UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අභයගිරි රජ මහා විහාරස්ථ භෛරව දේව පූජා මංගල්‍යය 26 දා

අනුරාධපුර ඓතිහාසික අභයගිරි රජමහ විහාරස්ථ වාර්ෂික මහා භෛරව දේව පූජා මංගල්‍යය මෙම මස 26 වනදා පැවැත්වේ.

උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත අභයගිරි විහාරාධිකාරි කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් භෛරව පූජා කමිටුව මගින් එය සංවිධානය කරයි. එදින (26) මෙම ඓතිහාසික භෛරව දේව පූජා උළෙල ආරම්භ වන්නේ පස්වරු 6.30 ටයි .අනතුරුව රාත්‍රි 7.00 ට ශබ්ද පූජාව සහ ආලෝක පුජාව පැවැත්වේ. රාත්‍රි 7.15 ට බුද්ධ පූජාව හා බෝධිපූජාව පවත්වා රාත්‍රි 7.30 ට ශ්‍රී විෂ්ණු දේව පූජාව පවත්වනු ඇත. රාත්‍රි 8.00 ට කිරි ඉතිරීමේ මංගල්‍යය හා මහා භෛරව පූජාව ආරම්භ කෙරේ. අනතුරුව රැස්ව සිටින බැතිමතුන්ට දේව පූජාව බෙදා දෙනු ඇත. එම අවස්ථාවට ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමි ලංකාරාමාධිකාරි රළපනාවේ ධම්මජෝති , ජේතවනාරාමාධිකාරි ඉහල හල්මිල්ලෑවේ රතනපාල, මිරිසවැටිය විහාරාධිකාරි ඊතල්වැටුනවැවේ ඤාණතිලක , යන හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයද, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ,උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ඩබ්ලිවි. බී.ඒකනායක, ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය දුමින්ද දිසානායක, පළාත් සභා සභාපති පී.බී.දිසානායක,අනුරාධපුර නගරාධිපති, ලංකා කේ. කල්දේරා, මහ දිසාපති එච්.එම්.කේ. හේරත්, නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි , උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද, පොලිස් අධිකාරි කේ.ඇම්. විජේකෝන් යන මහත්වරු ඇතුළු අති විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වනු ඇත.

ජනාධිපති තුමාට, රටට ජනතාවට රජයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා සියලු ලක්වැසි දනන් හට සෙත්පතා එම මහා භෛරව පූජා දේව මංගල්‍යය පැවැත්වෙන බව අභයගිරි විහාරාධිකාරි කල්ලංචියේ රතනසිරි නා හිමියෝ පැවසූහ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]