[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ආගමික සහජීවනයේ අසිරිය මවන ගඩලාදෙණිය රාජමහා විහාරය

ගඩලාදෙණිය රාජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම සිද්ධස්ථානය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ. මෙම පුණ්‍ය භූමියේ ඉතිහාසය ක්‍රි.ව. 14 වැනි සියවස පමණ දක්වා දිව යන බවයි සඳහන් වන්නේ, ගම්පොළ යුගයේ ඉදිකළ ඉතා වැදගත් සිද්ධස්ථානයක් බව ද සැලකේ. පැරැණි මූලාශ්‍රයන්ට අනුව මෙම විහාරය පළමුවැනි ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවැනි බුවනෙකබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1341 -1351 කාල පරාසය තුළ ඉදිකරන ලද්දක් බව ඉතිහාස මූලාශ්‍රයන්හි සඳහන් ය. ඒ අනුව විස්තර කෙරෙන්නේ බුවනෙකබාහු රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් තම ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බව ය. ඔහු විසින් දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීන්ගේ සැලසුමකට අනුව විහාරය ගොඩනැංවා තිබේ. ඒ වගේ ම මෙහි මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තු කලා ලක්ෂණ දකුණු ඉන්දීය විජයනගර් සම්ප්‍රදායට සමානතා දක්වන බව ද සඳහන් ය. ක්‍රි.ව. 1344 අප්‍රේල් 28 බදාදා දිනයෙහි දී විහාරය ගොඩනංවා අවසන් කරන ලද බව ගඩලාදෙණිය සෙල්ලිපියෙන් පැහැදිලි වේ. ක්‍රි.ව. 1707 - 1739 යුගයේ රජ වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමිපාණන් වහන්සේට සන්නසක් මඟින් මෙම විහාරය පවරා ඇතැයි ද සඳහන් ය. බුවනෙකබාහු රාජ්‍ය සමයේ රාජ්‍ය අනුග්‍රහය ඇති ව ධර්මකීර්ති හිමියන් විසින් මෙම විහාරස්ථානය දියුණු කළ හෙයින් මුල් කාලයේ දී “ධර්මකීර්ති” විහාරය නමින් ද මේ විහාරය හඳුන්වන ලද බව ඉතිහාස මූලාශ්‍රයන් හි කියැවේ. ශ්‍රී සද්ධර්මයට තිලකයක් බඳු වූ යන අදහසින් වර්තමානයේ ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරය නමින් හඳුන්වා ඇත.


දුරුතු අව අටවක

  ජනවාරි 21 අඟහරුවාදා අ.භා 12.41 අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]