[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

අලුත්ගම දර්ගානගරය මාලේවන ශ්‍රී පඤ්ඤානන්දාරම විහාරස්ථානයට අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ශාඛාව වැඩම කරවීමේ උතුම් පින්කමක් පසුගියදා එම විහාරාධිපති සූරිය වැව ඥානරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහභාගීත්වයෙන් සිදුකළහ. අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

“සසුන් පිළිවෙත් පුරමු” තාවකාලික පැවිදි පුහුණු වැඩසටහනෙහි තෙවැනි අදියර පසුගියදා මීමුරේ ආරණ්‍යය සේනාසනයේ දී පැවැත්විණ. මෙවර 15 දෙනෙකු තාවකාලික පැවිද්දට ඇතුළත් වූ අතර, අවසන් දින දානමය දායකත්වය මලලසේකර පදනම විසින් දරන ලදී.

දික්වැල්ල බත්ගම ඓතිහාසික පුරාණ ගුරුකන්ද විහාරස්ථානයේ සෑ රදුන් සඳහා මුල්ගල් තැබීම සීනිපැල්ලේ රතනවංස නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කෙරිණි.

වෙසක් පුන් පොහොය නිමිති කරගෙන කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකාවේ බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලැබූ මල් දන්සල, බෞද්ධ සංගමයේ අනුශාසක ඕමල්පේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ සහ පාසලේ විදුහල්පතිතුමිය වන බුද්ධිකා ගුණතිලක මහත්මියගේ උපදෙස් පරිදි සිදු කෙරිණි.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]