[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

01 කොටස

2016 (2017) බෞද්ධ සමාජ දර්ශනය

01. I.

අ) තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලබන මෝඩ මිනිසුන් අතර නොමරමින්, නොමරවමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින් දැහැමින් රාජ්‍යයක් කළ හැකි දැයි මෙනෙහි කොට බුදුරදුන් මාරයාට නිග්‍රහ කළ බව දැක්වෙන්නේ කිනම් සූත්‍රයේ ද?

ආ) අනාගතයේ පහළ වන සක්විති රජෙකු මෛත්‍රිය බුදුරදුන් වෙත පැවිදි වන බව දැක්වෙන සූත්‍රයත් එම සක්විති රජුගේ නමත් ලියා දක්වන්න.

II.

අ) ‘අන්‍යයන්ගේ ආගමට නිග්‍රහ කරන්නා තම ආගමට නිග්‍රහ කරයි.’ යන ප්‍රකාශය සෙල්ලිපිවල සටහන් කරවූයේ කිනම් රජකු විසින්ද?

ආ) දළදා මාලිගාව පිහිටි මහනුවර රැකවරණ සපයා පල්ලියක් ඉදිකර ගැනීමට රෝමානු කතෝලික ක්‍රිස්තු භක්තිකයන්ට ඉඩකඩ සැපයීමෙන් පෙනෙන්නේ බෞද්ධයන් අන්‍ය ආගම් පිළිබඳ අනුගමනය කළ කවර ප්‍රතිපත්තියක් ද?

III.

අ) සක්විති රජුගේ සප්ත රත්නය නම් කරන්න.

ආ) ගෘහස්ථ ජීවිතයේ අග්‍රඵලයත් ප්‍රවුජිත ජීවිතයේ අග්‍රඵලයත් ලෙස සැලකෙන්නේ කවර පදවිදැයි ලියා දක්වන්න.

IV.

අ) මූලික මානව අයිතිවාසිකම් පහක් රැකීමට ගිහි බෞද්ධයා කරුණු පහකින් වැළකී සිටියි. එම කරුණු පෙන්වා දෙන්න.

ආ) මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය කවර සංවිධානයකින් කවර දිනක ප්‍රකාශයට පත් කරන ලද්දක් ද?

V.

අ) බෞද්ධ සමාජයේ සිවු පිරිස නම් කරන්න.

ආ) මහා බ්‍රහ්මයා චතුර්වර්ණයට අනුව මනුස්සයා නිර්මාණය කළ බව සඳහන් වන ඍග්වේදයේ පුරුෂ සුක්තයේ ඇතුළත් ‘බ්‍රාහ්මණොස්‍ය මුඛමාසීද්’ යන ශ්ලෝකය සම්පූර්ණ කර ලියන්න.

Vi.

අ) රාජ්‍යයක අභිවෘද්ධියට හේතුවන කරුණු හතක් මහා පරිනිබ්බාණ සූත්‍රයේ දැක්වේ. එම කරුණු අතරින් දෙකක් සඳහන් කරන්න.

ආ) ‘අපි ඔහුට අපේ හාල් අස්වැන්නෙන් කොටසක් දෙමු’ යැයි කතිකා කර ගැනීමෙන් රාජ්‍ය බදු ක්‍රමය ආරම්භ වූ ආකාරය සටහන්ව තිබෙන්නේ කිනම් සූත්‍රයක ද?

VII.

අ) යෙ ගහට්ඨා පුඤ්ඤකරා යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

ආ) ස්වාමිපුරුෂයා තම භාර්යාවට ඉටු කළ යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. ඉන් යුතුකම් දෙකක් නම් කරන්න.

VIII.

අ) වැළකිය යුතු වැරැදි වෙළඳාම් පහක් ධර්මයේ දැක්වේ. ඉන් වෙළඳාම් දෙකක් පෙන්වා දෙන්න.

ආ) වැරැදි කිරුම් මිනුම්වලින් වැළකෙන ලෙස බුදුදහම උපදෙස් දෙයි, එම කිරුම් මිනුම් ලියා දක්වන්න.

