ඕමානයේ වෙසක් සිරි
දිගන්තයේ නිසොල්මනේ හිඳින වියළි මහා කඳු යායත්, තැනිතලා වාලුකා භූමියේ
ගිණියම් වූ වාළුකාතලයත්, සනසාලමින් නිසළ ගුවන් තලය අරා පින්බර ලීලාවෙන්
වැඩ හිඳුනා සුන්දර පූර්ණ චන්ද්‍රයාගේ නිවී සැනසිල්ලේ ගලාගිය පින්බර සඳ
කිරණ ගෙවී ගිය වෙසෙග් අසිරි සිරි අප මුළු සිත් මල් යායක්ම අමා පහසින්
සනසමින් මේ ඕමානයේ ගුවන් තලය සිසාරා ගලා ඇවිත් සියලු බොදු දනන්ගේ හදවත්
මහත් බැති සිතින් ස්පර්ශ කළ සේය.
ඉතිරිය»
ධර්ම දේශනාව: සොබාදහමින් බුදු දහම දැකීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේ සංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ
සැදැහවත් පින්වත්නි,
අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ අපමණ දිගු කලක් පුරා සසර භවයෙන් භවයට
සැරිසරමින් සොබාදහමේ ආශ්වාදය ලබමින් එහි යථාර්ථය තත්වාකාරයෙන් දැනගෙන
සංසාර විමුක්ති මාර්ගය හෙළිකොට දක්වා වදාළ සේක.
සත්වලෝක, සංඛාරලෝක, අවකාශලෝක සංඛ්‍යාත විශ්වයේ පැවැත්මට හා නොපැවැත්මට
ප්‍රධාන හේතුව වන්නේ අනිත්‍යභාවයයි. පරමාණුවේ පටන් අතිමහත් භෞතික
වස්තූන් ද ඇමීබාගේ පටන් කුදුමහත් ජීවීන් ද යම්හේතු සමුදායක් නිසා ඇති
වීම මෙන්ම වෙනස් වීම ද යළි ඇතිවීමද ක්‍ෂණමාත්‍රයක් පාසා සිදුවන්නා වූ
විශ්වසාධාරණ ප්‍රවණතාවයි.
ඉතිරිය»
යුදඟනාවේ ඇසළ මහා මංගල්‍යය
ඌව - වෙල්ලස්සේ ඓතිහාසික යුදඟනා රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර
අගෝස්තු මස 28, 29, 30 යන දිනයන් හිදී අති උත්කර්ෂවත් අන්දමින්
පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ඉතිරිය»
|