ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් අව අටවක පෝදා 2024 දෙසැම්බර් 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් භාරතයේ පවත්වන්නට යෙදුන තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට බුදුසමය හඳුන්වා දුනි. එනම්, ශ්‍රී බුද්ධ වර්ෂ 236ක් වූ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය. එදින ලක්දිව ජාතික උත්සවයකි. දඩ කෙළියට මුවකු පසුපස හඹා යන රජුට මිහිඳු හිමියෝ ‘තිස්ස’ යනුවෙන් ආමන්ත්‍රණය කොට තමන් වහන්සේ පමණක් පෙනීමට සැලැස්වූහ. ඉන්පසු තමා ඇතුළු පිරිස හඳුන්වා දුන්හ. මහ රජුනි, අපි සර්වඥ ශ්‍රාවක වූ ශ්‍රමණයම්හ. තොප කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි ආවෙමු. ඉන් අනතුරුව තමන් වහන්සේ සමඟ පැමිණි අනෙක් පිරිස හඳුන්වා දීමෙන් පසු රජුගේ ප්‍රඥාව විමසීම සඳහා අඹ හා ඥාති ප්‍රශ්න අසන ලදී. රජතුමා ප්‍රශ්න විසඳන ආකාරය ගැන පැහැදී ධර්මය අවබෝධයට සුදුසු නුවණක් ඇති හෙයින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කොට හතළිස් දහසක් පුරුෂයන් සමඟ රජතුමා තිසරණ සහිත පන්සිල් සමාදන් කරවූහ. සාමාන්‍ය ජනතාව ද තමන් වැළඳගෙන සිට් මිථ්‍යාදෘෂ්ට්ක ආගම් අතහැර නව දහම කෙරේ සිය අවධානය යොමු කළහ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ රජයේ උත්සව දිනයෙක ය. අනුරාධපුර ජනතාව පමණක් නොව එකල ජනාවාස වී තිබූ සෑම ප්‍රදේශයකින් ම මේ රාජකීය උත්සවයට සහභාගී වී ඇත. රජතුමා ඇතුළු හතළිස් දහසකට ධර්මය දේශනා කිරීමෙන් ම ඒ බව ගම්‍ය වන අතර, මේ පිරිස තමන් ශ්‍රවණය කරන ලද ධර්මය ගැන ඒ ඒ ප්‍රදේශවල ජනතාවට හඳුන්වා දෙන්නට විය. ඒ නිසා ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා බුදුදහම ව්‍යප්ත වී තිබේ. ධර්මය ශ්‍රවණය කර පැහැදුණු රජතුමා, මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාර සීමා ලකුණු කොට සිය පුරය ඇතුළත් ව (රාජ්‍ය මාලිගාව)ද මහා සීමාවට යටත් ව ද පිහිටවන ලෙස ඉල්ලා සිටි බව මහාවංසයේ සඳහන් වේ.
දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02.36 අව අටවක ලබා 23 සඳුදා අ.භා 05.10 ගෙවේ. 22 ඉරිදා සිල්
අව අටවක
දෙසැම්බර් 22
අමාවක
දෙසැම්බර් 30
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]