IX.

අ) නාස්තියට හා අපරිහරණයට නිදර්ශන කොට දැක්වූ පුද්ගලයන් දෙදෙනා සඳහන් කරන්න.

ආ) අධිපරිභෝජනයට නිදර්ශන සය වන පුද්ගලයන් පහක් බුදුහු දක්වති. ඉන් එක් අයකු නම් කරන්න.

X.

අ) ‘න ජච්චා වසලො හොති’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

ආ) ‘තපෙන බ්‍රහ්මචරියෙන’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

II කොටස

02.

I. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන, දෙමාපියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් පහ නම් කරන්න.

II. ‘බෞද්ධ සමාජයේ දූ දරුවන් විසින් තම මවුපියන්ට යුතුකම් ඉටුකරන නිසා මවුපියෝ සුඛිත මුදිත වෙති’ යන ප්‍රකාශය තහවුරු කරන්න.

III. “ජීවිත රැක දීම සඳහා කැපවීම තුළින් ලබන පරාජය ද ජයග්‍රහණයකි.” මෙම ආකල්ප බෞද්ධ ඉතිහාසයේ නිරූපණය වූ අයුරු අගය කරමින් ජෝන් වෝල්ටර්ස් නම් ලේඛකයා විසින් නොසැලෙන මනස නම් ග්‍රන්ථයේ දැක්වූ කරුණු තුනක් ඉදිරිපත් කරන්න.

03.

I. ලෝකයේ ආරම්භය හා ජනාවාස වූ ආකාරය පිළිබඳ පුවත් අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන අයුරින් කෙටියෙන් සඳහන් කරන්න.

II. අපරාධ මර්දනයට රජෙකු පත් කර ගැනීමේ පුවත අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් කෙටියෙන් පෙන්වා දෙන්න.

III. ‘තෘෂ්ණාව, අනුකරණය හා අලසකම සමාජ පරිණාමයට පාදක වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ’ යන කියමන සනාථ කරන්න.

04.

I. නිබ්බේදික සූත්‍රයේ දැක්වෙන පංචගතිය නම් කරන්න.

II. දස රාජ ධර්ම නම් කරන්න.

III. රාජ්‍යත්වයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය හා බ්‍රාහ්මණ මතය පැහැදිලි කරන්න.

05.

I. බ්‍රාහ්මණ සමාජයේ චතුර්වර්ණයට පැවරුණු කාර්ය නියමයන් නම් කරන්න.

II නියාම ධර්ම පහ නම් කරන්න.

III. කූටදන්ත සූත්‍රය නිර්දේශ කරන, වෙළෙඳාම හැර වෙනත් දැහැමි ජීවන වෘත්තීන් තුනක් නම්කොට, පඤ්චවිධ වෙළෙඳාමෙන් වෙන්වීම මූලික මානව හිමිකම් උල්ලංඝනය නොවන්නක් බවට හේතු තුනක් දක්වන්න.

06.

I. එක්වන අඹුසැමි යුවළේ ස්වභාවය අනුව විවාහක යුගල හතරක් බුදුදහමේ දැක්වේ. එම යුගල හතර නම් කරන්න.

II. භාර්යාවන් හත් දෙනා නම්කර යෝග්‍ය අයෝග්‍ය යන කාණ්ඩ දෙකට වෙන් කර දක්වන්න.

III. “නූතන ආර්ථක චින්තනය නිෂ්පාදනය, පරිභෝජනය, බෙදාහැරීම වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන ආකාරයෙන් බුදුදහම ඒ ගැන දේශනා නොකළත්, ඊට සාපේක්ෂ ආර්ථික චින්තනයක් ඉදිරිපත් කරයි.” බුදුසමය නිර්දේශ කරන ආර්ථික චින්තනයේ මූලික සංකල්ප තුනක් ඊට අදාළ නිදර්ශන තුනක් සමඟ දක්වන්න.

07.

