[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත්

බොදු පුවත්

අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහා නිකායේ මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටිය පැතුම්ගම ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩසිටි මාපලානේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ අවුරුදු 72ක් ආයු වළඳා පසුගිය දෙසැම්බර් මස 13වැනි දින අපවත්වී වදාළහ.

උන්වහන්සේට ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නොසිටි බැවින් එම නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහනායක හිමිපාණන් විසින් අපවත්වී වදාළ මාපලානේ පඤ්ඤාකිත්ති හිමිපාණන්ගේ එකම පැවිදි සහෝදරයා වන පෑලියගොඩ රෝහන විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ ව එම විහාරස්ථානයේ අභිනව විහාරාධිපති ලෙස පත්කර ඇත. සතර පේරුවේ දායකයන්ගෙන් සිවුපසය ලබන සත්ගුණවත් දායක පිරිසකගෙන් සපිරි, ආගමික වතාවත් මැනවින් ඉටුකරන, දහම් පාසලක්, ළදරු පාසලක්, මරණාධාර සමිතියක් ඇතුළු සමිති සමාගම් කීපයක් මෙම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැඟී ඇති අතර ඉදිරියේ දී උභය විහාරාධිපතීන් වහන්සේ ලෙස ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ වෙත එම සියලුම වගකීම් පැවරී ඇත.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]