[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

 බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය සිදුවූයේ බක් අමාවක පෝදාක ය

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකාදීපයට වැඩමවීම් තුනක් ගැන මහාවංශයෙහි සඳහන් වෙයි. මහාවංශය යනු මුලදී සිංහලෙන් රචනා කර තිබී ධාතුසේන රජුගේ කාලයේ දී මහානාම හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයයි. රට ජාතිය හා සංස්කෘතිය පිළිබඳ ලියැවුණු මෙවැනි කෘතියක් ලොව වෙනත් කිසිදු රටකට නොමැත. ඉන්දියානු ඉතිහාසය ඌණ පූර්ණය කරගත්තේ ද මහාවංශය ඇසුරෙන් ය. මහානාම හිමියන් විසින් මහාවංශයේ මුල් කොටස රචනා කළ අතර, පසු කාලීනව දෙවැනි හා තුන්වැනි කොටස් රචනා කරනු ලැබ ඇත. එම කොටස් චූලවංශ නමින් හැඳින්වීම ද වරදකි. ඒවා නම් කළ යුත්තේ මහාවංශයේ දෙවැනි හා තුන්වැනි කාණ්ඩ වශයෙනි. මහා වංශයේ පළමු පරිච්ඡේදයේ බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිබඳ දෙතැනක කරුණු දැක්වේ. බෝධි මූලයෙහි වැඩ සිටිමින් සිය අනාගත මෙහෙයුම් සිහිපත් කළ අවස්ථාවෙහි බුදු වී නවවැනි මස දුරුතු පුර පසළොස්වක දා මහියංගණයට ද, බුදුවී පස් වසකින් බක් පුර පසළොස්වක් දා නාගදීපයට ද බුදු වී වසර 8කින් වෙසක් පුර පසළොස්වක දා කැලණියට ද වැඩම කළ බව එහි සඳහන්ව ඇත.


වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]