I. යුද්ධයට පසුබිම වන මූලික චේතනා තුනක් නම් කරන්න.

II. ‘ජයං වෙරං පසවති’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

III. ජනගහන පාලනයෙහිලා නූතනයෙහි යම් ප්‍රවණතාවක් වී ඇති ගර්භනාසය හෙවත් ගබ්බාසව විෂයයෙහි බුදුසමයේ ආකල්පය දක්වා, එහි ලා ඉදිරිපත් කළ හැකි නිර්දේශ සාකච්ඡා කරන්න.

08.

I. තර්කයෙන් හෝ විද්‍යාවෙන් හසුකර ගත නොමැති දෙයක් ලෙස බුදු දහමේ දැක්වෙන්නේ කුමක්ද?

II. ‘විද්‍යාව සමඟ බුදුසමය බෙහෙවින් සමීප වන මූලික කරුණු හතරක් දක්වන්න.

III. බුදු සමයෙහි ඉගැන්වෙන සංසාර සංකල්පය ජීව - අජීව පරිසරය කෙරෙහි බලපාන අයුරු කෙටියෙන් පැහැදිලි කරන්න.


 

2016 (2017) බෞද්ධ සමාජ දර්ශනය - පිළිතුරු

01.

I. අ) රජ්ජ සූත්‍රයේ

ආ) චක්කවත්ති සීහනාද සූත්‍රය

සංඛ සක්විති රජ

II. අ) ධර්මාශෝක මහරජතුමා විසින්

ආ) අන්‍ය ආගම් පිළිබඳ සහනශීලී

ප්‍රතිපත්තිය

III. අ) චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිනායක රත්නයයි.

ආ) ගෘහස්ථ ජීවිතයේ අග්‍රඵලය - සක්විති රජ පදවිය වේ

ප්‍රව්‍රජිත ජීවිතයේ අග්‍රඵලය - සම්බුදු පදවිය වේ

IV. අ)ප්‍රාණ ඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම හා මත්පැනින් වැළකීම.

ආ) එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දෙසැම්බර් 10 වැනි දින

V. අ) භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා

ආ) බ්‍රාහ්මණොස්‍ය මුඛමාසීද්

බාහුරජන්‍යඞ කෘතඞ

ඌරු තදස්‍ය යද් වෛශ්‍යං

පද්හ්‍යාං ශුද්‍රෝ අජායත

VI. අ) නිතර රැස්වීම, සමඟියෙන් රැස්ව කටයුතු කොට සමඟියෙන් විසිර යෑම, නොපැන වූ දේ නොපනවා පැනවූ දේ පිළිපැදීම, වැඩිහිටියන්ගේ අදහස්වලට ගරු කිරීම, ස්ත්‍රීන්ට අයුතු බලපෑම් නොකිරීම, පුරාණ සිද්ධස්ථාන රැක ගැනීම, ආගන්තුකව පැමිණෙන ආගමික උතුමන් වෙන රැකවරණ හා පහසුකම් සැපයීම.

ආ) දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ

VII. අ) යෙ ගහට්ඨා පුඤ්ඤකරා

සීලවන්තා උපාසකා

ධම්මෙන දාරං පොසෙන්ති

තං (තෙ) නමස්සාමි මාතලී

ආ) ගෞරවාන්විතව ක්‍රියා කිරීමෙන්, අගෞරව නොකිරීමෙන්, දුසිරිතෙහි නොයෙදීමෙන්, ඉසුරු පවරා දීමෙන්, ආභරණ ආදිය ගෙන දීමෙන්.

VIII. අ) සතුන් හා මිනිසුන් වෙළෙඳාම (සත්තවණිජ්ජා)

අවි ආයුධ වෙළෙඳාම (සත්ණ වණිජ්ජා)

විස වෙළඳාම (විස වණිජ්ජා)

මස් වෙළෙඳාම (මාංස වණිජ්ජා)

මත් ද්‍රව්‍ය වෙළෙඳාම (මජ්ජ වණිජ්ජා)

ආ) තුලාකූට (තරාදි උපකරණ භාවිතයෙන් වැරැදි ලෙස වංචා කිරීම)

