Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැටරඹ හේමරතන හිමියන්ට නායක පදවියක්

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, මඟුල් මහා විහාරය, යටගල රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්‍ෂ ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය, ශාස්ත්‍රපති, පණ්ඩිත මැටරඹ හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනකර’ යන ගෞරව නාම සම්මුතිය ද සහිතව දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වීය මහා සංඝ සභාව මගින් එම පදවිය පිරිනමා ඇත. අභිනව නාහිමියන් වෙත ඒ හා අදාළ ලිපිය බාරදීම මහනුවර මල්වතු මහා විහාරයේ දී පසුගිය දා සිදු කෙරිණි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට ගිහි, පැවිදි සම්භාවනීය විශාල පිරිසක් ද සහභාගි වූහ. සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාරස්ථානයන් මුල් කරගෙන සුවිශාල ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රාශියක නියුතු මැටරඹ හේමරතන නාහිමියෝ එදා මෙදා තුර එකී සිද්ධස්ථානයන් හි දියුණුව සඳහා අත්‍යුධාර කාර්යභාරයක යෙදි සිටියහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.