[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සුවපත් සමාජයක් උදෙසා සම්මා වාචාහි උපයෝගීතාව

බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය වූයේ ලෝක සත්ත්වයා සංසාර දුකින් එතෙර කිරීම යි. ඒ සඳහා තථාගතයන් වහන්සේ දේශනා කරන මූලික ඉගැන්වීම් ලෙස චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය පෙන්වා දිය හැකි ය. බුදුරදුන්ගේ මූලික ඉගැන්වීමක් ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දිය හැකි ය. තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය යි. මෙය සූත්‍ර පිටකයේ සච්ච සංයුක්තයේ ඇතුළත් වේ. එනම්, “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා, යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ. යෝ චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ” (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකකි. හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන් ජනයන් විසින් ඇසුරු කරන, ආර්යයන් ප්‍රතික්ෂේප කරන කාමසුඛල්ලිකානුයෝගය, දුක් වූ, අනාර්ය වූ, අනර්ථය පිණිස පවතින්නා වූ, අත්තකිලමථානු යෝගය යන අන්ත දෙක ය. මහණෙනි, මධ්‍යම ප්‍රතිපදාව නම් කවරේ ද? එය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම්, සම්මා දිට්ඨි - මිච්ඡා දිට්ඨියෙන් වෙන් ව සම්මා දිට්ඨියෙන් දැකීමයි. සම්මා සංකප්ප - යහපත් සංකල්පනාවන්ගෙන් යුක්ත වීම යි. සම්මා වාචා - නිවැරැදි වචනය යි. සම්මා කම්මන්ත - නිවැරැදි දිවි පැවැත්ම යි. සම්මා ආජීව - වැරැදි ජීවනෝපායෙන් වැළකීමයි. සම්මා වායාම - යහපත් වෑයමයි. සම්මා සති - නිවැරැදි සිහියයි. සම්මා සමාධි - නිවැරැදි සමාධිය යි. (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) මෙහි තුන්වැනි අංගය වන්නේ සම්මා වාචාව යි. සුවපත් සමාජයක් ගොඩනඟා ගැනීමට නම් සම්මා වාචා අත්‍යවශ්‍ය වේ.


උඳුවප් අව අටවක

 දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02.36 අව අටවක ලබා 23 සඳුදා
අ.භා 05.10 ගෙවේ.
 22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]