[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුන් කෙත බබළවන ඌරුබොක්කේ පඤ්ඤාවංශ නාහිමියෝ

සසුන් කෙත බබළවන ඌරුබොක්කේ පඤ්ඤාවංශ නාහිමියෝ

මුන්දලම බෝධිරාජාරාමය, මාංචෝල කරුංගාලිය සිරි ගෞතම සෙනසුන යන සිව් මහා විහාරාධිපති කොළඹ පිළියන්දල විද්‍යාශාන්ති විශ්‍රාමික පරිවේණාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ පුත්තලම් මහදිසාවේ ප්‍රධාන සංඝනායක සිරි පඤ්ඤාරංසි වංශාවතංස විනය ශෝභන ඌරුබොක්කේ පඤ්ඤාවංස නාහිමියෝ මෙම මස 16 වැනිදා 65 වැනි විය සපුරති.

මාතර ඌරුබොක්කේ යග්ගහවිටගේ කිරිගෝරිස් සහ ලොකුකැටියපේගෙයි සවුන්හාමි දම්පතීන්ගේ දයාබර පුත්‍ර රත්නයක් ලෙස 1959.12.16 වනදා උපත ලැබීය.

1969 දී පූජනීය කුඩාහීල්ලේ පඤ්ඤාරංසි නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ඌරුබොක්කේ පඤ්ඤාවංස හිමි නමින් බෙලිඅත්ත, කුඩාහීල්ල ශ්‍රී පුෂ්පාරාමයේ දී පෙර පින් මහිමයෙන් පැවිදි බිමට ඇතුළත් විය. ඌරුගමුව, රන්නාම්ල තපෝධනාරාමයේ නේවාසික ව මූලික බණ දහම් හදාරා මාතර කොටුවේගොඩ ජයසුමන පිරිවෙනට ඇතුළත් ව අධ්‍යාපනය ලැබී ය. කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඤාණේශ්වර පිරිවෙනින් උසස් අධ්‍යාපනය හැදෑරී ය.

රත්මලාන එවකට පිරිවෙන් අභ්‍යාස ගුරු විදුහලෙන් පුහුණුව ලද පඤ්ඤාවංස හාමුදුරුවෝ මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස පත්විය.

1980දී බලපිටියේ වැලිතර සෙනසුනදී උදකුක්ඛේප ස්වේජින් සීමා මාලකයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ව වැඩ විසූ කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ.

අනතුරුව බෙලිඅත්ත සිරි සුනන්ද පිරිවෙන්හි ආචාර්ය මණ්ඩලයට එක්වූ පඤ්ඤාවංස හාමුදුරුවෝ පසුව දඹදෙණිය ගුරු විදුහලෙන් ද පුුහුණුව ලැබූහ.

පසුව මුන්දලම බෝධිරාජාරාමයේ නේවාසික වූ පඤ්ඤාවංස හාමුදුරුවෝ එහි සියලු විහාරාංග ප්‍රතිසංස්කරණය කර වූහ.

පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරයට පත්වූ ඌරුබොක්කේ පඤ්ඤාවංස හාමුදුරුවෝ 2000දී පමණ මුන්දලම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට පත්ව 23 වසරක් එම ලේඛකාධිකාරි ධුරය දැරූහ.

හැදෙන වැඩෙන දරු පරපුර යහමඟට යොමු කිරීමේ බලවත් අදිටනින් කටයුතු කරන ඌරුබොක්කේ පඤ්ඤාවංස හාමුදුරුවෝ මාංචෝල සිරි සදහම් අසපුව, කට්ටකඩුවේ ශ්‍රී සුධර්මාරාමය, කරුංගාලිය ශ්‍රී ගෞතම සෙනසුන යන විහාරස්ථාන ගොඩනංවා එම විහාරස්ථානයන්හි දහම් පාසල් ආරම්භ කරමින් අගනා මෙහෙවරක් සිදු කරති.

උන්වහන්සේ දැනට මුන්දලම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය හොබවති.

ඌරුබොක්කේ පඤ්ඤාවංස නායක හාමුදුරුවන්ට දිගාසිරි පතා සිව් විහාර ස්ථානයන්හි සිව්පසයෙන් උවටැන් කරන සියලු දායක පින්වතුන් වෙත 16 වැනි දා රාත්‍රී ආහාරය පිළියෙල කර ඇත.

උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.!

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]