[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අනුරාධපුර ථූපාරාම සෑරදුන් වහන්සේ

සේයාරුව නිශ්ශංක විජේරත්න

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

උසස් ප්‍රතිපදාවක මාහැඟි සංකේතය පාත්‍රයේ පුරාණය

ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යාම මඟින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, ස්වල්ප කටයුතු ඇත්තකු වීම, සැහැල්ලු පැවතුම් ඇතිවීම, සන්සුන් ඉඳුරන් ඇතිවීම, කුලයන් කෙරෙහි නො ඇලීම ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වේ. පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයටත් පෙර පාත්‍රය ගැන සඳහන් වන නිසා පාත්‍රය යන වචනය හුදු සාසනික ව්‍යවහාරයක්ම නොවේ. දඹදිව් වැසියා පාත්‍රය යන වචනය භාවිත කොට ඇත්තේ ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ලද භාජනයකට ය. අද භික්ෂූන් වහන්සේ දානය වළඳන භාජනයට පාත්‍රය යැයි කියනු ලැබේ. අද ගිහි ජනතාව ආහාර ගන්නා භාජනයට පාත්‍රය යන නම ව්‍යවහාර නොකරයි. එහෙත් අතීතයේ දී පැවිදි නො පැවිදි භේදයක් නොමැතිව ආහාර අනුභවය සඳහා යොදාගන්නා භාජනය පාත්‍රය යන නාමයෙන් හැඳින්වීය. සිඟමන සඳහා ද පාත්‍රය පාවිච්චි කළ බව පෙනේ. “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා වැටුණා වාගේ” යන කියමන් තුළින් එය තහවුරු වේ. පැවිදි බව ලැබීම සඳහා මූලික අවශ්‍ය භාණ්ඩ අතර පාත්‍රය සහ සිවුරු ප්‍රධාන වේ. ඒවා නොමැතිව පැවිද්ද ලබා ගත නොහැකි ය. සිදුහත් බෝසතාණන් වහන්සේට පැවිදි වීමේ දී ඝටීකාර බ්‍රහ්මයා පාත්‍රය, සිවුරු පූජා කළ බව සඳහන් වේ. පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයට පිවිස සතියක් පමණ එහි වැඩ සිට පැවිද්දෙන් අටවැනි දින රජගහ නුවර පිඬු සිඟා වැඩිය බව සඳහන් වේ. මේ අනුව පැවිද්දේ ප්‍රධානම අංගය වනුයේ පිඬුසිඟා යැපෙන ආහාරයෙන් හෙවත් පිණ්ඩපාත දානයෙන් පෝෂණය වීමයි. “පිණ්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා” යැයි දක්වා ඇති පරිදි පැවිද්ද පිණ්ඩපාත භෝජනය නිසා පවතින දෙයකි. පිඬුසිඟා යාම භික්ෂු ආජීවය පාරිශුද්ධියට පත් කරන්නකි. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වැළඳූහ. අදත් එම චාරිත්‍රය අනුගමනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙන් ම යැපෙති.

