ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් පුර අටවක පෝදා 2023 පෙබරවාරි 27 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
දොඩංදූව ශෛලබ්ම්බාරාම විහාරයේ සෑ රදුන් වහන්සේ සේයාරුව - නිශ්ශංක විජේරත්න
පෙබරවාරි 27 සඳුදා පූ.භා. 01.04 න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූ.භා. 02.25 න් ගෙවේ. 27 සඳුදා සිල්
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
අව අටවක
මාර්තු 15
අමාවක
මාර්තු 21
විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක් ලෙස සතුරන් සහ බාධක ජය ගැනීමට ආශීර්වාද කිරීම දැක්වේ. සතුරන් බියට පත් කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජය ගනු වස් විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදු වෙයි. විහාරස්ථාන ආශි‍්‍රතව ප්‍රකට හා අප්‍රකට මෙන්ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්ථානය යි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත් විය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහරක් පවත්වා පූජෝපහාර දක්වනු ලැබේ. සුප්‍රකට රාම - රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ටිය ලොවට විදහා පෑවේ ය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් ජය ගත් රාම කුමරුගේ ආශීර්වාදයෙන් විභීෂණ කුමරු ලක්දිව අගරජ ලෙස අභිෂේක කරවනු ලැබිණි. ඉන්පසු විභීෂණ රජ කැලණි පුරය අගනුවර කොට දැහැමෙන් රාජ්‍යය විචාළේ ය.
දානය කියන වචනයේ ඇති වටිනාකම බුදු කෙනෙකුටම හැර සාමාන්‍ය කෙනකුට පැහැදිලි කිරීමට අපහසු ය. පුහුදුන් සත්වයාට ඇති දැනුම් මට්ටම අනුව එම වචනය විග්‍රහ කර දීමට අපහසු ය. එය බුදු ඇසකට ම මිස සාමාන්‍ය ඇසකට නොපෙනේ. මසැසින් දැකිය නොහැකි දානානිසංසය තියුණු මනසින් ම දැකිය යුතු ය. දානය හා එහි අනුසස් බුදුරදුන් මනාව දේශනා කළහ. දානය යනු උතුම් ක්‍රියාදාමයකි. එය නිවැරැදි ලෙස සිදු කිරීම තුළින් නිර්වාණය දක්වා ම ගමන් කළ හැකි ය. එසේ වුව ද අද සමාජය තුළ සිදු වන දානමය ක්‍රියා තුළින් නිර්වාණය තබා ලෞකික සැපතවත් ලබා ගැනීම අවිශ්වාස සහගත ය. එයට හේතුව බොහෝදෙනෙක් අද දන්දීම සිදු කරන්නේ තව කෙනෙක් කියනවාට, තව කෙනෙක් කරනවාට, මිය ගිය අය කෙරෙහි බිය නිසා. සමාජයෙන් එන අපවාදවලින් ගැලවීමට, ආදී පටු පරමාර්ථ අරමුණු කොටගෙන වීමයි. අපට අතින් අත යමක් අනුනට දීම එතරම් අපහසු නැත. එය සාමාන්‍ය දෙයකි. එහෙත් මනසින් චිත්ත තරංග යොමු කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වුව ද ඒ සඳහා මනස යොමුකොට පිරිසුදු සිතින් දන් දීම එහි ඇති වටිනාම ක්‍රියාදාමයයි. මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා, ධම්ම පදයෙහි යමක වග්ගය තුළ සඳහන් මුල්ම ගාථා යුගලය තුළින් සඳහන් වන්නේ සෑම ක්‍රියාදාමයකට ම මනස සම්බන්ධ වන බවයි. එබැවින් අපට මනස අමතක කොට ශරීරයෙහි ක්‍රියාදාමයක් ලෙස සිතා දන්දීම සිදුකළ නොහැක. මනසින් තොර කිසි දෙයක් කළ නොහැකි ය. “චිත්තේ නීයතී ලෝකෝ” යනුවෙන් සිත මත මුළු ලෝකයම පවතින බව දේශනා කොට ඇත. ඒ අනුව “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” චේතනාව ම කර්මය වේ යනුවෙන් ඒ බව වඩාත් පැහැදිලි කොට ඇත.