කංසකුට (ද්‍රව්‍ය බාල කර විකිණීම හෝ බාල ද්‍රව්‍ය උසස් කර විකිණීම)

මානකූට (මැනීමේ දී කරන වංචනික ක්‍රියා)

IX. අ) නාස්තිය, උදුම්බරබාදික

ආපරිහරණය - අජද්දුමාරික

ආ) ආහර හත්ථක

අලං සාටක

තත්‍රවට්ටක

කාකමාසක

භුත්තවමිතක

X. අ) න ජච්චා වසලො හොති

න ජච්චා හොති බ්‍රාහ්මණො

කම්මනා වසලො හොති

කම්මනා හොති බ්‍රාහ්මණො

ආ) තපෙන බ්‍රහ්මචරියෙන

සංයමෙන දමෙන ච

එතෙන බ්‍රාහ්මණො හොති

එතං බ්‍රාහ්මණමුත්තමං

II කොටස

02.

I. පවින් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම, ශිල්ප ඉගැන්වීම, යෝග්‍ය වයසේ දී අවාහ විවාහ කරදීම, සුදුසු කල දායාද පවරා දීම.

II. සිඟාලෝවාද සූත්‍රයේ දරුවන් විසින් මවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් වන ‘මාපියන් පෝෂණය කළ යුතු ය, ඔවුන්ගේ විවිධ කටයුතු කරදිය යුතු ය. පරම්පරාව රැකගත යුතු ය, උරුම වූ දේපළ ආදිය රැකගත යුතු ය. මියගිය පසු පින් දිය යුතු ය යන කරුණු වශයෙන් ඇතුළත් සැපයන් දැක්විය හැකි ය.

III.

1. බෞද්ධයෝ තම ආගම වෙනුවෙන් කිසි විටක යුද්ධ නොකිරීම.

2. මිථ්‍යාදෘෂ්ටි නැති කිරීම සඳහා අන්‍ය ලබ්ධිකයන්ට වධ බන්ධන කිරීම හෝ බලයෙන් තම ආගමට බඳවා ගැනීම හෝ කිසි විටක සිදු නොකිරීම.

3. නිතර අන් අදහස් ඉවසන සුලු වීම.

4. නියම බෞද්ධයාට සතුරන්ගේත් මිතුරන්ගේත් ජීවිත එකක් වීම.

5. සෑම දරුණු ක්‍රියාවකින්ම වැළකී සිටිය යුතු බව.

6. හොඳම පළිගැනීමේ මාර්ගය නම් කරුණාවන්ත සිතිවිලි ඇතිකර ගැනීම තුළින් බව ආදියයි.

03.

I. අග්ගඤ්ඤ සූත්‍රයේ චූලනිකා මජ්ක්‍ධිමකා මහා ලෝකධාතු අතර චූලනිකා ලෝකධාතුවේ සංවට්ටමාන විවට්ටමාන අවස්ථා අතුරින් පෘථිවිය විවට්ටමාන අවධියට පත්වූ පසු පෘථිවියට එන සත්ත්වයන්ගෙන් ලෝකය ජනාවාස වූ ආකාරය කෙටියෙන් දැක්විය හැකි ය.

II. සන්නිධිකාර පරිභෝජනයෙන් පසු තෘෂ්ණාධිකව කුඹුරු වෙන් කර ගැනීමෙන් පසුව සොරකම ඇතිවූ විට එම අපරාධ හා ඒ අනුව ඇතිවන අපරාධ මැඬීමට රජකු පත්කර ගැනීමේ පුවත් අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ.

III. තෘෂ්ණාව, අනුකරණය හා අලසකම සොරකම ආදිය ආරම්භ වී සමාජය දූෂණය වීමටත්, එම දූෂණ මැඬීමට රාජ්‍යත්වය ආදී පාලන ව්‍යුහයක් ඇතිවීමටත්, පරිසරය විනාස මුඛයට පත්වීමටත් එම කරුණු ම සමාජ පරිහානියටත්, පරිපාලන ව්‍යුහ ආදී සමාජ සංස්ථාවල ප්‍රභවයට ද මේ කරුණු හේතු වූ ආකාරය දැක්විය හැකි ය.

