බිඳවීමටත්, එක්තැන්ව
සයනයක සිටින මහලු සැමියාගේ ජීවත්වීම පවා ඔහුට එපා වන ලෙස දෙස් දෙවොල්
කීමටද මේ මහලු මව පුරුදු වී සිටියාය. ඇය , පොහෝ දිනවලදී නොවරදවා
සිල්ගැනීමටත් සිල්පවාරණය කොට, නිවසට පැමිණ එක්තරා පෞද්ගලික රූපවාහිනී
නාලිකාවක ප්‍රචාරය වන මවුපියන්, දූ දරුවන්, එකිනෙකාට එරෙහිව සතුරුකම්
දියත් කරගන්නා සැටි කියැවෙන ටෙලිවෘත්තාන්තයක්ද නරඹන්නීය. මේ පුවත මා හා
පැවසූ මහාචාර්ය රත්නපාල, මේ හා සමාන, වෙනත් නිදසුනක් ගෙන හැර දැක්වීය.
මහාචාර්ය හෙලන් වැම්බෝ ලියූ “life before
life “ නම් ග්‍රන්ථයේ, තම
දරුවන්ට හා සැමියාට කිසිදු හේතුවක් නැතිව වෛර කළ කාන්තාවක් පිළිබඳව
දැක්වෙන තොරතුරු අතිශයින් ඛේදනීය වේ. එක් මවක් සිය සැමියාගෙන් කාම පහස
විඳීමට රුචි නමුත්, ගැබ් ගැනීමට අකමැත්තක් දැක්වූවාය. යම් හෙයකින්
ගැබ්ගතහොත් සැමියාට දෙස් දෙවොල් තැබීමට පුරුදුව සිටි ඇය, දරු ගැබ විනාශ
කිරීමේ මං සෙවුවාය. කෙසේ හෝ ඇගේ හිංසා මැද ඉපදුණු දරුවෙක්, ස්වාපන
නීද්‍රාවට ලක්කොට තොරතුරු ගැනීමේදී , තමාට ඉපදෙන්නට ඉඩ හරින ලෙස, මනෝ
කායෙන් ගොස් මවගේ කණට කොඳුරා කී බව “ පවසා තිබේ. මව හා පියා එකිනෙකා හා
බහින් බස් වන සැටි, කුස තුළ සිට ඒ දරුවාට ඇසුණු බව, ඔහු පසුව කිවේය.
මෙයට වසර කිහිපයකට පෙර, රෝගාබාධයක් හේතුවෙන් මිය ගිය, පේරාදෙණිය
සරසවියේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුව සිටි විභාවී විජේශ්‍රී
වර්ධන මහතාද සමාජ ගවේෂණ කළ අයෙකි. ඔහු ජීවත්ව සිටියදී මා හා කී පුවතක්
මෙසේය. එක් කලකදී ඔහු දැන සිටි තරුණයෙක් නිවසට හොර රහසේ විවාහයක්
කරගත්තේය. තරුණිය සරුව පිත්තල රුචිඅරුචිකම් ඇත්තියකි. තරුණයා නගර සභාවේ
වැඩ පරීක්‍ෂකයෙක් ලෙස කටයුතු කළේය. ඔහුගේ පවුලේ වැඩිමල් සහෝදරයෝ උගත්
අය වූ අතර ඔවුන්ගේ රුචි අරුචිකම් චාම් මුහුණවරක් ගත්තේය. සන්සුන්
ජිවිතද ඔවුහු ගත කළය.
ඉහළ වෘත්තීය තත්වයක් ඔවුනට තිබිණි. ඉහත කී තරුණයා විසින් තරුණිය නිවසට
කැඳවා ගෙන එනු ලැබූ අතර, එතැන් පටන් ඒ පවුලේ පැවති සමගිය විනාශ මුඛයට
ගියේය. තම සැමියාගේ උගත් සොයුරන්ගේ පවුල් අවුල් කරන අවස්ථා සැමෙකකින්ම
පාහේ තරුණිය ප්‍රයෝජන ගත්තාය. ඇය සිය සැමියාටද ගරු නොකළ අතර අනියම්
සබඳතා කිහිපයක්ම පවත්වාගෙන ගියාය. අවසානයේ ඒ ගෙදර ගරුත්වය එතෙක් ආරක්ෂා
කළ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා උග්‍ර කලකිරීම නිසා පවුලෙන් දුරස් වුයේය. දැන් ඒ
නිවසේ පවතින්නේ, ඇත්ත ඇති සැටියෙන් සංජානනය කරගත නොහැකිව තමා සන්තකයේ
තිබුණු මාහැඟි සම්පත් හොරුන් විසින් රැගෙන යන ලද කල්හි හිස් බැල්මෙන්
පාර දෙස බලා සිටින පිරිසකගේ සංස්කෘතික සෝදා පාලුවකි.
“Mary” T .Brown
නම් අධි චක්ෂු ලාභිනිය ලියූ Life after death “ නම් කෘතියේ එක් තැනෙක
ඇය මෙසේ සටහන් කරන්නීය.
