UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැටරඹ හේමරතන හිමියන්ට නායක පදවියක්

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, මඟුල් මහා විහාරය, යටගල රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්‍ෂ ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය, ශාස්ත්‍රපති, පණ්ඩිත මැටරඹ හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනකර’ යන ගෞරව නාම සම්මුතිය ද සහිතව දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වීය මහා සංඝ සභාව මගින් එම පදවිය පිරිනමා ඇත. අභිනව නාහිමියන් වෙත ඒ හා අදාළ ලිපිය බාරදීම මහනුවර මල්වතු මහා විහාරයේ දී පසුගිය දා සිදු කෙරිණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට ගිහි, පැවිදි සම්භාවනීය විශාල පිරිසක් ද සහභාගි වූහ. සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාරස්ථානයන් මුල් කරගෙන සුවිශාල ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රාශියක නියුතු මැටරඹ හේමරතන නාහිමියෝ එදා මෙදා තුර එකී සිද්ධස්ථානයන් හි දියුණුව සඳහා අත්‍යුධාර කාර්යභාරයක යෙදි සිටියහ.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]