[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

උඳුවප් පුර අටවක

 දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09.44 පුර අටවක ලබා 09 සඳුදා
පූ.භා. 08.03 ගෙවේ.
 08 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

 

සතර අපා දුකෙන් මිදෙන්න තෙරුවන පිළිසරණ කර ගන්න

ආරම්භයක්, කෙළවරක් නොදකින සසර ගමනක යනෙන සත්ත්වයා සතර අපාය සිය වාසස්ථානය, මහ ගෙදර කරගෙන සිටිනා බවයි ලෝක විදූ ගුණැති භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පුද්ගලයකු ජීවිතයේ අධිකතර වූ කාලයක් ගත කරන්නේ සිය නිවෙසේ. එනම් සිය වාසස්ථානයේ. අන් තැනක රාත්‍රියක් දෙකක් ගත කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් අපට සසරේ දී සතර අපාය වාසස්ථානය වූවා නම්, එයින් ම අප ගෙවූ සසර ගමනේ දී සතර අපායේ සිටි කාලයත්, සුගතියේ සිටි කාලයත් සිතා ගන්නට පුළුවන්. එයිනුත් නිරයේ ගත කළ කාලය ම යි වැඩි. සතර අපාය මහගෙදර යන අරුතින් ගත් කල, මහගෙදර වනාහි අපට ඉපදීමත් සමඟ ම උරුමය ලබනා තැන ය. ලෝක ධර්මයන්ට පිටුපා ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදෙන්නකුට ගමේ, රටේ, ලෝකයේ සියලු දොරවල් වැසුණ ද, මහ ගෙදර නම් දොර නොවැසේ. ඒ කරුණු දෙකක් නිසාවෙනි. එකක් නම් උපත සමඟ ඇති උරුමය යි. අනෙක කොතෙක් ශාපලත් අපරාධකරුවකු වුව ද පුරුදු සෙනෙහසින් ම පිළිගන්නට මහගෙදර මවුපියන් නිබඳ ව සූදානම් ව සිටින නිසාවෙනි. එපරිදි ම ය මෙලොව දී ත්‍රිවිධ දුශ්චරිතයේ හැසිරෙන්නවුන්ට සතර අපාය උරුමයි. සතර අපාය ම බැහැර නොකර පිළිගනී. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් සසරට බැඳුණු සත්ත්වයා ස්වභාවයෙන් ම අකුසලයට බර නිසා නිබඳව ම සතර අපායට යොමුව සිටී. මෙලොව දී කයින්, වචනයෙන්, මනසින් පව්කම් කොට මරණින් මතු නිරයෙහි උපදින අසත්පුරුෂ බාලයා හට එහිදී විඳින්නට සිදුවන අනිෂ්ට විපාක ගැන ලෝක විදූ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

සිල්වත් දුසිල්වත් බව නොසොයා සංඝරත්නයේ ගුණ සිහි කරමු

අපි හැමෝම ගුණවත්, සිල්වත්, සත්පුරුෂ ගති ලක්ෂණ ඇති මිනිසුන් ඇසුරු කරන්න කැමැතියි. ඒකට එක හේතුවක් තමා ඒ අය කියපු දේ කරනවා, කරන දේ කියනවා. ඒ වගේම හිතේ එකක් තියාගෙන තව එකක් ක්‍රියාවේ නඟන්නේ නෑ. හැබැයි මේ ගති ලක්ෂණ නැති විට අපි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. ඒක මිනිස් ස්වභාවය නැත්නම් ලෝක ධර්මයක් කියලා කියන්න පුළුවන්. හැමෝම කැමතියි සිල්වත් ගුණවත් අය ඇසුරු කරන්න. එක් ගමක හිටියා සැදැහැති තරුණ උපාසකයෙක්. ඔහු ධර්මය ගැනත්, දානසීලාදියේ විපාක ගැනත් හොඳ අවබෝධයකින් ජීවත් වුණා. දවසක් ඔහුට හිතුණා සංඝරත්නයට දානයක් දෙන්න ඕන කියලා. තීරණය අනුව ගමේ විහාරයට ගොස් නායක තෙරුන් මුණගැසී ‘ස්වාමීනී, අපේ ගෙදර දාන පින්කමක් සූදානම් කරනවා. කාලෙකින් නිවෙසේ දානයක් පූජා කර ගන්න බැරි වුණා. අප කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂුන් වහන්සේ නමක් හෙට දහවල් දානෙට ලබා දෙන්න’යි ඉල්ලා සිටියා. අධිපති තෙරුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන පසුදා දහවල් දානෙට වැඩම කරන ලෙස භික්ෂුවකට පැවරුවා. දායකයා නිවස සෝදා පිරිසුදු කළා. භික්ෂූන් වහන්සේ වැඩ සිටින තැන උඩුවියන් බැන්දා, රසවත් ව්‍යංඤ්ජන සැකසුවා, මිහිරි කැවිලි වර්ග සකසා ගත්තා. පලතුරු වර්ග ද කැප සරුප් ආකාරයෙන් සකසා ගත්තා. අසල්වැසියන්ටත්, ඥාතීන්ටත් ආරාධනා කළා. පා දෝවනයටත් අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තා. කටයුතු සියල්ල ම සැලසුම් කරගෙන විහාරයට ගොඩවෙලා නායක තෙරුන් වන්දනා කර පින්කමට එක් භික්ෂුවක් ඉල්ලා ගත්තා. එම භික්ෂුවට දණ්ඩ නමස්කාර කරලා පසුපස ගමන් ඇතිව නිවෙසට වැඩමවා ගත්තා. දායකයා ම උන්වහන්සේගේ පා දෝවනය කර පිස දමා නිවෙස තුළට වැඩම කරන කොට නැවතත් පිළිගැනීමක් වශයෙන් නමස්කාර කළා.