“අප ජීවත්වන කාලයේදී හෝ මිය යාමේදී පසුතැවිලි නොවිය යුතුය. වැරැදි
රාශියක් සිදුකොට, මම පසුතැවිලි නොවෙමි’යි සිතීමෙන් පලක නැත. පසුතැවිල්ල
අඳුරේ ගෙට ඇතුළුවන සර්පයකු සේ වැරැදි කළ වුන් සොයා එයි” .
Gina cerminara “ලියූ
Many Mansions” යනු ලෝකය පුරා පිටපත් දහස් ගණනින්
අළෙවි වූ පොතකි. ඒඩ්ගාකේසී නම්, දිව්‍ය චක්ෂු ලාභියා, දහස් ගණනකගේ ආත්ම
ගත තොරතුරු අනාවරණය කළ සැටිය එහි විස්තර වේ.
මවුපියන් හා දරුවන් ගැන සර්මිනාරා එහි මෙසේ දක්වයි. “ දරුවන් ඔබේ ජීව
සාරයෙන් උපන්නද ඔවුන් ඔබට අයිති නැත. සමහර විට ඔවුන්ගේ සංසාර දැනුම ඔබ
මවිතයට පත්කරනු ඇත. මහා පඬිවරු , විශේෂඥයෝ , ඔබේ සිරුරු ආධාරයෙන්
දරුවන් සේ උපදිති.
ඔවුනට දුන් කෑම බීමට හිලව් වන ලෙස පසු කාලයේ ඔවුන්ගේ පවුල් ජීවිත
ආක්‍රමණය කිරීමට ඔබට අයිතියක් නැත. ඔවුනට ගරු කරන්නට මඳක් හෝ ඉගෙන
ගත්තේ නම්, ඔවුන් ලෝකයෙන් ලබන ගෞරවය ඔබටද සම්මාදම් කිරීමට ඔවුහු පසුබට
නොවෙති. “
කුරුණෑගල රම්මණ්ඩා පොකුණු විහාරාධිපති මිණිගමුවේ රතනපාල හිමියන් මා හා
පැවසූ පුවතකි. එක් මවකට තමා සැමියා වහකදුරු සේ තික්තය. ඒ ඔහු කළ වරදක්
නිසාම නොවේ. මේ හේතුවෙන් සැමියාට දාව ඈට දාව උපන් පිරිමි දරුවන්ගෙන්
සමහරෙකුට ඇය අවමන් කරයි. ඇයට අවවාද කිරීමට වරක් ඇගේ උගත් දරුවකු
ඉදිරිපත් වූයේය. අවවාදයෙන් කිපුණු ඇය, තම වරද වටහා ගනු වෙනුවට තම
පුත්‍රයාටත් ලේලියටත් අසල්වැසියනට ඇසෙන සේ මහ හඬින් බැණ වැදුණාය. ඉන්
නොනැවතුණු මව, පුත්‍රයාට රිදවීමේ මඟක් සොයමින් සිට, අසල්වැසි තරුණ
පිරිසක් සමඟ පුත්‍රයාගේ බිරිය පටලවමින්, තමාගේම පුතුගේ පවුල් ජීවිතය
විනාශ කිරීමේ ප්‍රයත්නයක යෙදුණාය. තම පුතුගේ නැති වැරැදි අසල්වැසියන්ට
කියා ඔවුන් පුතු හා බිදුවීමට ඇය කාලය යොදා ගත්තේ සිල් ගන්නා අතරතුරය.
බුදුසමය සමාජය සමග ගැළපීමේදී එහිවූ නිර්මල බව දූෂණය වෙමින් හුදු ආමිස
හැසිරීම් පමණක් අගැයෙන බව පවසන කෙන්ජොන්ස් නම් ලේඛකයා, මිනිසුන් ආගම
යොදා ගන්නේද, තව අයෙකුට දෙවීමට බව “ “ Social Face
of Buddhism හි දක්වයි.ජිනා සර්මිනරා පවසන්නේ මෙවන් අය “ සෙවුස්
සංකීර්ණයෙන් (Satisfaction Uantum ) පෙළෙන බවය. එනම්, මොන තරම් උගත් අයෙකුගේ
අවවාදයක් වත් ගණනකට නොගෙන තමා නිවැරැදි බව සිතා සිටීමය. මෙවන්
අධානග්‍රාහයක ජීවිතාවසානය තෙක් සිටීමට එබන්දෝ පි‍්‍රයවෙති.
“මිච්ඡා දිට්ඨි පච්චයා , අනේකා අකුසල ධම්මා සම්භවන්ති, අයට අනත්ථො, යි
අංගුත්තර නිකායේ දැක්වෙන්නේ මිථ්‍යා දෘෂ්ටිය හේතුවෙන් අනර්ථකර නොයෙක්
අකුසල දහම් සම්පාදනය වන බවය” ඉහත දැක්වූ වධක , අපි‍්‍රය අනර්ථ කර
භූමිකා මවා පෑ ස්ත්‍රීන්ට කිසි දිනක ඉන් ජයග්‍රහණය අත් නොවේ. මරණාසන්න
අවස්ථාවේදී ඔවුනට තමා වෙනුවෙන් වැළපීමට සිදුවුණු ඇත. |