[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

ඉල් පුර පසළොස්වකපොහොය වර්ණනාව

ඉල් මස පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය වශයෙන් සැලකිය හැකි ය. එයට අමතරව ශාසනික වූත්, ඓතිහාසික වූත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මුල් කර ගත් පොහොය දිනයක් වශයෙන් ද හැඳින්විය හැකි ය. එනම්, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය ආදී සිදුවීම් රාශියක් මූලික වූහ. තව්තිසා දෙව්ලොව වස් විසීමට වැඩ සිටි අප සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ වප් පුර පසළොස්වක පොහොය දින සංකස්ස නුවරට වැඩම කළහ. එහිදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේගේ අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රසාදයට පත් වූ මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පමණ පිරිවර ජනයා සමඟ ගෞතම බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. තවද චීවර මාසය අවසානයේ දී වස්සග්ගයෙහි තමන් වහන්සේට ලැබුණූ වස්ත්‍ර දෙකෙන් එක වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වියනක් කොට, බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තිබූහ. මේ මහා දර්ශනීය පූජාව සර්වඥතා ඥානයෙන් දැක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදුවන්නෙහි යැයි නියත විවරණ ලබා දුන්හ.

 

දැන කළයුතු කඨින චීවර පූජාව

මේ ගෙවෙමින් පවතින්නේ අවුරුද්දකට වතාවක් බෞද්ධ ඔබ අප හැම දෙනාට ම උදාවන කඨින පින්කම් සිදු කෙරෙන චීවර මාසයයි. මේ වර්ෂයේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසු එම අවස්ථාව අප හැම දෙනාට ම අහිමි වෙනවා. නැවත මෙම චිවර මාසය උදාවන්නේ ලබන වර්ෂයේ එනම් බුදුවසින් 2568 වප් පුර පොහෝ දිනයේ සිටයි. ඉතින් දැන් අප විසින් විමසා බැලිය යුත්තේ අංග සම්පුර්ණ කඨින පින්කමක් අප සිදු කර ගත්තා ද කියන එක ගැන යි. ඒ මොකද? කඨින චීවරයක් පූජා කරන දායක පක්ෂයටත් කඨින චීවරය ලබන උපසම්පන්න සුදුසු භික්ෂූන් වහන්සේටත් කියන දෙපක්ෂයට ම එකව වර පින් සිදුවන මහා ආනිසංශ දායක එකම පින්කම කඨින පින්කම වීම නිස යි.බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවරයක් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ උන්වහන්සේට පහසුවෙන් කිසිදු ශාරීරික අපහසුතාවකින් තොරව සිවුරු පරිහරණය කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවට පැහැදිලිව උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසයි. එය කා අතරත් ප්‍රකට කරුණක්. ඉතින් එහෙම නම් භික්ෂූන් වහන්සේ වස් වසවා ගන්නේ සැදැහැති දායක පිරිස් එකතු වෙලා සාමූහික ව වස්තුන් මාසය තුළ සිවුපසයෙන් උපස්ථාන කරලා ඒ අය කැමැති නම් කඨින චීවරයකුත් පූජා කර ශාසනයේ බරපතළම පින්කම කර ගන්නට යි. එහිදී මේ නියමයන් තුළින් බුදුරජාණන් වහන්සේ දායක පිරිස් තළා පෙළා එවැනි කටයුතු කිරීමට කෙසේවත් විධිවිධාන සලස්වා නැහැ.

 

බුදුපියාණන් වහන්සේ මැණික් මණ්ඩපයේ වැඩ සිටිමින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්බර පින් බිම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකා ද්වීපයට වැඩම කොට මේ බිම පුණ්‍ය භූමියක් කළ බව මහා වංශයේ සඳහන්ය. ඒ අනුව සම්මා සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු මහානාග උයනේ යක්ෂයින් දමනය කිරීම සඳහා උන්වහන්සේ ලංකා ද්වීපයට වැඩි සේක. එදා මහානාග උයනේ රැස්ව සිටි පිරිස අතර, කැලණියේ මණිඅක්ඛිත නා රජු ද විය. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අසා මණිඅක්ඛිත නා රජු සරණ සීලයේ පිහිටි බව ද සඳහන් වේ. සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු විය. ඒ චූලෝදර සහ මහෝදර නා රජු අතර ඇති වූ මිණිපළඟක් අරභයා ඇති වූ අරගලය සමථයට පත් කිරීම සඳහා ය. එම අවස්ථාවේ දී ද, බුදුරජාණන් වහන්සේට සිය රාජධානිය වූ කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජු ආරාධනා කොට සිටියේ ය. බුදුරජාණන් වහන්සේ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාව පිළිගත්ත ද නා රජු සිතූ තරම් ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම සිදු නොවීය. ඒ නිසාම මණි අක්ඛිත නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක තම ආරාධනය නැවතත් සිහිපත් කරමින් ආරාධනා කළේ ය. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී කැලණි නදියෙන් ජලස්නානය ද සිදු කොට ඇත. උන්වහන්සේ ජලස්නානය කරන අවස්ථාවේ දී මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණි ගඟෙහි ද ශ්‍රී පාද ලාංඡනයක් පිහිට වූ බව ඉතිහාසයේ සඳහන් ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]