[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

යටගල සිතුල්පව්ව උභය රාජ මහාවිහාර ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහාවිහාරාධිපති, තල්පේ අරියජෝති මාහිමි,ලේල්වල සමිත හිමි, මිරිස්වත්තේ සුමන හිමි, කෙහෙල්වල සුමංගල හිමි, පදලංගල අස්සජි හිමි, කලෙහේ නාරද හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ ඊදඬුකිත අසිත හිමි හා ගල්බොඩ කුසල හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය දා මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

 

****

වීදියගොඩ මහා විහාරාධිපති වල්ගම ධම්මින්ද මාහිමියන්ගේ සහ තත් විහාරාධිකාරී, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය වීදියගොඩ විජිතාලෝක හිමියන්ගේ ශිෂ්‍යවරුන් වූ හේන්ගොඩ ධම්මසිරි හිමි හා තල්පිටියේ මුදිතනන්ද හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය දා මහනුවර මල්වතු මහාවිහාර රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

 

****

මහනුවර මල්වතු මහාවිහාරවාසී, දන්තුරේ රජමහා විහාරය, කඳුළව මැදිරිය රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කර්මාචාර්ය දන්තුරේ විපස්සි හිමියන්ගේ ශිෂ්‍යවරුන් වූ තැලුම්පිටියේ බුද්ධරක්ඛිත හිමි හා මූදුකටුවේ සුදස්සි හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය දා මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]