[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජාතික පිරිවෙන් දිනය සැමරේ

ජාතික පිරිවෙන් දිනය සැමරේ

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය අනුස්මරණය කරමින් සෑම වසරක ම ජූනි 19 දින ජාතික පිරිවෙන් දිනය සැමරීම සිදු කරයි. ඊට සමගාමී ව ප්‍රධාන උත්සවය මාතර මන්තින්දිය විද්‍යායතන පිරිවෙණ දි අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය පිරිවෙනයි. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර භික්ෂු සමාජය ගොඩනැඟීමත් සමඟ එම භික්ෂුන් වහන්සේ ත්‍රිපිටකය ඉගැනීමේ කාර්යයට යොමුවීමත්, ජනතාවගේ සමාජ දියුණුව ඇති කරලීමට මඟ පෙන්වා දීමත් සිදු විය. විශේෂයෙන් ම මහා විහාරය, අභයගිරිය, ජේතවනය වැනි ප්‍රධාන ගුරුකුලයන් අතීතයේ දී විශ්ව කීර්තියට පත්විණි. එහෙත් සොළී ආක්‍රමණ මෙන් ම යුරෝපීය ආක්‍රමණිකයන්ගේ විවිධ තර්ජන, වෙනත් ව්‍යසන නිසාත් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමයෙන් පරිහානියට පත්ව ගොස් මහනුවර යුගය වන විට උපසම්පදාව ලැබූ එකදු භික්ෂූන් වහන්සේ නමක් හෝ සොයා ගැනීමට නොහැකි විය.

මිෂනාරි අධ්‍යාපනය ව්‍යාප්ත වීමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය ද ක්‍රමයෙන් පරිහානියට පත් විය.

එම අඳුරු යුගය නිමා කරමින් වැලිවිට ශ්‍රී අසරණ සරණ සංඝරාජ නා හිමියන් පැරැණි ග්‍රන්ථ අධ්‍යයනය කර පිරිවෙන් අධ්‍යාපනයට නව පණක් ලබා දීමට කටයුතු කරන ලදි.

පසුකාලයේ දී වලානේ සිද්ධාර්ථ නායක හිමිගේ ප්‍රධානත්වයෙන් රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණ ආරම්භ කරන ලදි. උන්වහන්සේගේ ශිෂ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක යන හිමිවරුන් විද්‍යාලංකාර හා විද්‍යොදය මහ පිරිවෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ශාඛා ප්‍රශාඛා ලංකාව පුරා ව්‍යාප්ත විය.

මෑතක දී කෘත්‍යාධිකාරි, පරිවේණාධිපති හිමිවරුන් එක්ව පිරිවෙන් සඳහා දිනයක් යොදා ගන්නා ලදි. ඒ අනුව ජූනි 19 වැනි දා ජාතික පිරිවෙන් දිනය ලෙස නම් කරන ලදී. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඒ දිනය යොදාගන්නා ලදී. එදා පටන් සෑම වර්ෂයක ම ජූනි 19 වන දින ජාතික පිරිවෙන් දිනය අභිමානවත් ව සැමරීම සිදු කරයි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]