ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් පුර අටවක පෝදා 2023 පෙබරවාරි 27 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
දානය කියන වචනයේ ඇති වටිනාකම බුදු කෙනෙකුටම හැර සාමාන්‍ය කෙනකුට පැහැදිලි කිරීමට අපහසු ය. පුහුදුන් සත්වයාට ඇති දැනුම් මට්ටම අනුව එම වචනය විග්‍රහ කර දීමට අපහසු ය. එය බුදු ඇසකට ම මිස සාමාන්‍ය ඇසකට නොපෙනේ. මසැසින් දැකිය නොහැකි දානානිසංසය තියුණු මනසින් ම දැකිය යුතු ය. දානය හා එහි අනුසස් බුදුරදුන් මනාව දේශනා කළහ. දානය යනු උතුම් ක්‍රියාදාමයකි. එය නිවැරැදි ලෙස සිදු කිරීම තුළින් නිර්වාණය දක්වා ම ගමන් කළ හැකි ය. එසේ වුව ද අද සමාජය තුළ සිදු වන දානමය ක්‍රියා තුළින් නිර්වාණය තබා ලෞකික සැපතවත් ලබා ගැනීම අවිශ්වාස සහගත ය. එයට හේතුව බොහෝදෙනෙක් අද දන්දීම සිදු කරන්නේ තව කෙනෙක් කියනවාට, තව කෙනෙක් කරනවාට, මිය ගිය අය කෙරෙහි බිය නිසා. සමාජයෙන් එන අපවාදවලින් ගැලවීමට, ආදී පටු පරමාර්ථ අරමුණු කොටගෙන වීමයි. අපට අතින් අත යමක් අනුනට දීම එතරම් අපහසු නැත. එය සාමාන්‍ය දෙයකි. එහෙත් මනසින් චිත්ත තරංග යොමු කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වුව ද ඒ සඳහා මනස යොමුකොට පිරිසුදු සිතින් දන් දීම එහි ඇති වටිනාම ක්‍රියාදාමයයි. මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා, ධම්ම පදයෙහි යමක වග්ගය තුළ සඳහන් මුල්ම ගාථා යුගලය තුළින් සඳහන් වන්නේ සෑම ක්‍රියාදාමයකට ම මනස සම්බන්ධ වන බවයි. එබැවින් අපට මනස අමතක කොට ශරීරයෙහි ක්‍රියාදාමයක් ලෙස සිතා දන්දීම සිදුකළ නොහැක. මනසින් තොර කිසි දෙයක් කළ නොහැකි ය. “චිත්තේ නීයතී ලෝකෝ” යනුවෙන් සිත මත මුළු ලෝකයම පවතින බව දේශනා කොට ඇත. ඒ අනුව “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” චේතනාව ම කර්මය වේ යනුවෙන් ඒ බව වඩාත් පැහැදිලි කොට ඇත. එසේ නම් දානයක් දීමේ දී එහි නියම ප්‍රතිඵලය ලබා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? අප කළ යුත්තේ මනස පිරිසුදු කොටගෙන, තුන් සිත පහදවාගෙන දානමය ක්‍රියාවලියට සම්බන්ධ වීම ය. එහිදී අප ඉස්මතු කර ගත යුතු හා යටපත් කර ගත යුතු සිතිවිලි සමුදායක් ද ඇත.
පෙබරවාරි 27 සඳුදා පූ.භා. 01.04 න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූ.භා. 02.25 න් ගෙවේ. 27 සඳුදා සිල්
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
අව අටවක
මාර්තු 15
අමාවක
මාර්තු 21
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]