ජීවිතය උදාරත්වයට පත්වන්නේ ගුණදම් පුරුදු පුහුණු කළ තරමට ය

ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, දේවේෂය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, කාමආශා ආදී දුර්විපාකයන්ට ගොදුරු වූ මනුෂ්‍යයාගේ සිතේ සමබරතාව නැති වී යයි. එයින් සිදුවන්නේ තමන්ට උරුම වූ ශිෂ්ට බව අහිමි වී තිරිසන් සත්වයකුගේ තත්ත්වයට පත්වීමයි. හොඳ නරක, කළයුතු නොකළ යුතු දෙය තෝරා බේරා ගන්නට. දියුණුකර ගත හැකි මනසක් අපට තිබේ. තමන් ආඩම්බර විය යුතු වන්නේ, ලජ්ජා විය යුතු වන්නේ කවර දේ පිළිබඳව ද යන්න තමන්ට ම වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකියි. මනුෂ්‍යයා තිරිසන් සත්වයාගෙන් වෙන්කොට හඳුනාගත හැක්කේ එසේ තේරුම්ගෙන ජීවිතයට සමීප කර ගන්නා උතුම් ගුණ ධර්ම නිසා ය. සිත දියුණු කිරීමට මනුෂ්‍යයා සමත්විය යුතු ය. එවිට හොඳ නරක, හරි - වැරැදි, යහපත - අයහපත, සභ්‍ය - අසභ්‍ය ආදී දේ වෙන් වෙන් වශයෙන් නිවැරදිව හඳුනා ගැනීමේ ශක්තිය ලැබේ. ඈත අතීතයේ සිට මිනිසාගේ ශිෂ්ට බව රැකුණේ හිරි - ඔතප් නම් වූ ගුණ ධර්ම හේතුකොටගෙන ය. “හිරි” යනු වැරැදි දෙයක් කිරීමට ඇති ලජ්ජාවයි වැරැදි දෙයක් කිරීමට ඇති බිය “ඔත්තප්ප" වේ සියලු මිනිස් හැසිරීම් පාලනය වන්නේ මේ ගුණාංග දෙක මඟිනි. ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව, දේවේෂය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, කාමආශා ආදී දුර්විපාකයන්ට ගොදුරු වූ මනුෂ්‍යයාගේ සිතේ සමබරතාව නැති වී යයි. එයින් සිදුවන්නේ තමන්ට උරුම වූ ශිෂ්ට බව අහිමි වී තිරිසන් සත්වයකුගේ තත්ත්වයට පත්වීමයි. තිරිසන් සත්වයා ක්‍රියා කරන්නේ සදාචාරාත්මක ගුණධර්ම මඟින් නොවේ. ඔවුන් තුළ වන නොකැඩී පැවතීමට ඉවහල් වන සහජ ඉවෙන් ය. මිනිසුන් තුළ ඇති ගතිගුණ විටෙක තිරිසන් සතුන් අතර පවා නොවන තරමට කනගාටුදායක වන්නේ ය. එවැනි හැසිරීම් රටා ඇති කර ගැනීම මනුෂ්‍යත්වයට නොගැළපෙන, අතර එයට කිසිදු අනුබලයක් නොදිය යුතු ය. ගෞරවයට සුදුසු වන්නේ හිරි ඔතප් ඇති, කරුණාවන්ත, අන් අයට දයාවෙන් යුතු, අන් අයට හිරිහැර කිරීමට කැමැති නැති, නිරතුරුවම අන් අයට උපකාරවීමට කැමැති අයම පමණි.

 

සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වූ මහා යතිවරයාණෝ බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමිපාණන් වහන්සේ අපවත් වී මෙම 03 වැනිදාට වසර 5ක් සම්පූර්ණ විය. මේ ලිපිය උන්වහන්සේට ගෞරවය පිණිසය.

1942 අප්‍රේල් මස 14 දින ජන්ම ලාභය ලද මෙම පින්වත් කුලකුමරුවාණන්ගේ ගිහිකල නම වූයේ ඕමන්තගේ ගිල්බට් පෙරේරා ය. නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුලකුමරුවා වයස අවු. 13 දී එනම් 1956 පෙබරවාරි 28 වැනි දින බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘ ලෙස සැලකෙන බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ. 1967 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් 1972 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ගත් අතර, 1980 දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගන්නට සමත්වූහ. පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සිය ගුරු ජීවිතය ඇරඹූ උන්වහන්සේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දැරූ පරිවේණාධිපති තනතුරෙන් ඉවත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පූර්ණ කාලීනව සිය සේවාව ලබාදෙන ලද්දේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් දහස් ගණනකට දැනුම පෝෂණය ලබාදීමේ අරමුණිනි.

නවම් අව අටවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]