04.

I. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දේව

II. දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාව

III.

I. බ්‍රාහ්මණ මතයට අනුව රජ පදවිය පහළ වූයේ යුද්ධ කිරීමේ අවශ්‍යතාව සඳහා ය. බෞද්ධ මතයට අනුව අපරාධ මර්දනය, ජනතාව ආරක්ෂා කිරීම හා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජ පදවිය ඇතිවිය.

II. බ්‍රාහ්මණ මතයට අනුව රජුගේ පරම යුතුකම දික්විජයයි. බෞද්ධ මතයට අනුව රට සාමයෙන් පවත්වා ගෙන යෑම රජුගේ පරම යුතුකමයි.

III. බ්‍රාහ්මණ මතයට අනුව රජ පදවියේ පදනම වර්ණධර්මයි. එය ක්ෂත්‍රීය වර්ණයට නිශ්චිත වූ අයිතියකි.

බෞද්ධ මතයට අනුව ජන සම්මතයත්, ආර්ථික හා සාමාජික අවශ්‍යතාත් රජ පදවියේ පදනමයි.

IV. බ්‍රාහ්මණ මතයට අනුව රජ පදවිය දේව වරමකි.

බෞද්ධ මතයට අනුව රජ පදවිය ලැබෙන්නේ ජනතා සම්මතයෙනි.

05.

I. බ්‍රහ්මණ වර්ණය - ඉගෙනීම, ඉගැන්වීම, යාගහෝම කිරීම, දන්දීම හා දන් පිළිගැනීම.

ක්ෂත්‍රිය වර්ණය - ප්‍රජාරක්ෂණය, (රාජ්‍ය පාලනය) යාගහෝම පැවැත්වීම අධ්‍යයනය

වෛශ්‍ය වර්ණය - පශු පාලනය කෘෂිකර්මය වෙළෙඳාම මුදල් ණයට දීම, අධ්‍යයනය - යාග

ශුද්‍ර වර්ණය - සෙසු වර්ණ තුනට මෙහෙවර කිරීම.

II. බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය

III. දැහැමි ජීවන වෘත්තීන් ලෙස,

1. කෘෂිකර්මාන්තය (කසී)

2. පශු රක්ෂණය (ගොරක්ඛ)

3. කර්මාන්තවල යෙදීම (සිප්පඤ්ඤතර)

4. රාජ්‍ය සේවය (රාජපොරිස)

5. හමුදා සේවය (ඉස්සත්ථ) ආදියයි.

මානව හිමිකම් උල්ලංඝනය වීමක් නොවීමට,

1. පඤ්චවිධ වෙළඳාම් පහෙන් ම සිදුවන්නේ සාර්ථක ජීවිත ගත කරන්නට බලාපොරොත්තු වන පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම.

2. ජීව - අජීව පරිසරයට හානි වීම.

3. එම වෘත්තීන්හි නියුතු පුද්ගලයන්ගේ මනස පවා අධර්මයට හුරුපුරුදු වීම.

4. ඔවුන්ගේ මනස ආර්ය මාර්ගයට යොමු නොවීම ආදියයි.

06.

I. මළ මිනියක් මළ මිනියක් සමඟ විසීම, මළ මිනියක් දෙව්දුවක හා විසීම, දේවපුත්‍රයෙකු දෙව්දුවක හා විසීම, ප්‍රේතයකු සමඟ දෙව්දුවක් විසීම, දේවපුත්‍රයෙකු දෙව් දුවක හා විසීම, ප්‍රේතයකු සමඟ දෙව්දුවක් විසීම.

II. වධක සම, චෝරි සම යෝග්‍ය, අය්‍යඩසම, මාතු සම, භගිති සම, සබි සම, දාසි සම,

III. 1. ධනෝපාර්ජනය - ධනය ඉපයීම- දැහැමින් සෙමින්, දහඩිය මුගුරු වගුරවමින්, දෑතේ වෙර වීර්යයෙන් ධනය ඉපයිය යුතු බව.

2. ධන පරිභෝජනය - ධනය පරිභෝජනය කළ යුත්තේ, තමාටත්, අනුන්ටත්, ධනය බෙදාහදාගෙන, තමා සැපවත්වීම හා අනුන් ද සැපවත් කරවීම යන ක්‍රමයට වීම.

