ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අව අටවක පෝදා 2025 ජනවාරි 21 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ. පුද්ගලයකුගේ සිත තුළ ඇති වන රාග, ද්වේශ, මෝහ යන අකුසලයන්ගෙන් එම පුද්ගලයා සසර පුරාවට දවන, තවන බැවින් , රාග ද්වේශ මෝහයන්ගේ නිවීයාම “නිබ්බාන” හෙවත් නිවනයි. නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ. සෝතාපන්න ශ්‍රාවකයා කිසිම අයුරකින් දුගතියට නොයන අතර, ආත්මභව අටකට පෙර අර්හත්වයට පත්වේ. (නතේ භවං අට්ඨමං ආදියන්ති - රතනසුත්ත) සකදාගාමී පුද්ගලයාගේ රාග, ද්වේශ, මෝහ තනුක වී (ටිකක් අඩුවී) ඇති අතර එක් වරක් මිනිස් ලොව උපත ලබා දුක අවසන් කරයි. අනාගාමී ශ්‍රාවකයා මරණින් පසු සුද්ධාවාස බඹලොව උපත ලබා එහි දී ම අර්හත්වයට පත් වී සසර නිම කරයි. තෙල් හා වැටි අවසන් වීමෙන් පහනක් නිවී යන්නා සේ ම අනුපිළිවෙළින් කෙලෙස් (සිතෙහි ඇති කිලිටි) දුරුවීමෙන් සම්පූර්ණ නිවී යාම සිදුවන බව මෙයින් පැහැදිලි වේ. සෝතාපන්න, සකදාගාමී හා අනාගාමී ශ්‍රාවකයන්ගේ තවදුරටත් කෙලෙස් ඉතිරි ව තිබුණත් නිවීයාම ආරම්භ වී ඇති බව සඳහන් කළ හැකියි. එසේම නිවී යාම ආරම්භ වූ පසු නැවත කිසි ලෙසකින්වත් ආපසු නොහැරෙන අතර, ටිකෙන් ටික නිවීයාම සම්පූර්ණ වන බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වේ. මේ අයුරින් නිවනෙහි ස්වභාවයන් දෙකක් ඇති බව පැහැදිලි වේ. එනම් අනුපිළිවෙළින් ටිකින් ටික නිවීයාම හා සම්පූර්ණ වශයෙන් නිවීයාම වශයෙනි. ඛුද්දක නිකායට අයත් “නිබ්බානධාතු” සූත්‍රයෙහි මේ පිළිබඳ ව සඳහන් වේ. එසේ වුවත් නිබ්බානධාතු සූත්‍රයෙහි සඳහන් වන නිවනෙහි ස්වභාවයන් (නිබ්බාන ධාතු) දෙක ම රහතන් වහන්සේගේ නිවනෙහි අවස්ථා දෙකක් ලෙස විස්තර වේ. එම සූත්‍ර දේශනාවෙහි සඳහන් වන්නේ “සලඋපාදිසේස” නිබ්බාන ධාතු හා “අනුපාදිසේස” නිබ්බාන ධාතු වශයෙන් නිවනෙහි ස්වභාවයන් දෙකක් ඇති බවයි.
ජනවාරි 21 අඟහරුවාදා අ.භා 12.41 අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18න් ගෙවේ. 21 අඟහරුවාදා සිල්.
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 13
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]