Print this Article


ගණේමුල්ල දම්තිළිණ විහාරයේ ඇසළ මහා පෙරහර

ගණේමුල්ල දම්තිළිණ විහාරයේ ඇසළ මහා පෙරහර

ගණේමුල්ල දකුණු ගලහිටියාව දම්තිළිණ විහාරාධිපති ගම්පහ මහ දිසාවේ අලුත්කුරු පරණකුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති තල්පිටියේ කෝලිතවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ දම්තිළිණ ශ්‍රී දළදා පූජෝපහාර ඇසළ මහ පෙරහර මේ මස 15 වැනි දා ගණේමුල්ල නගරයේ වීථි සංචාරය කිරීමට නියමිත ය.

ජූලි මස 10 වැනි දා දෙවැනි මල් පෙරහර සහ පස්වරු 06.30ට අනුශාසනාව ශාස්ත්‍රපති කල්පිටියේ චන්දරතන නාහිමි, 11 වැනිදා තෙවන මල් පෙරහර සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත වැලිඋල්ලේ දමිත හිමි, 12 වැනිදා සිව්වන මල් පෙරහර සහ අනුශාසනාව නැදගමුවේ විජයමෛත්‍රී අනු නා හිමියෝ, 13 වැනි දා පස්වන මල් පෙරහර සහ අනුශාසනාව ශාස්ත්‍රපති නාලන්දේ විමලසිරි නාහිමියෝ, 14 වැනිදා හයවන මල්පෙරහර සහ අනුශාසනාව මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියෝ පවත්වති. ජූලි මස 16 වන දින දිය කැපීමේ පින්කමින් පෙරහර පින්කමේ කටයුතු අවසන් වේ.