3. ධන සංරක්ෂණය - ධනය ආරක්ෂා කළ යුත්තේ භෝග අපාය මුඛවලින් වැළකී ක්‍රියා කිරීමෙනි.

4. ධන සංවිභජනය හෙවත් ධන කළමනාකරණය - ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් ආයෝජනයටත්, ඉතිරි කොටස ආපදාවකදී ගැනීමට තැන්පත් කිරීමටත් හැකි පරිදි කළමනාකරණය කළ යුතු වේ.

07.

I.තෘෂ්ණාව වෛරය හා පළිගැනීම.

II. ජයං වෙරං පසවති

ජිතො විත්තමනුසොවති

උපසන්තො සුඛං සෙත

හිත්වා ජය පරාජයං

III. ගර්භ පාතනය හෙවත් ගබ්සාව ප්‍රාණඝාත අකුසලයට අයත් වීම.

ප්‍රාණඝාත විරමණ ශික්ෂාව උල්ලංඝනය වීම. එබැවින් දහමේ මූලික ආචාර ධර්මවලට හා කර්ම සිද්ධාන්තයට එකඟ නොවීම.

උප්පත්ති නිවාරණ උපකරණ භාවිතය.

මෛථුන විරතිය - බෞද්ධ ශික්ෂණ ක්‍රමනයට අනුව උසස් ගුණයක් වීම.

කුසලාකුසල නිර්ණය සඳහා වූ බෞද්ධ නිර්ණායක අනුව ක්‍රියා කිරීම.

ජීවිතයෙකුගේ ප්‍රතිසන්ධියට අදාළ ක්‍රියා මාර්ග වැළැක්වීම උපත් පාලන ක්‍රම මඟින් සිදුකළ හැකිවීම, ආදී වශයෙනි.

08.

I. නිවන

II. අමූලික ශ්‍රද්ධාවෙන් පිළිනොගැනීම. යොනිසොමනසිකාරයෙන් බැලීම. දැක දැන තහවුරු කර ගැනීම. ප්‍රත්‍යක්ෂයෙන් විමර්ශනයෙන් දැක ගැනීම. පාරභෞතික සංකල්පවලින් බැහැරවීම. හේතුඵල සම්බන්ධය පිළිගැනීම. ආත්මය ලෙස දැක්විය හැකි පදාර්ථයක් නැතැයි පිළිගැනීම.

III. සෑම සංසාරික සත්ත්වයකුම සසර ගමන තුළ විවිධ සත්ව නිකායවල උපත ලැබීම.

දේව, මනුෂ්‍ය, නරක, තිරිසන් හා ප්‍රේත යන පඤ්ච ගතියෙන් උපත ලැබීම සියල්ලන්ට ම පොදු වන බැවින් සකල ජීව වර්ගයා විෂයෙහි අපගේ සම්බන්ධයක් පැවතීම.

වෘක්ෂලතාවන්හි පවා අල්පේශාක්‍ය දේවතාවන් (ආරාම දේවතා, වන දේවතා) කෙරෙහි ආකල්පය (මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරින්)

ගෘහ වස්තුවලට අධිගෘහිත දේවතාවන් (අධි වත්ථා දේවතා) වාස්තු දේවතා ආදීන් ගැන කෙටියෙන් දක්වා තිබීම.

භූතා වා සම්භවේසීවා - සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා ආදිය.

පරිසරය පිළිබඳ සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රයේ රමණීයං ආනන්ද වේසාලියං..... ආදිය ද,

ථෙර ගාථා, ථේරී ගාථා ආදියෙහි රහත් භික්ෂු භික්ෂුණීන් වහන්සේගේ පරිසර වර්ණනා ආදිය.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]