 

අවෛරී සිතකට ධර්මයේ උපකාරය

මෛත්‍රී භාවනාව සුවිශේෂී ය. එමඟින් මිනිසාගේ සිතෙහි තමා කෙරෙහි හෝ අනෙකුත් ප්‍රාණීන් කෙරෙහි හෝ හටගත් යම් කෝපයක්, අප්‍රසාදයක්, පළිගැනීමේ අවශ්‍යතාවක් ආදි “ද්වේශය” නම් චෛතසික කාණ්ඩයට අයත් සිතිවිල්ලක් ඇත්නම් ඒවායෙහි ප්‍රබල බව අඩු කර ගැනීමට හෝ සම්පූර්ණයෙන් ම නැති කර දැමීමට හෝ පුහුණුවක් සපයන බැවිනි. මෛතී‍්‍ර භාවනාව යනු, සිතෙහි හටගත් ද්වේශය නැති කිරීමේ පිළියමකි. මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි දියුණුව සමඟ පුද්ගලයකුගේ සිතෙහි පවත්නා ද්වේශය දුරු කිරීමට නොයෙක් න්‍යායාත්මක ක්‍රම කියා දෙනු ලැබේ. ඉතා සරල ක්‍රමවල සිට සංකීර්ණ ක්‍රම තෙක් ඒවා විහිදී ඇත. ද්වේශය හා බැඳුණු සරල මානසික ගැටලු ඇති අයට, තමාට ම ක්‍රියාත්මක කළ හැකි සරල පිළියම් ක්‍රම ද, පුද්ගලයාටත්, සමාජයටත් හානි කරවන මානසික ගැටලු ඇති අයට වෛද්‍ය අධීක්ෂණය මත ක්‍රියාත්මක වන සංකීර්ණ ක්‍රම ද, මනෝ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ. ඉහත ක්‍රමවල අරමුණ වනුයේ තාවකාලික පිළියමක් සැපයීම ය. එනම්, සිතෙහි හටගෙන තිබෙන තමන්ට පාලනය කර ගත නොහැකි සිතිවිලිවල තීව්‍රතාවය, තමන්ටත්, සමාජයටත් හානි කර නොවන මට්ටමක් තෙක් අඩු කිරීමයි. නමුත්, සිතෙහි හටගන්නා නොයෙක් සිතිවිලිවල මූලික හේතුව සොයා ගනිමින් වඩාත් තිරසර විසඳුමක් ලබා දීමට එම ක්‍රම සමත් නොවේ. එබැවින්, අවශ්‍ය විටෙක එම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වන නමුත්, එසේ වීමට පෙර, ධර්මයට අනුව තම සිතෙහි හැසිරීම නිරීක්ෂණය කරමින්, සිතිවිලි මනා ලෙස කළමනාකරණය කරන ආකාරය දැන ගැනීම අත්‍යවශ්‍ය ය. මානසික රෝගයක් වැලඳුණු පුද්ගලයකුට ලබා දෙන ඖෂධ මඟින් සිදු කෙරෙනුයේ රසායනික ද්‍රව්‍ය උපකාරයෙන් ඔහුගේ කායික ක්‍රියාකාරිත්වය නැවත නිවැරැදි කර දීම යි. එලෙස කායික හා මානසික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්වූ පසු ඔහුට, අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකු මෙන් සිතීමටත්, කල්පනා කිරීමටත් හැකියාව ලැබේ. එබැවින් ඔහු විසින් මීළඟට කළ යුතු ව ඇත්තේ නැවත එවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර, සුදුසු ගිහි හෝ පැවිදි හෝ අයකු වෙත ගොස් තම සිතිවිලි නිවැරැදි ව කළමනාකරණය කර ගන්නා ආකාරය අසා දැන ගැනීමයි. මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස ලබා දෙන ඖෂධ මෙන් ම, අනෙකුත් රසායනික නොවන ක්‍රම මඟින් ද සිදු කරනුයේ, අදාළ මානසික අසහනකාරි තත්ත්වය සඳහා තාවකාලික පිළියමක් ලබාදීම පමණි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]