ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් පුර අටවක පෝදා 2023 පෙබරවාරි 27 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක් ලෙස සතුරන් සහ බාධක ජය ගැනීමට ආශීර්වාද කිරීම දැක්වේ. සතුරන් බියට පත් කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජය ගනු වස් විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදු වෙයි. විහාරස්ථාන ආශි‍්‍රතව ප්‍රකට හා අප්‍රකට මෙන්ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්ථානය යි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත් විය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහරක් පවත්වා පූජෝපහාර දක්වනු ලැබේ. සුප්‍රකට රාම - රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ටිය ලොවට විදහා පෑවේ ය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් ජය ගත් රාම කුමරුගේ ආශීර්වාදයෙන් විභීෂණ කුමරු ලක්දිව අගරජ ලෙස අභිෂේක කරවනු ලැබිණි. ඉන්පසු විභීෂණ රජ කැලණි පුරය අගනුවර කොට දැහැමෙන් රාජ්‍යය විචාළේ ය. සිරිලක අගරජ ලෙස ද ධාර්මිකව ජන සෙත සැලසූ එතුමෝ කීර්තිභාවශේෂෝපගත වීමෙන් පසු ලක්දිව පමණක් නොව දඹදිව ද දේවත්වයෙන් පුදනු ලැබූහ. එවක් පටන් අද දක්වා කැලණිය කේන්ද්‍රකොටගෙන විභීෂණ දෙවියන් පිදීම සිදු කරනු ලබයි.
පෙබරවාරි 27 සඳුදා පූ.භා. 01.04 න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූ.භා. 02.25 න් ගෙවේ. 27 සඳුදා සිල්
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
අව අටවක
මාර්තු 15
අමාවක
මාර්තු 21
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]