මහා සඟමිත් තෙරණි ආගමනය
රැළපනාවේ ධම්මජෝති නාහිමි
සංඝමිත්තා තෙරණින් වහන්සේ ඇතුළු භික්‍ෂුණීන් වහන්සේ මෙරටට වැඩම කළේ උඳුවප් පුර
පසළොස්වක පොහොය දිනෙක ය .
ශ්‍රී ලංකාව තුළ භික්‍ෂුණී ශාසනය පිහිටුවීම සඳහා මූලික වූයේ අනුලා බිසවයි. සෝවාන්
ඵලයට පත් අනුලා බිසව එකල රජ වූ දෙවැනි පෑතිස් රජුගේ නෑනන්ඩිය යි. සෝවාන් ඵලය ලබා
ගත්ත ද මෙහෙණියක වීමට ඇයට වරම් හිමි නොවුනේ ඒ සඳහා භික්‍ෂුණියකගේ සේවාව අවශ්‍ය නිසා
යි.
මිහිඳු මාහිමියන් මෙරට භික්ෂු ශාසනය ආරම්භ කළ ද භික්‍ෂුණී ශාසනය ඇරඹීමට හිමිකම්
තිබුණේ නැත .මේ නිසා අනුලා බිසවගේ බලවත් ඉල්ලීම මත මිහිඳු මාහිමියන්ගේ නැඟණිය වූ
සංඝමිත්තා මහ රහත් තෙරණිය මෙරටට වැඩම කරවීමෙන් පසුව මෙරට භික්‍ෂුණී ශාසනය ආරම්භ
වෙනවා .
ගෘහණියක් ලෙස ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන්ට සමාජීය සහ සංස්කෘතික වශයෙන් වැදගත්
සමාජ තත්ත්වයක් හිමි වූ බව භික්ෂුණී ශාසනය පිහිටුවීමෙන් මනාව පිළිබිඹු වෙනවා .
භික්ෂූන් වහන්සේට දක්වන සමාජ ගෞරවය, ආචාරය මෙහෙණින් වහන්සේට ද ඒ අයුරින් ම දක්වා
ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව බෞද්ධාගමික උතුමන් ලෙස ගෞරව දැක්වීම ජන සම්ප්‍රදායයක්
බවට පත් වූයේ උඳුවප් පොහොය දිනක වීම විශේෂත්වයකි .
භාරතීය බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රිය හැඳීමිටේ නුවණ ඇත්තියක් ලෙස ‘ද්වංගුල පඤ්ඤා’
ඇඟිලි තුඩු දෙකෙහි නුවණ ඇති කෙනෙක් ලෙස හැඳීන්විණ . මුළුතැන්ගෙට හිරවී බත් පිසින
ඇයගේ නුවණ බමුණෝ උපහාසයෙන් දැක්වූව ද බුදු දහම ඇයට සමාන තත්ත්වයෙන් ගරු කරයි.
ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඇයත් පිරිමියා හා සමාන ප්‍රඥාවෙන් යුක්ත බවත්, නිවන්
අවබෝධ කර ගත හැකි බවත් පෙන්වයි.
කෝසල රාජ්‍යයේ පසේනදී කොසොල් රජතුමා මල්ලිකා දේවිය දියණියක් බිහි කළ අවස්ථාවේ
රජතුමාගේ පසුතැවිල්ල දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මැදිහත් වූහ.
රජතුමනි, ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨ ය, ඇය පෝෂණය කළ මැනවි. නැදි මයිලන් දෙවියන් ලෙස සලකන,
පතිවත රකින කාන්තාව උත්තම වේ. සමස්ත සත්ව ප්‍රජාව පවත්නේ ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ
එක්වීම තුළිනි . මේ දෙදෙනාට වෙන්ව සත්ව ප්‍රජනනයක් බිහි කළ නොහැක. ඇය පහත්
තැනැත්තියක් වීමේ සාධාරණත්වය කුමක්ද යන්න බුදු දහම පෙන්වා දෙයි.
බුදුරජාණන් වහන්සේ එදා මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ඇය ඇතුළු පන්සියයක්
ස්ත්‍රීන්ට ‘අෂ්ට ගරු ධර්ම’ පිළිගැනීමෙන් පසුව පැවිද්ද ලබා දෙමින් භික්‍ෂුණී ශාසනය
ආරම්භ කළහ . ඒ අනුව බුදුදහම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙදෙනාට ම ඔවුන්ගේ ප්‍රඥාව
අනුව නිර්වාණාවබෝධය ලැබිය හැකි බව පෙන්වා දී තිබේ . |