[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෝමාගම පිටිපන මංසන්ධියේ ඉදිකළ අවුකන පිළිමවහන්සේගේ අනුරුව
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

පොසොන් අව අටවක

ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.07 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.10 න් ගෙවේ.
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

සමස්ත සම්බුදු දහම සංයුක්ත වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල ජානුස්සෝණි හා පිලෝතික බමුණු දෙදෙනා අතර ඇතිවූ සංවාදය පසුව ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරදුන් සමීපයේ දී සැල කළ පසු අප බුදුරජාණන් වහන්සේ මෙම හත්ථිපදෝපම සූත්‍ර දේශනාව ගෙනහැර දක්වා වදාළ සේක. මෙම සූත්‍ර ධර්මයම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවේ දී දේවානම්පියතිස්ස මහරජතුමාට දේශනා කළ සේක. ඉතා බුද්ධිමත් පසුතලයකින් බිහිවූ මෙම දාර්ශනික සූත්‍ර දේශනාව ආරම්භ වූයේ පිලෝතික බමුණාගෙනි. මෙම බමුණා දිවා භාගයෙහි ජේතවනාරාමයේ දී බුදුරදුන් සම්මුඛව ආචාර සමාචාර පවත්වා පෙරළා එන ගමනේදී ජානුස්සෝණි බමුණා පෙරමඟ දී හමුවී අප බුදුරදුන් පිළිබඳ මහඟු ගුණාංග ඇත්පිය උපමාවකින් විස්තර කරන්නට විය. ඇතුන් වසන වනයක වසන දක්ෂ පුරුෂයෙක් ඇත් වනයට පිවිස මහත් අඩි සලකුණක් දැක මේ නම් මහා ඇතෙකු යැයි නිගමනය කරන්නේ ද, එසේම මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඤාණ පද හතරක් දැකීමෙන් භාග්‍යවතුන් වහන්සේ “සම්මා සම්බුද්ධ ය, එම ධර්මය ස්වාක්ඛාත ය, ශ්‍රාවක සංඝයා සුපටිපන්න යැයි මම නිගමනයට එළඹියෙමි'යි මෙසේ පිලෝතික බමුණා ජානුස්සෝණි බමුණාට ප්‍රකාශ කර එම ඤාණ පද හතර විස්තර කළහ. මෙසේ පිලෝතික බමුණාගෙන් අප බුදුරදුන්ගේ අසිරිමත් භාවය දැනගත් ජානුුස්සෝණි බමුණා රථයෙන් බැස බුදුරදුන් වැඩ සිටින දිසාවට වැඳ තෙරුවන්ට ම නමස්කාර කොට සැණෙකින් දෙව්රම් වෙහෙරට ගොස් වන්දනාමාන කර එකත්පස්ව හිඳ සිදුවූ සියල්ල සැළකර සිටියේ ය.

ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි. ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ. බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ. ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය. අත්‍යන්ත ගුණ සහිත පූජනීයත්වයට හෙවත් බුද්ධත්වයට පත් වූ නිසා සිදුහත් ගෞතමයන් වහන්සේ මානව ඉතිහාසයේ උත්තරීතරය බුදුරජාණන් වහන්සේ එසේ පහළවන්නේ හා බිහිවුණේ හදවත පුරා පැන නැඟුන පිවිතුරු, ලොව්තුරු මහා කරුණාව නිසාම බව හා මෛත්‍රී දයාපරවශ නිසා ම බව දස දහස්වර සපථ කරමින් ප්‍රබෝධාත්මකව ඒකාන්තයෙන් ම ප්‍රකාශ කළ හැකි ය.

 

සදහම් ආලෝකයෙන් සිරිලක ඒකාලෝක වූ දා

පොසොන් මාසය එකල ලක්දිව සැණකෙළි සමයක් විය. පොහෝ දිනය නැකැත් කෙළියේ උත්කර්ෂවත් දිනය විය. මෙදින දේවානම්පියතිස්ස රජතුමා හතළිස් දහසක් රජ සෙනඟ පිරිවරා ගෙන මිස්සක පර්වතය අසල මුව දඩයමෙහි යෙදුනේ ය. රජතුමා මුවකු ලුහුබැන්දේ, පිරිසගෙන් ඈත්ව වනයේ අතරමං විය. ගිමන් ඇරීම සඳහා පර්වතය පාමුල නතර විය. බලාපොරොත්තු නොවුණු මිහිරි හඬක් දෙසවන ඇමතුවේ ය. “තිස්සයෙනි, මෙහි එන්න” ඒ හඬ ආවේ පර්වතය මුදුනෙනි. කඳු මුදුන බැලූ රජතුමාට කසා වස්ත්‍රයෙන් සැරසී ගත් මිහිඳු තෙරණුවන් දකින්නට ලැබුණි. මොහු මනුෂ්‍යයෙක් ද? නැතිනම් දෙවියෙක් ද? රජුට සැක ඇති විය. මිහිඳු හිමියෝ, “අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. දඹදිව සිට ඔබට ම අනුකම්පාවෙන් ඔබගේ ම යහපත සලකා මෙහි පැමිණියෙමු යැයි” තම පිරිස හඳුන්වා දුන්හ. තෙරණුවන්ගේ ශාන්ත දර්ශනයෙන් මෙන් ම දඹදිවින් පැමිණි බව ඇසීමෙන් රජු සතුටු විය. දෙදෙනා සුහද සාකච්ඡාවකට යොමු විය. මේ සුහද සාකච්ඡාවේ දී රජතුමා බුද්ධ ධර්මය වටහා ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිය අයකු බව මිහිඳු මාහිමියන්ට වැටහිණි. සාමීචි කතාව අතරතුර රාජ භටයෝ ද එහි ළඟා වූහ. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේ රැස් වූ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. මිහිඳු තෙරණුවන් එදා දේශනා කළ සූත්‍ර දේශනාව අභිනවයෙන් බුදුදහම වැළඳ ගන්නා පිරිසක් සඳහා අතිශයින් ම උචිත වූවක් විය. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි නිදාන කතාව වනුයේ “ජානුස්සෝණි නම් ධනවත් තරුණයකු පිලෝතික නම් වූ දූතයකුගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසා ප්‍රසාදයට පත්වීමේ සිද්ධියයි. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවක් වන මෙයින් මුළු බුදුදහම සංක්ෂිප්තව දක්වා ඇත. තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා වාරිත්‍ර චාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබයි. ගිහි ගෙයින් නික්මී බඹසර විසීමට රුචි කරන්නේ ක්‍රමයෙන් ආර්ය වූ සීලයෙන් ද, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් ද, ආර්ය වූ මනා සිහියෙන් ද යුක්තව කෙලෙසුන් නසා සදාකාලික සැනසීමට යෝග්‍ය වූ ත්‍රිවිද්‍යා ප්‍රඥාව උපදවා ගනී. 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]