[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අපවත්වී වදාළ හාපිටිගම සිරිධම්ම නා හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම

අපවත්වී වදාළ හාපිටිගම සිරිධම්ම නා හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම

මීරිගම, හන්ඳුරුමුල්ල ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති හාපිටිගම සිරිධම්ම නා හිමියන් අපවත් වී තෙමස් පූර්ණය ඉකුත් අගෝස්තු මස 11 වැනි දිනට යෙදී තිබුණි.

1939 පෙබරවාරි මස 18 වැනි දින පින්වත් කුමරු උපත ලැබීය. නිසි වයසේදී හාපිටිගම මහා විද්‍යාලයට යොමු කරනු ලැබූයෙන් එම විදුහලේ දී මූලික අධ්‍යාපනය ලැබීය. පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පැවිද්දට සිත් යොමු කළ කුඩා දරුවා හාපිටිගම ජයසුමනාරාම පිරිවෙන් විහාරයට පැමිණ අවශ්‍ය මූලික වත්පිළිවෙත් ඉගෙන 1956 මැයි මස 02 දින හාපිටිගම ජයසුමනාරාම පරිවේණාධිපති ව වැඩ සිටි පණ්ඩිතාචාර්ය මක්කානිගොඩ ශ්‍රී ඤාණකිත්ති මාහිමිපාණන් වහන්සේ, හන්දුරුමුල්ල නාගරුක්ඛාරාමාධිපති ව වැඩ සිටි ශ්‍රී සිද්ධාර්ථ වංශපාල බෝලානේ ඤාණදස්සි ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හාපිටිගම සිරිධම්ම හිමි නමින් පැවිදි දිවියට පිවිසී ය.

තෙලඹුගල නිග්‍රෝධනෙත්ත පිරිවෙනෙහි ශිෂ්‍යයකු ලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයෙන් සමත් ව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව වර්ෂ 1970 වසරේ දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද උන්වහන්සේ ලබා ගත්හ.

බෝලානේ ඥානදස්සි ලොකු ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු නාගරුක්ඛාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස ද උන්වහන්සේ කටයුතු කළහ.

අවුරුදු අසූහයක් පමණ ආයු වින්දනය කළ අප ස්වාමීන් වහන්සේ 2024 මැයි 11 වැනි දින අපවත්වී වදාළ සේක. අපවත් වී වදාළ මීරිගම හන්දුරුමුල්ල නාගරුක්ඛාරාමාධිපති ගෞරව ශාස්ත්‍රවේදී හාපිටිගම සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පසුගියදා එම විහාරස්ථානයේ දී සුමධුර ධර්ම දේශනාවක් සහ පසුදින දහවල් සංඝගත දක්ෂිණාවක් පවත්වා උන්වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා’යි ප්‍රාර්ථනා කළෙමු.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]