ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2024 මැයි 23 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නිහඬ සිතින් නිසල ව දෙනුවන් දුර ඈත සඳයි දිලෙනා නිල්වන් පින් කෙත පින් සිත් දැහැනෙන් සසර පිනෙන් පින් වැඩු අම්මා පින් කෙත ම ය සසරේ අපෙ අම්මා...
සිහින් හඬින් නිලුපුල් වදනින් දෙසවන් මිහිරෙන් ඉහිරූ බැඳුණු සෙනේහේ උණුහුම රහසේ පුතු ළයෙ කඳුළැලි බිඳු රන්දා ඒ කඳුළේ පින් රුව දිලුනා...
පුංචි දෙපා පොඩි සියුමැලි රන්වන් නිසල ව නිල්වන් නිල් නදියේ සිහින් හඬින් දෑඟිලි රන් පාටින් සෙනෙහේ උණුහුම ම ය සෙව්වේ ඒ කඳුළට උණුහුම ම ය දැනුණේ
භව ගමනේ දවනා ගිනි දැල් සන්සුන් ගමනින් සිඳලූ සිත් මල් සැම නැති වෙන බව පවසන පියුමන් වැඳ සමුගන්නෙමි රුව ළඟ කඳුළින්...
මුව රැඳි හසරැලි සුවඳ පිරුණු මල් මිරිඟුව වී යයි බිඳි බිඳි සිහිනෙන් නිලඹර සුසිනිඳු පහන් සිළක් වී නොරැඳෙන සිහිලැල් මුදු පවනින් නිවන් සුවයෙ සැනසුමෙ සැනසේවා පෝදා බබළන රන් පුන් සඳ විලසේ...
(2024.04.05 වන දින වියෝ වූ අම්මා ගැන පුතෙකුගෙනි)
නීතිඥ කීර්ති කපුවත්ත රිදීගම
මැයි 22 බදාදා අ.භා. 06.46 පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
පුර අටවක
ජුනි 14
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]