[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික යුග මෙහෙවරක උත්තරීතර නාමය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමියෝ

අමරපුර සාමග්‍රි සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති නාහිමියෝ, රාජගිරිය කළපලුවාව ශ්‍රී තපෝවනාරාමයේ දි පැවැති අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාවේ දී පසුගියදා (26) තෝරා පත් කර ගනු ලැබීය. වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වැනි දින දකුණු ලක කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ නම් සුන්දර ගම්මානයේ දී මෙලොව ජන්ම ලාභය ලැබු පින්වත් කුල කුමරු ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ මහා බෝධි විද්‍යාලයට ඇතුළත් ව ඇත. අනතුරුව අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණේ උගත මනා බණ දහම් හැදැරූ කුල කුමරු වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලැබුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති යන පැවිදි නාමයෙනි. ඉක්බිති සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි ආදි භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේ වන ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගෙන් ලබා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව සුධර්මාලංකාර විද්‍යායත පිරිවෙනට ඇතුළත් ව ඇත. පිරිවෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගමන් කළ උන්වහන්සේ අනතුරුව ප්‍රාචීන, ප්‍රාරම්භ මධ්‍යම ආදි විභාග හොඳීන් සමත් වූහ. අනතුරුව වර්ෂ 1962 දී අ.පො.ස. උසස් පෙළ විභාගය ඉහළන් සමත් වූ මෛත්‍රීමූර්ති හිමියෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වීමෙන් පසු දර්ශන අධ්‍යයන අංශයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්හ.


උඳුවප් අව අටවක

 දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02.36 අව අටවක ලබා 23 සඳුදා
අ.භා 05.10 ගෙවේ.
 22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]