ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහියංගණ, දඹාන ආදිවාසී ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානයෙහි ආරම්භය ක්‍රි.ව. 2010 දී ය. නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ මීගහකිවුලේ සුගතවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමියන්ගේ විහාරාධිපතිත්වය යටතේ ආදිවාසී නායකතුමාගේ ප්‍රධාන දායකත්වය සහිත ව පවත්වාගෙන යන මේ විහාරස්ථානය සැලකිය යුතු සංවර්ධනයක් අත්කර ගනිමින් සිටියි.
විශ්වකීර්ති වනස්පති, ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත දිස්නා වනිගසේකර මහත්මියගේ මූල්‍ය පරිත්‍යාගයෙන් විශාල දාගැබක් ද, පන්නිල ආනන්ද හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දහම් පාසල් ගොඩනැඟිල්ලක් ද ඉදිකර දහම් පාසලක් පවත්වා ගෙන යාමට ද කටයුතු සලසා තිබේ. ජයශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ද රෝපණය කර ඇත. ආදිවාසී දරුවන් සසුන්ගත කරමින් ශාසනික දායාදය අත්කර දීමටත්, බෞද්ධ දර්ශනය අවබෝධ කරවීමටත් වර්තමාන විහාරාධිපති කීර්ති ශ්‍රී ධර්ම කථික, විචිත්‍රභානක, ශාසනකීර්ති, විනයාලංකාර, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්ෂ, පොළොන්නරුව තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති හා ඓතිහාසික මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමිපාණන් වහන්සේ කටයුතු කර තිබේ. එම කුල දරුවන් පැවිදි බිමට පත්වීමෙන් පසු අවශ්‍ය සංඝාවාස හා අනෙකුත් පහසුකම් සැලසීම වෙනුවෙන් වසර පහක සැලැස්මක් සහිත මහාවිහාර කර්මාන්තයකට මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයක් ජනවාරි මස 10 වැනි දින සුබ මොහොතින් ආරම්භ කෙරිණි. ආදිවාසී නායකයකු විසින් තෙරුවන් සරණ ගොස් තම පරපුරේ දෙලොව සුගතිය පිණිස ලොව නිර්මාණය කරනු ලබන එකම විහාර කර්මාන්තය ගොඩනැඟීමට දෙස් විදෙස් බෞද්ධ - අබෞද්ධ සැමගේ සහයෝගය ගෞරවාර්හ විහාරාධිපති හිමියනුත්, විශ්වකීර්ති වනස්පති ආදිවාසී නායකතුමාත් අපේක්ෂා කරති.
පදියතලාවේ අමරවංශ හිමි
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]