පෙර දවස බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු ආශි‍්‍රතව පන්සියයක් මානවකයෝ ත්‍රිවේදය හදාරති. ඔවුහු අතිදක්ෂ ය. ශිල්ප දරා ගනිමින් උගනිති. ඇදුරාණෝ ද ආචාර්ය මුෂ්ටියක් නොකොට ම කළෙයෙහි ඉතිරි ජලය වගුරන්නාක් මෙන් උගන්වීය. අවසනායේ ඒ මානවකයන්ට මෙසේ කීහ. දිට්ඨ ධම්ම පරම්පරාය වූ මේ ශාස්ත්‍රය මෙ පමණකි. එවිට ඒ මානවකයෝ ඇදුරාණෝ යමක් දනිත් ද, අපිදු එය දැනුම්හ. අපිත් දැන් ආචාර්යයෝ ම යැයි මාන්නය උපද්දවා ගත්හ. එතැන් පටන් ආචාර්යවරයාට ගෞරව රහිත වූහ. වතාවත්වලින් ද වැළකී විසූහ. ආචාර්යතුමාට ඒ බැව් දැනුණි. මොවුන්ගේ මාන්නය බිඳින්නෙමි යැයි සිතුවේ ය. දිනක් ඔවුන් රැස් කරවා පැනයක් විමසී ය. “දරුවනි, කාලය (පෙරබත් පසුබත්) සියලුම සත්ත්වයන් සමඟින් තමා ද කා දමයි. මත්තෙහි (ප්‍රතිසන්ධිය) ක්ෂය කළා වූ යම් ක්ෂණාශ්‍රවයකු වේ ද, ඒ ක්ෂීණාශ්‍රව තෙමේ සත්ත්වයන් සතර අපායට පත්කරන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද එය ඥාන නමැති ගින්නෙන් දවාලී ය.” දරුවනි, ඔබ මේ ප්‍රශ්නය විසඳවයි කීහ. ඔවුහු මෙය නොදන්නේ තුෂ්ණීම්භූත වූහ. මෙය තේරුම් ගත් ඇදුරුතුමා “දරුවනි, කම් නැත, අද යන්න. හෙට කියන්න ය’යි ඔවුන් පිටත්කර හැරීය. එසේ ගිය ඔවුන් දස දෙනා, විසි දෙනා සේ රැස්ව සාකච්ඡා කරන්නේ, ප්‍රශ්නයේ මුල ද නොතේරේ. ප්‍රශ්නයේ අග ද නොතේරේ.
කරන පවු හෙළිවනවාට කිසිවෙක් අකැමැති ය. පවුකම් කොට ඒවා සැඟවීමේ ස්වභාවය මායා නම් වේ. වත්මන් සමාජයේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිතවලට බොහෝ දුක් ගෙන දෙන ක්ලේෂයක් ලෙස මායාව හඳුන්වාදිය හැකි ය. තමන් තුළ නැති ගුණ ඇතැයි සිතමින්, කියමින්, මවා පෙන්වමින් සිත අපිරිසුදු කර ගැනීම මානයෙන් පෙළෙන පුද්ගලයාගේ සිරිතයි. මෙය කවුරුන් විසින් හෝ අප වෙත ලබා දෙන අවගුණයන් නොව අවිද්‍යාව නිසා අප විසින් ම අප තුළ ගොඩනඟා ගන්නා අකුසල ධර්මයෙකි. රාත්‍රී කාලයේ දී ගෙයක් බිඳ දේපළ පැහැර ගන්නා සොර දෙටුවා ම සොරා සොයා ගැනීමට පොලිසියට උදවු කළ අවස්ථා ගැන අප මාධ්‍ය තුළින් කොතෙකුත් අසා ඇත්තෙමු. මනුෂ්‍ය ඝාතකයන් ද ඇතැම් විටෙක අපරාධය හෙළිදරව් වන තුරුම සුදනන් සේ ජීවත් වෙති. එහෙත් තමන් විසින් කරන ලද පවුකම් වසන් කරමින් ඔවුනට කොපමණ කලක් ජීවත් විය හැකි දැයි විමසා බලනවිට ඒ කාල සීමාව ඉතාම කෙටි බව ඔබත් අත් විඳ ඇතැයි සිතමි. සමාජයෙන් මොන තරම් කෙටිකාලීන පැසසුම් ලද්දේ ද මායාව නමැති ක්ලේෂයෙන් යම් අපරාධයක් කළ මොහොතේ පටන් ඔහුට ගැලවීමක් නැත්තේ ම ය.
මැදින් පුර අටවක පෝය දින
බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක්
ඉතිරිය»
ඉවසන හැටි ඉගෙන ගන්න රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය කියවන්න
උතුම් සිල්පද රකිමු අදිටනින් නිරතුරු
අත්හැරීමේ චේතනාවෙන්ම දන් දෙන්න
අම්මට තාත්තට ණය නොවීමට නම් ...
කැලිෆෝනියා වෙස්ට් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබූ බහුශ්‍රැත පඬිරුවන
පහන් සිතක කවි
ස්වර්ණ වර්ණයෙන් සැරසෙන ෙඑතිහාසික කන්දේ විහාරය
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]