[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සම්බුදු දහමින් සුපෝෂිත ලාංකේය ජන ජීවිතය

බුදුරදුන්ගේ ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් රජතුමාට ඇත්දැයි දැන ගනු කැමැති ව මිහිඳු මහරහතන් වහන්සේ, අඹ ගස් ගැන ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විමසීය. ප්‍රශ්න දෙකට ම බුද්ධිමත් පිළිතුර ලද බැවින් රජුගේ නැණ නුවණ තේරුම් ගත් මිහිඳු මහරහතන් වහන්සේ රජුට හා ඔහු සමඟ සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් දම් දෙසූහ, භාරතයේ බිහි වූ බලවත් අධිරාජ්‍යයක් හැටියට මෞර්ය අධිරාජ්‍ය හැඳින්විය හැකි ය. මෙහි ආරම්භකයා වූයේ මෞර්ය නම් පෙළපතට අයත් වූ “චන්ද්‍රගුප්ත” නම් කුමාරයෙකි. ඔහුගේ පුරෝහිතයා වූයේ කෞටිල්‍ය නමින් හැඳින්වුණු චානක්‍ය බ්‍රාහ්මණයා ය. සිය පුරෝහිතයාගේ උපදෙස් අනුව චන්ද්‍රගුප්ත රජු විශාල මෞර්ය අධිරාජ්‍යය ගොඩනැඟුවේ ය. එහි අගනුවර වූයේ පාඨලීපුත්‍ර නගරය යි. ඔහුගේ අභාවයෙන් පසු ඔහු පුත් බින්දුසාර කුමරු රජකමට පත්විය. “සතුරන් නසන්නා” යන අර්ථ ඇති “අමිත්‍රඝාතක නම් වූ විරුදය දැරූ මේ රජු ද සිය පියා අනුව යමින් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ නියැළුණේ ය. බින්දුසාර රජුගේ අභාවයෙන් පසු ක්‍රිස්තු පූර්ව 270 දී පමණ අශෝක කුමාරයා රජ පදවියට පත්විය. මෞර්ය අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතමයා වූ හෙතෙම සිය මුත්තණුවන්ගේ කාලයේ සිට ක්‍රියාත්මක කර ගෙන ආ අධිරාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ වඩාත් දියුණු කළේ ය. භාරත අධිරාජ්‍යයට දකුණින් පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ කාලිංගය ආක්‍රමණය කර එය යටත් කර ගැනීමෙන් පසු සිය විජිතය භාරතයේ දක්ෂිණ ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කළේය. මේ යුද්ධයේ දී ජීවිත රැසක් විනාශ වූ අතර විශාල වශයෙන් ධන සම්පත් ද, කුඩා දරුවන් ද, ගැබ් ගත් මාතාවන් ද, විනාශ වූ බව කියැවේ. මේ නිසා අශෝක අධිරාජ්‍යයව “චණ්ඩාශෝක” ලෙස ද ඇතැම්හු හැඳින්වූහ. එතුමාගේ කාලිංග ලිපියේ දැක්වෙන පරිදි සිර භාරයට ගත් පිරිස එක් ලක්ෂ පනස්දහසකි. මියගිය පිරිස පනස් ලක්ෂයකි. තුවාලලත් ගණන ද එපමණ ම විය. මෙම ජයග්‍රහණයෙන් පසු යුද බිමේ මියගිය කුඩා දරුවන් හා ගැබිනි මාතාවන් දැක මහත් කම්පාවට පත්විය. මේසා විශාල මිනිස් ඝාතනයක් කර ලබන ජයග්‍රහණය, මිනිසාට ඇති ජය ගැනීමේ මාර්ගය නොවන බව එතුමාට අවබෝධ විය. සිදු වූ විනාශය ගැන මහත් කම්පාවට පත්ව සිය මාලිගයේ සිවු මැදුරු කවුළුව තුළින් දුටු මහ මාවත දිගේ ඉතා ශාන්ත ව ගමන් ගන්නා කුඩා භික්ෂූන් වහන්සේ නමකගේ සංවර දසුන අධිරාජයාගේ සිත සිසිල් කළේ ය.


දුරුතු අව අටවක

  ජනවාරි 21 අඟහරුවාදා අ.භා 12.41 අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]