“ධම්මයාත්‍රා” ඉංගි‍්‍රසි ත්‍රිපිටක පොත් බෙදා දීමේ
පුණ්‍යාත්සවය
බුදුරජාණන් වහන්සේ ක්‍රි.පූ. හයවැනි සියවසේ භාරතයේ ඉපි ද ලෝක සත්ත්වයාගේ සංසාර දුක
නැති කිරීම පිණිස දේශනා කළ දහම අපි බුද්ධ ධර්මය ලෙස හඳුන්වමු. උන්වහන්සේ හතළිස් පස්
වසරක් තිස්සේ නොයෙක් තැන්වල දී නොයෙක් පුද්ගලයන් අරමුණු කර ගෙන දේශනා කළ දහම් කොටස්
එක් කොට ධර්ම සංගායනාවල දී ත්‍රිපිටකය ලෙස සංග්‍රහ කරන ලදී. පාලි භාෂාවෙන් දේශනා කළ
ඒ දහම අද ජාත්‍යන්තර භාෂාව ලෙස ලෝකයේ භාවිත වන ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කිරීම
අගනා කටයුත්තකි.
වර්තමානයේ ලෝකයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී සිටින ඕස්ට්‍රේලියන් ජාතික අජාන්
බ්‍රහ්මවංසෝ තෙරුන්ගේ ජ්‍යෙෂ්ඨතම ගෝල දෙනමක් වන භන්තේ සුජාතො සහ භන්තේ බ්‍රහ්මාලී
යන හිමිපාණන් වහන්සේ විසින් පාලි ත්‍රිපිටකය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර ඇත.
එසේ පරිවර්තනය කළ සූත්‍ර හා විනය පිටකවලට අයත් ග්‍රන්ථ ලංකාවේ 825ක් වූ සියලු
පිරිවෙන්, සීලමාතා ආයතන 12ක්, ගුරුවිද්‍යාල, විශ්වවිද්‍යාල මෙන් ම විශේෂ පුස්තකාල
වෙත පරිත්‍යාග කිරීමට ලැබීම ඉමහත් සතුටකි.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන බුදුවදන සිහිපත් කරමින් සියලු දානයන් අතරින් වටිනා
ම දානය වූ ධර්ම දානයක් ලෙසින් පොත් කට්ටල් දහසක් (1000ක්) මෙසේ පූජා කිරීමට කටයුතු
කළ සුත්තසෙන්ට්‍රල් ආයතනය පුණ්‍යානුමෝදනාත්මක ව සිහිපත් කරමි.
ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කළ ත්‍රිපිටක පොත් බෙදා දීමේ ප්‍රධාන උත්සවය මෙම මස 19
දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට තෛ‍්‍රනිකායික
නායක හිමිපාණන් වහන්සේ මෙන් ම සම්භාව්‍ය දෙස් විදෙස් පිරිසක් සහභාගී වීමට නියමිත ය.
ඉන් අනතුරුව ලංකාවේ සියලු දිස්ත්‍රික් සඳහා පොත් බෙදා දීම සංවිධානය කොට ඇත. ඒ අනුව
කළුතර බෝධිය, ගාල්ල විජයානන්ද පිරිවෙන, මාතර සිද්ධාර්ථෝදය පිරිවෙන, හම්බන්තොට
ධම්මදින්න පිරිවෙන,මොනරාගල ශික්ෂාකර පිරිවෙන, අම්පාර මණ්ඩල මහා විහාරය, පොළොන්නරුව
විජයබා පිරිවෙන, ත්‍රිකුණාමලය ධම්මරතන පිරිවෙන, යාපනය විශ්වවිද්‍යාලය, අනුරාධපුර
විජය විදර්ශන පිරිවෙන, හලාවත පරම ධම්ම පිරිවෙන, කුරුණෑගල සුමන පිරිවෙන, මාතලේ
විද්‍යානන්ද පිරිවෙන, මහනුවර මල්වතු විහාරය, නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය, බදුල්ල
ධර්මවිජය පිරිවෙන, කෑගල්ල ශ්‍රී මහින්දෝදය පිරිවෙන, ගම්පහ විද්‍යාවංශ පිරිවෙන යන
ස්ථානවල දී ත්‍රිපිටක පොත් බෙදා දීමට නියමිත ය.
-
කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි |