[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සතර අපා දුකෙන් මිදෙන්න තෙරුවන පිළිසරණ කර ගන්න

ආරම්භයක්, කෙළවරක් නොදකින සසර ගමනක යනෙන සත්ත්වයා සතර අපාය සිය වාසස්ථානය, මහ ගෙදර කරගෙන සිටිනා බවයි ලෝක විදූ ගුණැති භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. පුද්ගලයකු ජීවිතයේ අධිකතර වූ කාලයක් ගත කරන්නේ සිය නිවෙසේ. එනම් සිය වාසස්ථානයේ. අන් තැනක රාත්‍රියක් දෙකක් ගත කරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් අපට සසරේ දී සතර අපාය වාසස්ථානය වූවා නම්, එයින් ම අප ගෙවූ සසර ගමනේ දී සතර අපායේ සිටි කාලයත්, සුගතියේ සිටි කාලයත් සිතා ගන්නට පුළුවන්. එයිනුත් නිරයේ ගත කළ කාලය ම යි වැඩි. සතර අපාය මහගෙදර යන අරුතින් ගත් කල, මහගෙදර වනාහි අපට ඉපදීමත් සමඟ ම උරුමය ලබනා තැන ය. ලෝක ධර්මයන්ට පිටුපා ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදෙන්නකුට ගමේ, රටේ, ලෝකයේ සියලු දොරවල් වැසුණ ද, මහ ගෙදර නම් දොර නොවැසේ. ඒ කරුණු දෙකක් නිසාවෙනි. එකක් නම් උපත සමඟ ඇති උරුමය යි. අනෙක කොතෙක් ශාපලත් අපරාධකරුවකු වුව ද පුරුදු සෙනෙහසින් ම පිළිගන්නට මහගෙදර මවුපියන් නිබඳ ව සූදානම් ව සිටින නිසාවෙනි. එපරිදි ම ය මෙලොව දී ත්‍රිවිධ දුශ්චරිතයේ හැසිරෙන්නවුන්ට සතර අපාය උරුමයි. සතර අපාය ම බැහැර නොකර පිළිගනී. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් සසරට බැඳුණු සත්ත්වයා ස්වභාවයෙන් ම අකුසලයට බර නිසා නිබඳව ම සතර අපායට යොමුව සිටී. මෙලොව දී කයින්, වචනයෙන්, මනසින් පව්කම් කොට මරණින් මතු නිරයෙහි උපදින අසත්පුරුෂ බාලයා හට එහිදී විඳින්නට සිදුවන අනිෂ්ට විපාක ගැන ලෝක විදූ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක. “මහණෙනි, නිරයේ ඇති භයානක දුක් කොතරම් ද යත්, උපමාවක් පැවසීමත් ලේසි දෙයක් නොවෙයි.” මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, උපමාවක් වදාරන්නට පුළුවන් ද?” “පුළුවනි, භික්ෂුව“ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. “භික්ෂුව, ඒක මෙවැනි දෙයක්. දරුණු අපරාධ කරපු සොරෙක් ව අල්ලගෙන ගිහින් රජතුමාට පෙන්වනවා. “දේවයන් වහන්ස, මෙන්න ඉන්නවා දරුණු අපරාධ කරපු භයානක සොරා. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැති නම් එය පණවන්න.


උඳුවප් පුර අටවක

 දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09.44 පුර අටවක ලබා 09 සඳුදා
පූ.භා. 08.03 ගෙවේ.
 08 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]