ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2024 දෙසැම්බර් 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපි හැමෝම ගුණවත්, සිල්වත්, සත්පුරුෂ ගති ලක්ෂණ ඇති මිනිසුන් ඇසුරු කරන්න කැමැතියි. ඒකට එක හේතුවක් තමා ඒ අය කියපු දේ කරනවා, කරන දේ කියනවා. ඒ වගේම හිතේ එකක් තියාගෙන තව එකක් ක්රියාවේ නඟන්නේ නෑ. හැබැයි මේ ගති ලක්ෂණ නැති විට අපි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. ඒක මිනිස් ස්වභාවය නැත්නම් ලෝක ධර්මයක් කියලා කියන්න පුළුවන්. හැමෝම කැමතියි සිල්වත් ගුණවත් අය ඇසුරු කරන්න. එක් ගමක හිටියා සැදැහැති තරුණ උපාසකයෙක්. ඔහු ධර්මය ගැනත්, දානසීලාදියේ විපාක ගැනත් හොඳ අවබෝධයකින් ජීවත් වුණා. දවසක් ඔහුට හිතුණා සංඝරත්නයට දානයක් දෙන්න ඕන කියලා. තීරණය අනුව ගමේ විහාරයට ගොස් නායක තෙරුන් මුණගැසී ‘ස්වාමීනී, අපේ ගෙදර දාන පින්කමක් සූදානම් කරනවා. කාලෙකින් නිවෙසේ දානයක් පූජා කර ගන්න බැරි වුණා. අප කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂුන් වහන්සේ නමක් හෙට දහවල් දානෙට ලබා දෙන්න’යි ඉල්ලා සිටියා. අධිපති තෙරුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන පසුදා දහවල් දානෙට වැඩම කරන ලෙස භික්ෂුවකට පැවරුවා. දායකයා නිවස සෝදා පිරිසුදු කළා. භික්ෂූන් වහන්සේ වැඩ සිටින තැන උඩුවියන් බැන්දා, රසවත් ව්‍යංඤ්ජන සැකසුවා, මිහිරි කැවිලි වර්ග සකසා ගත්තා. පලතුරු වර්ග ද කැප සරුප් ආකාරයෙන් සකසා ගත්තා. අසල්වැසියන්ටත්, ඥාතීන්ටත් ආරාධනා කළා. පා දෝවනයටත් අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තා. කටයුතු සියල්ල ම සැලසුම් කරගෙන විහාරයට ගොඩවෙලා නායක තෙරුන් වන්දනා කර පින්කමට එක් භික්ෂුවක් ඉල්ලා ගත්තා. එම භික්ෂුවට දණ්ඩ නමස්කාර කරලා පසුපස ගමන් ඇතිව නිවෙසට වැඩමවා ගත්තා. දායකයා ම උන්වහන්සේගේ පා දෝවනය කර පිස දමා නිවෙස තුළට වැඩම කරන කොට නැවතත් පිළිගැනීමක් වශයෙන් නමස්කාර කළා. ඇතිරිලි දැමූ ආසනයේ වැඩ සිටීමට අවස්ථාව සලසා දී ගමන් වෙහෙස නිසා පාදයන්හි තෙල් ගල්වා වෙහෙස දුරු කළා. සුවඳ මල් පිළිගන්වලා නැවතත් වන්දනා කළා. අනතුරුව බුදුරජාණන් වහන්සේ ගැන, සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ නිවෙසට වැඩම කළාක් විදිහට භික්ෂූන් වහන්සේට දානයෙන් සංග්‍රහ කළා. පිරිකර ආදියත් පූජා කළා. ධර්ම දේශනාවකටත් ඇහුම් කන් දී තෙරුන් වහන්සේ විහාරයට නැවතත් වැඩම කරවූවා. නැවතත් නමස්කාර කර නිවෙස බලා පිටත් වුණා.
දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09.44 පුර අටවක ලබා 09 සඳුදා පූ.භා. 08.03 ගෙවේ. 08 ඉරිදා සිල්
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
අව අටවක
දෙසැම්බර් 22
අමාවක
දෙසැම්බර් 30
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]