[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඨින පින්කම්

කඨින පින්කම්

පැළෑඳගම ශ්‍රී සුධර්මාරාම විහාරය

කඨින පින්කම නොවැම්බර් මස 10 - 11 යන දිනවල සිදු කෙරේ. 10 වන දින රාත්‍රී 8.00ට ධර්ම දේශනය ලත්පඳුරේ අමරවංශ හිමියන් විසිනි. පැළෑඳගම එම්.කේ. පි‍්‍රයංකර ප්‍රදීප් ජයසේන සහ බී. නදීෂා කල්පනී මහත්මියගේ නිවසින් 11 වැනි දා කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානයට පැමිණීම සහ දහවල් කප්රුක් සහිත සපිරිකර කඨින චීවරය ඇතුළු මහා සාංඝික දානය පිරිනැමේ.

මාවිත්තර සිරි තිසරණ ධර්මායතය

කඨින පින්කම නොවැම්බර් 6- 7 දිනයන්හි දී ගැටමාන්නේ හේමාලෝක නාහිමි සත්වන වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම් මාලාවට සමගාමීව පැවැත්වේ. ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ රතනජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් 30 දින රාත්‍රි 7.00ට ධර්ම දේශනය – මාතර මහින්ද හිමි, 31 -නෙළුවාකන්දේ පඤ්ඤාසිරි හිමි, නොවැම්බර් 01 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 02 - දියතලාවේ පියදස්සි හිමි 03 - යුගාසන කාව්‍ය ධර්ම දේශනය නවගත්තේගම සිරි සුගත හිමි සහ තෝරපිටියේ සරණ හිමි 04 -ගොම්බද්දල දමිත හිමි 05 දින රාත්‍රි 8.00 මහ පිරිත් දේශනය හා පසු දින කඨින චීවර පූජාව හා දවල් දානය 07 වැනි දා රාත්‍රී කඨිනානිසංස ධර්ම දේශනය රදාවඩුන්නේ ඥානවිමල හිමි විසිනි.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ කඨින චීවර පූජාව විහාරාධිපති ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් මස 4 සහ 5 දිනයන්හි දී සදහම් සෙනසුනේ දී පැවැත්වේ.

නොවැම්බර් 04 දින රාත්‍රී 9.00 සිට සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව පැවැත්වේ. පසු දින (නොවැ. 05) මධු පනාවල මහත්මියගේ දායකත්වයෙන් කඨින චීවරය වැඩමවීමෙන් පසු පෙරවරු 6.00ට කඨින චීවර පූජාව හා සියක් නමක් විෂයෙහි දහවල් සාංඝික දානය, එදිනම රාත්‍රී 7.00ට කඨිනානිසංස ධර්ම දේහනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් පවත්වනු ලබති.

තරණගල බෞද්ධ මධ්‍යස්ථානාය

ශාස්ත්‍රපති අස්මඩලේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි කඨින පින්කම නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වේ. රාත්‍රී 7.00 සිට සර්ව රාති‍්‍රක පිරිත් දේශනාව ද 11 වැනි දා අලුයම 12.30ට කඨින වස්ත්‍රය වැඩමවීම ද 11 වැනි දා පෙරවරු 10.30ට සම්බුද්ධ පූජාව, 11.00ට 40 නමකට අධික මහා සංඝරත්නයට පිරිනැමෙන සංඝගත දක්ෂිණාව, පස්වරු 12.30ට කඨින චීවරය සඟසතුකර පූජා කිරීම සිදු කෙරේ.

ශ්‍රී සාරිපුත්තාරාම විහාරස්ථානයm

හක්මන, අල්ලේවෙල, නැඟෙනහිර ශ්‍රී සාරිපුත්තාරාම විහාරස්ථානයෙහි කඨින මහා පින්කම නොවැම්බර් 25 - 26 සිදු කෙරේ.

25 දින රාත්‍රි ආශිර්වාද පරිත්‍රාණ ධර්ම දේශනාව 26 වන දින උදෑසන කඨින චීවර පූජාව, සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම, ප්‍රථම කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව පැවැත්වීම, ධර්මදාන පුස්තක පූජාව සිදුකිරීම හා වැසිකිළි කැසිකිළි පූජාව, දහවල අර්ධ ශතාධික මහසඟරුවන විෂයෙහි පිරිනමන සාංඝික දානයකි. කඨීන පින්කමට සමගාමීව සිදු කරන පින්කම් මාලාව නොවැම්බර් 04 සිට 11 දක්වා පැවැත්වේ. නරවැල්පිට වජිරබුද්ධි හිමියන්ගේ අනුශාසනා පරිදි දායක පින්වතුන්ගේ ආධාරයෙන් පින්කම සංවිධානය වේ.

මහමෙව්නාව භාවනා අසපුව

දොම්පෙ පාළුගම මහමෙව්නාව භාවනා අසපුවේ විහාරාධිපති හා අනුශාසක, පූජ්‍ය දොරලියද්දේ විනීත හිමියන්ගේ අනුශාසනා පරිදි, මෙම මස 31 දින සහ නොවැම්බර් මස 01 දිනයන්හි දී කඨින පින්කම සිදු කෙරේ. වැලිමඩ සද්ධාසීල හිමියන් විසින් කඨිනානිසංස ධර්ම දේශනය පවත්වති.

වැල්ලවත්ත යමුනා සදහම් ආරාමය

ආරාමයේ වාර්ෂික කඨින පින්කම මේ මස 28,29 දෙදින තුළ පැවැත්වේ. හසලක සීලවිමල හිමියන්ගේ දම් දෙසුමක් 28 වැනිදා රාත්‍රී 7.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පොල්අත්තාපිටිය ශ්‍රී සාරානාත් මහා විහාරය

කඨින චීවර පූජාව විහාරාධිපති ශාස්ත්‍රපති උප්පලවත්තේ විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටමුළුවේ ශ්‍රී සුමනරතන නාහිමි ප්‍රමුඛ මහා සඟරුවනේ සහභාගිත්වයෙනි මේ මස 4 සවස බෝධිපූජා පින්කම සහ 5 (ඉරිදා) කඨින මහාචීවර පින්කම පැවැත්වේ.

ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය

වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහා පින්කම නොවැම්බර් 18 -19 යන දිනවල දී පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි 18 වැනි දින පරිත්‍රාණ දේශනාව පවත්වා පසු දින උදෑසන සඟ සතු දානය සමඟින් කඨින චීවර පූජාව සිදු කෙරේ.

මීගමුව ශ්‍රී මහින්ද්‍රාරාමය

විහාරාධිපති දැවමොට්ටාවේ මහින්ද හිමිගේ අනුශාසනා පරිදි කඨින පින්කම එළඹෙන 18,19 දින පැවැත්වේ. 19 වැනිදා 15 නමක් විෂයෙහි සාංඝික දානය දීමෙන් කඨින පින්කම අවසන් වේ. මෙදින බුදුසරණ පුවත්පත බෙදාදීම රශ්මිය පදනමේ නිර්මාතෘ කැලුම් ද ෆොන්සේකා මහතා විසින් සිදු කෙරේ.

මොරවැව ශ්‍රී ශෛලබිම්බාරාමය

විහාරාධිපති දෙනගම ගුණවංශ හිමිගේ අනුශාසනා පරිදි කඨින පින්කම සිදු කෙරේ. ධර්ම දේශනා නොවැම්බර් මස 03 වැනි දා සවස 06.30ට හොරොව්පතාන, මොරවැව ශ්‍රීමාල් මහතාගේ නිවසේ පැවැත්වෙන අතර ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ ගන්නෝරුවේ දීපානන්ද හිමියන් විසිනි. කඨින පුණ්‍ය මහෝත්සවය 04වැනි දා පැවැත්වේ.

කූඩවිල ශ්‍රී බෝධිවංශාරාම විහාරය

විහාරාධිපති ආචාර්ය, ශාස්ත්‍රපති බඩල්ගම සුමේධ හිමිගේ අනුශාසනා පරිදි, 29 වන දින කඨින දානමය පින්කම පැවැත්වේ. දායාද ෆොන්සේකා මාතාවට පින් පැමිණවීමේ අරමුණින් වප් පොහෝ දින යෝගියානු කූඩවිල ශ්‍රී බෝධිවංශාරාමයේ දී ඇස් හා පටක දන්දීමේ පින්කම හා බුදුසරණ පුවත්පත් බෙදාදීම කැලුම් ද ෆොන්සේකා විසින් සිදු කරනු ලබයි.

දෙහිවල නව පොලොන්නරු ගල්විහාරය

විහාරාධිපති ගැව්ඕවිට ගුණානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි බොරලැස්ගමුවේ ජනක බණ්ඩාර මහතාගේ සහ සමන්මලී බණ්ඩාර මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් කඨීන පින්කම ඔක්.29 වැනි දින සිදු කෙරේ. කථිකාචාරිණී රන්මිණි අබේවීර ගුණවර්ධන මෙනෙවියගේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කළ සූර්ය විදුලි ජනක පද්ධතියද එදින පෙ.ව. 6.20 ට විවෘත කෙරේ.

පිළියන්දල ශ්‍රී සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාව නොවැම්බර් 09 වන දින ආරම්භ වේ. කහගොල්ලේ සෝමවංශ, බොරැල්ලේ අතුල, මිරිස්සේ ධම්මික, හසලක සීලවිමල, පදලංගල ධම්මදේව, දොඩම්පහල රාහුල, අගලකඩ සිරිසුමන, මැදගොඩ අභයතිස්ස, වල්පොල ගෝතම, ලුණුගම්වෙහෙරේ විමලානන්ද, මකුරුප්පේ සෝමාලංකාර, දියතලාවේ පියදස්සී, කැස්බෑවේ පඤ්ඤානන්ද, ගොම්බද්දල දමිත, මානකඳුරේ පඤ්ඤාසාර යන හිමිවරුන්ගේ ධර්ම දේශනා දිනපතා රාත්‍රී 07.00ට පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සියලු පින්කම් සංවිධානය වේ. 

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]